“ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් උදෙසා අවශ්‍ය කරන නීති හා ප්‍රතිපත්ති
පාර්ලිමේන්තුවේදී සම්පාදනය කරනවා” යැයි කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනී සරෝජා පෝල්රාජ් පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) පැවසීය.
“ශිෂ්ට සම්පන්න දේශපාලනයක් අපි බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවේදී නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. අද වනවිට මේ පාර්ලිමේන්තුව තුළ ඒ අභිලාෂයන් ඉටුකරනවා වෙනුවට අවම සම්ප්‍රදායන් හෝ රකිනවා වෙනුවට සිදුවන්නේ කුමක්ද? අපි මේ මූල්‍ය කළමනාකරණය ගැන කතා කරනවා. ප්‍රතිපත්ති හා නීති සම්පාදනය අපි ආවා. නමුත් මේ කාන්තා නියෝජනය ලෙස ආව අපි 20 දෙනා රට වෙනුවෙන් සේවය කරනවා. ජනතාවගේ ඡන්දයෙන් අපි ආවා. ඒ නිසා අපි ජනතාව වෙනුවෙන් කතා කරනවා.
දේශපාලනය තුළ ගැහැණු පිරිමි කියා වෙනසක් නැහැ. තාන්තාවන් වුණත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න අපිත් ලෑස්තියි. අපි ඌරන් සමඟ මඩට බහින්න ලෑස්ති නැහැ.
අපි අපේ ප්‍රතිපත්ති මේ රටට, සංස්කෘතියට, අධ්‍යාපනයට හඳුන්වා දෙනවා. අපි ඒ අභියෝගය භාර ගන්නවා. අපිට තනිව කියන අවලාදවලට උත්තර දෙන්නේ නැහැ. අපි ඒවාට බයත් නැහැ. අපි පිටුපස එන දහස් ගණන් කාන්තාවන්ට මේ අභියෝගය ජයගන්න අපි පවුරක් සේ ඉන්නවා. අපි සමස්ත කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ පරිපූරක ඇස්තමේන්තුව තුළ ගර්භනී කාන්තාවන්ට රුපියල් 5000ක දීමනාවක් ලබාදෙන්න පියවර ගෙන තිබෙනවා. කාන්තා මන්ත්‍රීවරියන් පවුරක් සේ එකාවන්ව සිටිය යුතු වෙනවා. අපේ කාන්තාවන්ට මේ පාර්ලිමේතුවේ ඉඩ සැදිය යුතු වෙනවා. අපි අයෝමය ශක්තියකින් නැඟිටින කාන්තාවන්. අපිට අවලාද නඟලා නවතන්න බැහැ".