(ඡායාරූපය: 2006 දි රැජින මිය ගියාට පස්සෙ මාඕරි සංස්කෘතිය අනුව දේහය ගෙනයන ආකාරය).
1995 මැයි මාසෙ සීතල උදෑසනකදි මාඕරි ගෝත්‍රයේ රැජින ගියා නවසීලන්ත අගමැතිවරයා හමු වෙන්න.
ගිහින් අගමැතිවරයා ඉදිරිපිට හිටගත්තා. ඇගේ එක පැත්තකින් හිටියා ඇගේ ඥාති සහෝදරයා. මේ ගියේ ඓතිහාසික හමුවකට.
මේ හමුව වෙනුවෙන් නවසීලන්තයට ඇවිත් හිටියා දෙවැනි එලිසබෙත් රැජිනත්.
මාඕරි රැජිනට නම් මේක අතීත මුතුන් මිත්තන්ගෙ උරුමය රැකගන්න හමුවක්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් කෘෘර අමානුෂික යුද්ධ මාලාවකින් පස්සෙ මාඕරිවරුන්ට අයිති භූමිය උදුරාගැනීම ගැන හමුවක්. 1863-64 වසර දෙක ඇතුලෙ නවසීලන්ත කඳුකර ගෝත්‍රික මිනිස්සුන්ව සමූල ඝාතනය කරමින් තමයි බ්‍රිතාන්‍යය විසින් මේ ඉඩම් උදුරාගෙන තිබුනෙ. මුලු නවසීලන්තයේ ම සාරය තිබුනෙ මේ බිම්වල. ඉඩකඩම් විතරක් නෙවෙයි ඛනිජ සම්පත් පවා.
මාඕරි ජන වර්ගය ඇතුලු අනෙකුත් ස්වදේශිකයින් වසර 100 ක් පුරා යුක්තිය වෙනුවෙන් සටන් කෙරුවා. ඒ සටන් මාලාවෙ උච්චත ම දවස තමයි මේ එළැඹුනේ. මාඕරි රැජින අතේ තිබුනා පෑනක්. ඒ පෑනෙන් ඇය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එක්ක ස්වදේශික ජනයාගේ ඉඩම් අයිතිය වෙනුවෙන් වූ ගිවිසුමට අත්සන් තැබුවා. අවුරුදු සීයක ඉවසීම, අවුරුදු දහස් ගානක උරුමය, කඳුකර ස්වදේශිකයින්ගෙ විශ්වාසය තමයි ඒ අත්සනින් රැකුනෙ.
දෙවැනි එලිසබෙත් රැජින ආවා මාඕරි රැජින හමුවට. අවුරුදු සිය ගානක් බ්‍රිතාන්‍යන් විසින් කළ තාඩන පීඩන වෙනුවෙන් එලිසබෙත් රැජින පෞද්ගලිකව ම සමාව ඉල්ලුවා.
කවුද මේ මාඕරි රැජින?
ඇය නවසීලන්ත නීතියේ සහ යුක්තියේ ඉතිහාසය ඇතුලෙ මඟහැර යා නොහැකි දැවැන්තයෙක්.
ඇගේ සම්පූර්ණ නම මාගලක් වගේ දිගයි. ඇයට කෙටියෙන් කිව්වෙ Piki කියලා. සිංහලෙන් ලියන ලිපියක් හින්දා Piki කිව්වාත් ඇති. ඇගේ දිග නමේ තේරුම උනේ “අලුයම් අහසේ සැරිසරන උකුස්සා“ කියන එක.
එයා ඉපැදුනේ 1931 දි. නවසීලන්තයේ උතුරු කොනේ තිබුනු වයිකාටෝ කියන ගංගා නිම්නයේදි. එයා ඉපැදුනු වෙලාවෙ රෑ අහසේ උල්කාපාතයක් කඩා වැටුනු බවයි මාඕරිවරු කියන්නෙ. මේක ඔවුන් සංකේතයක් විදිහට හොඳින් මතක තියාගත්තා. එයාගෙ තාත්තා තමයි ඒ වෙද්දි හිටපු මාඕරි රජතුමා. අහල පහල තිබුනු වංශ හතරක් ම පාලනය කෙරුවෙ මේ රජතුමා.
පිකී කුමරියගෙ නැන්දාට ඕන උනා කුමරියව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ ගොඩනඟපු යුරෝපීය පාසැලකට ඇතුලත් කරන්න. ඒකෙ අරමුණ උනේම මාඕරිවරුන්ගෙ උරුමය අරන් පිකී කුමරිය යුරෝපය එක්ක ගනුදෙනු කරන්න පෙළඹවීම. ඒක 1953 දි ඒ විදිහටම සිද්ධ උනා. තරුණ පිකී කුමරිය දෙවැනි එලිසබෙත් රැජිනට ආරාධනය කෙරුවා ඇගේ මාඕරි බිමේ හමුවකට. ඒ හමුව සම්ප්‍රදාය රැකගත්, අභිමානය කැටි කරගත්, පසමිතුරාට පවා ගරුකළ එකක් උනා. කොටින් ම මේ කුඩා සුහද හමුව අතිශය තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික හමුවක් උනා.
1966 දි පිය රජතුමා මැරුණා. එතකොට පිකී කුමරියට වයස 35 යි. 1858 දි පටන් ගත්තු පිකී කුමරියගේ රාජ වංශයේ පළමු රැජින බවට ඇය පත්වුනා.
සම්ප්‍රදාය අනුව අර මං කියපු මාගලක් වගේ දිග නම තමයි එතැන් සිට පාවිච්චි උනේ. පිකී නෙවෙයි. ඒ මාගල පිකීගේ අම්මාගෙ නමින් තමයි නිර්මාණය වෙන්නෙ.
ඇය අවුරුදු 40ක් මාඕරි රැජින විදිහට හිටියා. මුලු ලෝකයම මාඕරි බිමට කැඳෙව්වා. නෙල්සන් මැන්ඩෙලා, ජපාන අධිරාජ්‍යයා, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්, පැසිෆික් සමුලුවේ සභාපති වගේ ගොඩ දෙනෙක්ව මාඕරි භූමිය විසින් පිලිගත්තා. මේ රැජින මාඕරි මිනිස්සු වෙනුවෙන් මුලු ලෝකයම එක්ක සුහද උනා. සම්මුතිවලට ආවා. ගනුදෙනු කෙරුවා. ඒ වගේම තමන්ගෙ මාඕරි වර්ගයා නවසීලන්ත දූපත ඇතුලෙ කොන් වෙන එක නවත්වන්න ඔවුන්ව නූතන නගරවලට පිටත් කෙරුවා.
ඇගේ කිරීටය උනේ ඓතිහාසක වගකීම ම තමයි. මාඕරි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇගේ මුලු රාජ්‍ය කාලයම ගත උනා. මාඕරි මිනිස්සුන්ගෙ ඉඩම් අයිතිය, භාෂා අයිතිය, පුරාවෘත්ත මේ හැමදේම අහිමි වෙලා තිබිලා නැවත දිනාගත්තෙ ඇගේ මැදිහත්වීමෙන්.
ඒ හින්දා තමයි 1995 ඉඩම් නිරාකරණ ගිවිසුම ඓතිහාසික එකක් උනේ. එතනින්නෙ අපි මේ කතාව පටන් ගත්තෙ. ඇය වන්දිත් අරන් මාඕරි භූමියත් දිනාගත්තා. ඒ වසර සිය ගානක් පුරා මාඕරිවරුන්ව සූරාකෑම වෙනුවෙන්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අවි ආයුධ හමුවේ මාඕරි රැජින තමන්ගෙ යුක්තිය පිළිබඳ සටන නැවැත්තුවෙ නෑ. මාඕරි මිනිස්සු ඒ සටන නැවැත්තුවෙත් නෑ.
ඇය තමයි ඇගේ රාජ වංශයේ වැඩිම කාලයක් රජකම් කළ පාලකයා. එයා නිකම්ම රැජිනක් නෙවෙයි. මාඕරිවරු සහ නූතන ලෝකය අතර පාලම තමයි ඇය. අතීතය සහ වර්තමානය අතර පාලම. 2006 දි එයා මිය ගියා. මේ පෝස්ට් එකේ තියෙන්නෙ ඇගේ අවමඟුල් උත්සවයේ ඡායාරූපයක්. ගිය අවුරුද්දෙදි (2024) එයාගෙ මිනිපිරිය මාඕරිවරුන්ගෙ 8 වැනි පාලකයා විදිහට රාජ්‍යත්වය භාරගත්තා. 1966 දි මාඕරි රැජින දිවුරපු බයිබලය මත ම තමයි ඇගේ මිනිපිරිය අත තියලා දිවුරුම් දුන්නෙ.
අලුයම් අහසේ සැරිසරන උකුස්සා හැමදාමත් ලෝක ඉතිහාස කතාවේ ඉහළින් ම පියාසර කරාවි. ඒක විශ්වාසයි. ඒ උකුස්සා මාඕරිවරුන්ට විතරක් නෙවෙයි මුලු ලෝකයට ම පෙන්නුවා නිහඬ නායකයෙක්ට නොසැලී ඉන්න පුලුවන් බව. යුක්තිය දිනාගන්න ඉවසීම උවමනා බව. ඇත්ත ම රාජ්‍යත්වය කියන්නෙ තමන්ගෙ මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගැනීම විතරක් ම බව.
ඹාඕරි රැජිනගෙ සම්පූර්ණ නම තමයි Te Arikinui Dame Te Atairangikaahu කියන්නෙ.
@ නුවන් ඉෂාර මහගමගේ