ඔන්න බබෝ ඇතින්නියා
තල් අරණේ සිටින්නියා
බබුට බයේ දුවන්නෙ නෑ
චෙම්මනියේ නිදන්නියා.................!
දින 41ක් පුරා අඛණ්ඩව සිදු කෙරුණු කැණීම් ක්‍රියාවලියක දෙවන අදියරේ අවසානය සනිටුහන් කරමින් බදාදා (6) දිනයේදී ළදරුවන්ගේ අස්ථි කොටස් ඇතුළුව තවත් සිරුරු 6ක් ගොඩගැනීමත් සමඟ චෙම්මනි සමූහ මිනීවලේ සිරුරු ගණන 147 දක්වා ඉහළ ගියේය.
"අද හවස ටිකක් අමාරු හවසක්.
අඩියක් දිග ඇටකටු තුනක් - ඇස් දෙකට දැක්ක.
වටේට බැන්ඩේජ් ඔතල,
පස් තට්ටුව කපල,
පොඩිම ඇටසැකිල්ල,
පරිස්සමට පොලිස් නිලදාරියෙක් උස්සගෙන ගියා.
එයා ඒක ඉස්සුවෙ මාස දෙකක තුනක ඇත්ත ළමයෙක්
උස්සනව විදිහටමයි.
ඇතැම්විට එයාටත් ඒ උසට ළමයෙක් ඇති.
තොටිල්ලක කිරි බීල නිදාගන්න ඕන ළමයෙක්,
ප්ලෑස්ටික් පෙට්ටියක - අඳුරු ඉතිහාසයක් අවදි කරගෙන හිටියා.
මට තාම හිතාගන්න බෑ,
මාස දෙකක ළමයෙක්ව තව මනුස්සයෙක් කොහොමද මරන්නෙ කියල.."
(සබීර් මොහොමඩ්ගේ සටහනක් හා JDS News උපුටා ගැනීමක්)
[JDS Lanka reports
Chemmani mass grave body count rises to 147 as 6 more bodies - including skeletal remains of infants - unearthed on Wednesday (6), marking the end of the second phase of an excavation process that continued for 41 days].
@තැන්නේ ඤාණානන්ද හිමි
ඡායාරූපය - Sakuna M. Gamage