SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනුර විදානගමගේ (කජ්ජා) නැමැත්තා 2012 වසරේදී ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක

වසීම් තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ බවට පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ, කජ්ජාගේ පුත්‍රයා විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ විරෝධාකල්ප සටහනක් පළ කර තිබේ.

 

 

මෙම සටහන මගින් ඔහු පොලිසියේ ප්‍රකාශය අසත්‍ය තොරතුරක් බව පවසමින් එය නිවැරදි කිරීමට උත්සාහ කරයි. විශේෂයෙන්ම, තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බවට කජ්ජාගේ හිටපු බිරිඳ විසින් ලබා දුන් බව කියන සාක්ෂි ප්‍රතික්ෂේප කරන ඔහු, තම පියාගේ සහ සිය සහෝදරයා හා සහෝදරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කරන්නේ තම මව සහ ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායක ය.

 

තවද, මෙම අනියම් පෙම්වතා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බව කියන "බෑකෝ සමන්ගේ" ප්‍රධාන සාමාජිකයෙක් බවත්, තම මව සහ අනියම් පෙම්වතා තාජුඩීන් ඝාතනයේ ප්‍රධාන සැකකරු වන බෑකෝ සමන් සමඟ ඩුබායිහි සිටි බවට පැහැදිලි සාක්ෂි ඇති බවත් පුත්‍රයා සිය සටහන මගින් අවධාරණය කරයි. ඔහු ඉල්ලා සිටින්නේ තම පියාගේ සහෝදර සහෝදරියන්ගෙන් සාක්ෂි සටහන් කර නොගැනීම පිළිබඳවයි.

 

 

(උපුටාගැනීම ඉඳුවර විදානගමගේ ගේ ෆේස්බුක් පිටුවෙනි)

අනුර විදාන ගමගේ නොහොත් කජ්ජා තජුදින් ගාතනයට සම්බන්ද බව පැවතී යන අසත්‍ය තොරතුර නිවැරදී කිරීම

 

2012 වර්ශයේදී මැයි 17 වන දින ගාතනයට ලක් ඌ රගර් ක්‍රීඩක තාජුදීන් මහතාගේ ගාතනයට මෙම වසරේ පෙබරවාරී 19 වන දින ගාතනයට ලක් ඌ අනුර ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජා ද මෙම ගාතනයට සම්බන්ද බව ඊයේ දිනයේදී පොලිස් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

 

පොලිසිය පවසන ආකරයට වසීම් තජුදින් පපුපස හබා යන මොටර් රථයේ පසු පස හබා යන මොටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරූණ ප්‍රියන්ත බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇති බවට පොලිසිය විසින් නිවේදනය කර ඇත.

 

තවද පොලිසිය පවසන ආකාරයට අංග ලක්ශන මගින් එම CCTV වල සිටින පුද්ගලයා බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇත.

 

ඇයි පොලිසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජගේ සහෝදර සහෝදිරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්නවා එම දර්ශයේ සිටින්නෙ තමන්ගේ සහොදරයාද සිටින්නෙ බවට අසන්නේ නැත්තේ ඇයි?

 

 

තමන්ගේ දරූ තිදෙනා හා තමාගේ සැමියා හැර දමා වෙනස් පුද්ගලයෙකූ සමග ගිය ගැහැනියගෙන් පමණක් ප්‍රකාශ ලබා ගන්නෙ ඇයි?

 

 

අරූණ ප්‍රියන්ත පුද්ගලයා 2012 වර්ශයේදී මර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත මාර්ගයේ රැකියාව කර වග ඔහූගේ සමිපතයන් දන්නා කරනවාක් එහෙම තාත්ත්වයක් තිබියේදි ඇයි ඔහූගේ සහෝදර සහෝදිරියන්ගෙන් සක්ශී සටහන් කරගන්නෙ නැත්තේ ඇයි?

 

තවද අරුණ ප්‍රියන්ත එම CCTV දර්ශන වල සිටින බවට හදුනා ගෙන ඇත්තේ අංග ලක්ශ මගිනී ඔහූ ඉනට තමා සිටින බව මගින් ඒ සිටින්නෙ ඔහු බවට සිතීම විහිලුවට කාරනයකී ...

 

තවද අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා සහා දරූ දෙදනා ගතනය සදහා ඔහූ හා ඔහූගේ දරූ තිතෙනා හැර ගිය බිරිද සහා ඔහේ අනියම් පෙම්වතාද මෙම ගාතනයට සම්බන්ද බවට සැකයක් අරුණ ප්‍රියන්ත නැමැතී පුද්ගලයාගේ සහෝදර සහෝදරියන්ට ඇත...

 

එයට හේතුව වී ඇත්තේ අරුන ප්‍රියන්ත හා දරූ තිදේනා හැර දමා ගොස් සිටි බිරිද හා ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රාමණායක නැමැති පුද්ගලයා ඉන්දුනීසියාදී අත්තඩංගුවට ගන්නා ලද බෑකෝ සමන්ගේ ප්‍රදාන සමාජිකයෙක් බවටද සාක්ශී ඇත.

 

තවද අරුන ප්‍රියන්ත හා දරූ තිදෙනා හැර දමා ගොස් අනියන් පෙමසමග ඩුබායි රජයට ගොස් අරුන ප්‍රියන්ත ගාතනයට ප්‍රදාන සැක කරුවන බෑකෝ සමන් සමග සිටිය බවට පැහැදිලී සාක්ශිද ඇත.

 

එම නිසා මාගේ පියාගේ ගතනයට සහා මාගේ සහොදරයා හා සහෝදරියගේ ගාතනයට මගේ මව වන අමීශා බෙත්මී ඇයගේ අනියම් පෙම වන සම්පත් රාමණායක වන පුද්ගලයා සම්බන්ද බවට පැහැදිලී සාක්ශී ඇත.

(උපුටාගැනීම අවසන්)

 

 

මෙම සිදුවීම, ඝාතන සිද්ධීන් දෙකක් (වසීම් තාජුඩීන් ඝාතනය සහ අනුර විදානගමගේ/ඔහුගේ දරුවන්ගේ ඝාතනය) වටා ගෙතුණු පවුල් ආරවුලක් සහ බරපතල චෝදනා මාලාවක් පෙන්නුම් කරයි.

 

  1. ප්‍රධාන චෝදනාව: පොලිසිය විසින් අනුර විදානගමගේ (කජ්ජා), රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ බවට නිවේදනය කිරීම, සහ ඊට කජ්ජාගේ හිටපු බිරිඳ සාක්ෂි ලබා දීම.
  2. පුත්‍රයාගේ ප්‍රතිචාරය සහ ප්‍රතිවිරුද්ධ චෝදනා: කජ්ජාගේ පුත්‍රයා පොලිස් ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්, තම පියාගේ සහ සහෝදර සහෝදරියන්ගේ ඝාතනවලට වගකිව යුත්තේ තම මව (අමීශා බෙත්මී) සහ ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායක බවට පැහැදිලි සාක්ෂි ඇති බව ප්‍රකාශ කරයි.
  3. සම්බන්ධතා පිළිබඳ සැක: පුත්‍රයා චෝදනා කරන්නේ සම්පත් රමණායක, "බෑකෝ සමන්" නැමැත්තාගේ ප්‍රධාන සමාජිකයෙක් බවත්, තම මව සහ පෙම්වතා ඝාතන සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයන් සමඟ විදේශයක සිටි බවත්ය.

 

මෙම සිදුවීම, පොලිස් පරීක්ෂණයක් හා පුද්ගලික චෝදනා අතර ගැටුමක් පෙන්වන අතර, ඝාතන දෙකම සම්බන්ධයෙන් වූ සැකකරුවන්ගේ අනියම් සම්බන්ධතා පිළිබඳව බරපතල ලෙස ප්‍රශ්න කරන පවුල් සාමාජිකයෙකුගේ විරෝධය ඉස්මතු කරයි. මෙම චෝදනා සත්‍ය බවට තහවුරු වීමට නම්, පුළුල් හා ස්වාධීන නීතිමය පරීක්ෂණයක් අවශ්‍ය වේ.

 

මාධ්‍යවේදී බිඟුන් මේනක ගේ සටහන මගින් කියා ඇත්තේද එවැන්නකි.

 556343565 10239117342533625 2253006035391337305 n

 
වල දැමීම මෙන්ම ගොඩදැමීමත් දැන් දේශපාලනයේම කොටසකි.
ගොඩ දාන විට දේශපාලන අධිෂ්ඨානයෙන් ගොඩයෑමට ද මිනී පාවිච්චි වේ.
ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ සීසීටීවී දර්ශනයක් හඳුනාගැනීමක් ගැනය.
 
ඊට අනුව තාජුඩීන් පසුපසින් ආ රථයකට ගොඩවන තැනැත්තා ඝාතනය ලක් වූ අරුණ විදානගමගේ බවට ඔහුගේ බිරිඳ හඳුනාගත් බවය ඔහු කීවේ.
ඒ හැර තාජුඩීන් ඝාතනයට අරුණ විදානගමගේ නමැත්තා පැමිණි බවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ නැත.
 
අපරාධ විමර්ශනයේ නැති කරුණු ඉස්මතු කිරීමෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ කුමක්ද?

(Bingun Menaka Gamage) ෆේස්බුක් පිටුවෙන්.

නවතම ලිපි