SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(ඡායාරූපය: කුමනන් පොලිස් මර්දනයේ නිරන්තර ඉලක්කයකි).

 

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශය (CTID) විසින් අගෝස්තු 17 වන දින මුලතිව් හි පිහිටි

අලම්පිල් උපපොළේදී “විමර්ශනයක්” සඳහා පෙනී සිටින ලෙස ප්‍රමුඛ දෙමළ මාධ්‍යවේදී සහ හිමිකම් ක්‍රියාධර කනපතිපිල්ලෙයි කුමනන් කැඳවා තිබේ.

 

 

උතුරු නැගෙනහිර හමුදා ඉඩම් අත්පත් කර ගැනීම්, විරෝධතා, අතුරුදහන් කිරීම් සහ පාරිසරික විනාශයන් ඡායාරූපමය වහයෙන් වාර්තා කිරීම නිසා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් නැවත නැවතත් ඉලක්ක කර ඇති ප්‍රවීණ වාර්තාකරු වෙත එල්ල කර ඇති රාජ්‍ය මර්දනයේ තවත් අවස්ථාවක් මෙමගින් සටහන් වෙයි.

 

250807 Kumanan summons

 

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේද උතුරු නැගෙනහිර හිමිකම් ක්‍රියාධර පිරිස් මර්දනය කිරීම දිගින් දිගටම සිදුවේ. මේ එම මර්දනයේ තවත් අවස්ථාවකි.

 

 

chemm 3

ඡායාරූපය: චෙම්මනී සමූහ මිනී වළ පිළිබඳ ඡායාරූපමය වාර්තාකරණයෙහි ලා කුමනන් ඉදිරියෙන්ම සිටී.

 

 

කුමනන් වසර ගණනාවක් හිරිහැර හා සෝදිසි කිරීම්වලට මුහුණ දී ඇත. ශ්‍රී ලංකා පොලිසිය විසින් ඔහුට කිහිප වතාවක්ම කැඳවා ප්‍රශ්න කර ඇති අතර, විරෝධතා ආවරණය කරන අතරතුර කායිකව පහර දී ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වනජීවී නිලධාරීන් විසින් වාර්තා කිරීම් අවහිර කර ඇත.

 

2019 මැයි මාසයේදී, CCTV කැමරා ඉවත් කිරීම සඳහා වූ අධිකරණ නියෝගයක් ඉටු කිරීමේ ප්‍රගතියක් නොමැතිකම වාර්තා කිරීමට ගිය මුලතිව්හි කොක්කිලායි පොලිස් ස්ථානය භාර පොලිස් නිලධාරියා විසින් ඔහුට පහර දෙන ලදී.

 

2020 ඔක්තෝම්බර් මාසයේදී, නීතිවිරෝධී දැව කැපීම් විමර්ශනය කරමින් සිටියදී, දැව ජාවාරම්කරුවන් විසින් තවත් වාර්තාකරුවෙකු සමඟ ඔහුට පහර දෙන ලදී. කුමනන්ගේ හිසට සහ නාසයට තුවාල සිදු විය.

 

2021 පෙබරවාරි මාසයේදී, මුලතිව්හි තන්නිමුරිප්පුහි දෙමළ ඉඩම් හිමියන්ගේ ආරවුලක් වාර්තා කිරීමට ගිය විට, ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුට තර්ජනය කරන ලදී.

 

2022 ජුනි මාසයේදී, වට්ටුවක්කල්හි නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහි විරෝධතාවක් වාර්තා කරමින් සිටියදී, කුමනන් බලයෙන් අවහිර කර තර්ජනය කරන ලදී. ඔහු නැවත නැවතත් නිලධාරීන්ගෙන් ඇසුවේ, “ඔබ මට අත තබන්නේ ඇයි?” යනුවෙනි.

 

2022 නොවැම්බර් මාසයේදී, නිල ඇඳුම් ඇඳගත් සොල්දාදුවන් මුලතිව් මාධ්‍ය සමාජයේදී කුමනන්ගෙන් ප්‍රශ්න කළේ, නව අණදෙන නිලධාරියෙකු මුලතිව් හි සියලුම වාණිජ ආයතනවල තොරතුරු සොයන බව පවසමිනි.

 

2022 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් නිලධාරීන් විසින් ඔහු මුහුණ දුන් හිරිහැර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුව මුලතිව් සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට කැඳවන ලදී.

 

පෙරටුගාමී ආරක්ෂකයින් Frontline Defenders සහ දේශසීමා නොමැති වාර්තාකරුවන් Reporters without Boarders ඇතුළු ජාත්‍යන්තර අයිතිවාසිකම් සංවිධාන, කුමනන් වැනි දෙමළ මාධ්‍යවේදීන්ගේ සෝදිසි කිරීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව කනස්සල්ල යළි යළි පළ කර තිබේ.

 

මාධ්‍ය සේවකයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් නැවත නැවතත් ඉලක්ක කිරීම, දැඩි ලෙස මිලිටරිකරණය වී ඇති උතුරු-නැගෙනහිර ප්‍රදේශයේ දෙමළ මාධ්‍ය සේවකයින් මුහුණ දෙන පුළුල් මර්දන වාතාවරණයේ නිසඟ ළකුණකි.

 

මෑතදී මෙරට සංචාරයේ යෙදුණ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා පවා මෙම මර්දනකාරී වාතාවරණය ගැන සිය කණස්සල්ල පළ කළේය.

 

දෙමළ ජනයාට සමාන සැළකීමක් ලබා දෙන බවට පොරොන්දු වී බලයට පැමිණි ජාතික ජන බලවේගය යටතේද උතුර නැගෙනහිර මිලිටරි රාජ්‍යය එළෙසම ක්‍රියාත්මක බව මෙමගින් යළි සනාත වෙයි.

 

 

@සුනන්ද දේශප්‍රිය

Sri Lanka Brief 

නවතම ලිපි