SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔන්න එකෝමත් එක රටක් තියෙනවා මේ රට පාලනය කරන්නෙ කාලයක් තිස්සෙ පැවතෙන සම්ප්‍රදායික එලීට හෙවත්

ප්‍රභූ ප්‍රජාවක්. සම්‍ප්‍රදායෙන්ම රටේ බලය යන පවුල් හා ඒ පවුල් සමග සම්බන්දකම් පවත්වන එවැනිම ප්‍රභූ පවුල් කීපයක පවුල් පාලනයක් තමා මේ රටේ තියෙන්නෙ. රටම ඔවුන්ගේ බූදලයක් ලෙස සළකමින් රිසි සේ භුක්ති විදිමින් තමා මේ පාලනය ගෙන යන්නෙ.

 

 

මේ ප්‍රභූ පාලනය යටතේ දිගින් දිගටම ඇතිවන ආර්තික සමාජිය ප්‍රශ්න හා ප්‍රජාතන්ත්‍රවාදය සීමා කිරීම් ආදිය නිසාත්, දූශණ වංචා නිසාත් ප්‍රභූ පාලනයට එරෙහිව ජනතාව වීදි බහිනව. මේ අරගලය සැහෙන්න දුරදිග යනවා. අරගලය රටපුරා පැතිරෙනවා. පාලකයින්ගේ බලය කෙමෙන් ක්ශය වෙනවා. රට අරාජික වෙනවා. සම්ප්‍රදායික ප්‍රභූ පාලක ප්‍රජාව අකමැත්තෙන් වුවත් බලය දාල යනවා. ඉන් පස්සේ ප්‍රභූ ප්‍රජාව යටතෙ භාරකාර ආණ්ඩුවක් හදල චන්දයක් තියනවා.

 

 

මෙන්න මේ අරගලයෙන් පස්සෙ තිබ්බ චන්දෙන් පෙර කී ප්‍රභූන්ගේ දූශණ වලට එරෙහිව හඩ නැගූ වාමාංශික කණ්ඩායමක් බලයට පත්වෙනවා. මේ වාමාංශික කංඩායම සම්ප්‍රදායික එලීටය නොවන නිර්ප්‍රභූන් ලෙස තමා පෙනි සිටින්නෙ. වාමාංශික කදවුරට රටේ ව්‍යවස්තාව වෙනස් කරන්න තරමේ බලයක් තියෙනවා. දූශණ වංචා නතර කරන වගකීමක් තියෙනවා. රට සංවර්ධනය කරන්න හා ජන ජීවිතය ඉහල දමන්න පොරොන්දු තියෙනව.

 

 

ඇත්තෙන්ම මුල් කාලෙ මේව ටිකක් වෙනවා. කලින්ට වඩා මහජනයට ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනයට සහබාගි වන්න, සමාජයේ කොන් වී සිටි පාර්ශ්ව වලට සමතැනක් ලැබෙනන් ජනයා සවිබල ගැන්වෙන්න මුල් කාලයේ ඔවුන්ගෙ පාලනයෙන් ලොකු වැඩ කොටසක් වෙනවා.

 

හැබැයි පිස්සුත් කෙලිනවා. ව්‍ය්වස්තාවක් හදාගන්න ට්‍රයි කලත් කරගන්න බැරි වෙලා ඔවුන් අතර මතබේද ඇතිවෙනවා. ව්‍යවස්තා අර්බුදය නිසාම ආණ්ඩුව ඇතුලෙන් කැඩිලා අගමැතිලා මාරු වෙලා (ඒ ඔක්කොම වෙන්නෙ වාමාංශික කල්ලිය ඇතුලේ) අන්තිමේ සම්මත කරන ව්‍ය්වස්තාවෙන් තම අවශ්‍යතා ඉශ්ට වුනේ නෑ කියල රටේ සමහර ජන කොටස් ප්‍රකෝප වෙනවා. ඔවුන් උද්ඝෝශණ එහෙමත් කරනවා. ආර්තිකය කඩා වැටෙනවා. වාමාංශික චින්තනයෙන් රට කරන්න ගිහින් එන්න එන්න රට ආපස්සට යනවා. විදෙස් ප්‍රතිපත්ති අවුල් කරගන්නවා. ව්‍යාපාර කඩා වැටෙනවා. මේ කට්ටිය විපක්ශයේ ඉන්න කාලෙ රටේ ප්‍රධාන ව්‍යාපාර වලට එරෙහිව ලොකු ප්‍රචාර ගෙන ගියා. ඒව බැක් ෆයර් වෙනව ආණ්ඩුව ගත්තම. ඒ ව්‍යාපාර කරගන්න බැරුව ඇණහිටිනවා.

 

 

දූශණ වලට එරෙහිව ආවට මෙයාල හෙමි හෙමින් තමන්ගෙම දූශණ රාමුවක් හදාගන්නව. නිර්පභූන් කියල පටන්ගත්තට එයාල හෙමි හෙමින් ප්‍රභුන් වෙන්න ගන්නව. රටේ කුඩා පාලන ආයතන වලට තරුණ ව්‍යාපාර අස්සෙන් තම දරුවන් ඔබ්බ ගන්නව. එන්න එන්න දුප්පත් වන රට වැසියාට ලබාගන්න බැරි බ්‍රැන්ඩඩ් ඇදුම් අලුත් වාහන වගෙ එව්ව මේ අය අතට පත්වෙන බව මිනිසුන්ට පේනවා. ලෝකෙ වටේ සංචාර යනවා, මේ ජීවන රටාව මේන්ටේන් වන්න කිසියම් නොපෙනෙන බලවේගයකින් මුදල් පොම්ප වෙනව කියල මහජනයට තේරෙන්න ගන්නව.

 

 

මේ අතර ඔවුන් රටේ දේශපාලනය උඩු යටිකුරු කරනව. පෙර පැවති පක්ශ කඩා බිද දානව. ඒවයින් ඉතුරු වන්නෙ ඉතාම දුර්වල නායකයින් ඉන්න සුලු කොටසයි. ටික කාලෙකින් වාමාංශිකයන් කුලල් කාලා කැඩෙන්න පටන්ගත්තම ආණ්ඩුව වගේම විපක්ශයත් මේ වාමාංසික කල්ලියම වෙනවා. මේ කාලවල මහජනයට වෙනත් ඔප්ශන් නෑ තියෙන්නෙ එක වාමාන්ශික කල්ලියක් වෙනුවට වෙන වාමාංශික කල්ලියක්. ඉතින් චන්ද තිබ්බ කියල තේරුමක් නෑ. චන්ද තියනව ඒත් ප්‍රජාතන්ත්‍රවාදය හයිජැක් කරනව මොකද වෙනත් විකල්ප දෙන්නෙ නෑ.

 

තව ගේනව එක එක විකාර නීති. ලෝකෙ හැම රටකම වගෙ මහජනයාට ඇක්සස් තියෙන දේවල් රාශියක් මේ රටේ ජනයාට අහිමි වෙන ආකාරෙට ඒ සමාගම් එක්ක වලි දාගන්නව. ඒ හරහ මහජනය තවත් මුලුගන්වන්න ඔවුන් උත්සහ කරනවා.

 

 

මේවට එරෙහිව උද්ඝෝශණය කල ගමන් එයාලගෙ වාමාංශික සිස්ටම් එකට උද්ඝෝශණ වලට ලයිව් බුලට් වලින් වෙඩි තියනව. "චීන ස්ටයිල්" එකට.

 

 

ඕන්න ඕක නැවත පුපුරා යනවා. මහජනයාට කොහෙත්ම දරාගන්න බෑ තමන්ව දිගටම දුප්පත් කරමින් තම ප්‍රජාතන්ත්‍රවාදය කොල්ලකමින් තමන්ට ලෝකෙ හැමතැනම තියෙන දෙවල් පවා අහිමි කරමින් මේ තම ජීවිත කාලෙ තුල නිර්ප්‍රභුන් ලෙස උන්නු වාමාංසිකයො සෙට් එක කරන දූශණ, ජනයාට අහිමි කරපු ඒත් ඔවුන් සපයා ගන්න බ්‍රෑන්ඩඩ් ඇදුම් ලක්සරි වාහන, සුපිරි සංචාර ආදිය. ඒකට හරියන්න රට පාලනය කරගන්න එකවත් හරියට නොකරන එක. මේ පාර වෙන්නෙ අරගලය II. ඒක අරගලයක් වුණාට නායකත්වයක් නෑ. හුදෙක් ප්‍රකෝප වූ මිනිසුන් පාරට ඇවිත් පහර දීමක්. රටපුරා යන මොබ් එකක්.

 

නේපාලයේ මේ මොහොතෙ සිද්ද වෙන්නෙ ඔන්න ඕක.

 

 

නේපාලයේ සිද්දවෙන මොබ් ඇටෑක් එක 2022 ලංකාවේ වෙච්ච අරගලය නොවේ ඒක වැරදියි. ලන්කාවෙ 2022 වුණ එක නේපාලෙ වෙන්නෙ 2005-06 කාලෙ. 2008 තමා ඒකෙන් පස්සෙ ප්‍රභුන් එළවා ගේන නිර්ප්‍රභූ වාමාංශික ආණ්ඩුව ඔවුන් බලයට ගේන්නෙ. එතැන් පටන් අපි මේ දකින්නෙ ඒ වාමාංශික නිර්ප්‍රභූන් එක අතකින් රට කරගන්න බැරුව නටන විගඩම්, ඔවුන්ගෙ විකාර අස්සෙ විනාශ වෙලා යන ආර්තිකය, පහල යන ජන ජීවිතය, කොන් කෙරෙන සමාජය, ඒ වෙනුවට ඔවුන් ප්‍රභුන් වෙන්න හදන එක, දූශණ හරහා ඔවුන් පමණක් භුක්ති විදින සැපසම්පත් සහ අවසාන වශයෙන් ඔවුන්ගෙම විකාර නීති නිසා මහජනයට ලෝකෙ හැම තැනම තියෙන සෝශල්මීඩියා ඇක්සස් පවා අහිමි වෙනකොට උද්ඝෝශණ වලට වෙඩි තියන කොට සිද්ද වෙන බිහිසුණු මහජන ප්‍රතික්‍රියාවයි මේ වෙන්නෙ.

 

 

බොහො දෙනෙක් මේක දකින්නෙ ලංකාවෙ වුණ එක නේපාලයට යාමක් ලෙසනෙ. එහෙම එක රටක වුනා කියල තව රටක වෙනව කියන්න බෑ. හැබැයි එහෙම හිතනවනම් ඔබ මේ නේපාලෙ දකින්නෙ ලන්කාවෙ 2022 වෙච්ච එකනම් නෙවි, ලන්කාවෙ ඕක වෙන්නෙ 2040-45 වගෙ කාලෙක ලංකාවත් නෙපාලෙ ගිය පාරෙ අරගෙන ගියොත්.

 

ඒ නිසා ලන්කාවෙ දේශපාලනය ගැන අවදියෙන් ඉන්න කාටත් නේපාලය කේස් ස්ටඩියක්. නේපාලය කියන්නෙ ලන්කාවෙ අතීතයක් නොවෙ, ලංකාවෙ මිනිස්සු වාමාංශික නිකම්මු රැලක් තියාගෙන කරපු ඒ මරිමෝඩ වැඩේ ලංකාවෙත් වෙන්න දුන්නොත් නේපාලෙ කියන්නෙ ලංකාවේ අනාගතය.

 

@Sujeewa Kokawala

නවතම ලිපි