SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රමිෂ්කා දැන් ජනප්‍රිය වී ඇත. ඇය උග්‍ර ලිබරල්වාදියෙකු වන

රසික ජයකොඩිගේ බොක්කේ මිතුරියක් බව ඔහු පවසයි.

 

උග්‍ර ලිබරල් රසික මෙහෙම කියනවා.

 

"ප්‍රමිෂ්කා මාලිමාවේ die hard supporter කෙනෙක්. මාලිමාව ගැන කිසියම් අන්ධ භක්තියක් එයාට ති‍යෙනවා.

මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක මාලිමාවට හෝ ආණ්ඩුවේ නායකයන්ට බැන්නොත් පහුවදාට මට ප්‍රමිෂ්කාගෙන් දිග පණිවිඩයක් එනවා.

ඒ විවේචන අතර සාධාරණ විවේචනයක් තියෙනවා කියලා හිතුණොත් එයා ඒක අනුර ඇතුළු මාලිමාවේ ලොක්කන්ට යවනවා.. ඒවට එයාලා දෙන උත්තරත් සමහර වෙලාවට මට කියලා එවනවා. ඒවාට මම කියන සෝපහාස ඇනුම් පදත් අහන් ඉන්නවා.

ප්‍රමිෂ්කා එයාගෙ ගෙදර යාළුවෝ entertain කරනවා. ඒ යාළුවො අතර අනුරලා, ටිල්වින්ලා ඉන්නවා. ඔවුන් කනවා බොනවා සිංදු කියනවා ඇති. එළියේ සමාජයේ අත්විඳින්න බැරි නිදහසක් ඒ අය ගෙවල්වල සෙට් වෙනකොට භුක්ති විඳිනවා ඇති. මොන තනතුරු වගකීම් දැරුවත් මිනිස්සුන්ට එහෙම නිදහස් වෙන්න පුළුවන් කලාපයක් තියෙන්න ඕනෙ කියන තැන මම ඉන්නවා."

 

මේ කියන කතාව ඇත්ත නම් ජවිපෙ hard core එක බෙල්ලේ වැලදාගන්න ඕන.

 

Rasika Jayakody  සම්පූර්ණ fb post

ප්‍රමිෂ්කා මගේ මිතුරියක්.

ඒ වගේ ම අනුරගේ, නලින්ද ගේ, ටිල්වින් ගේ, හඳුන්නෙත්තිගේත් හොඳ මිතුරියක්.

මගෙ book signing එකක් තිබුණොත්, කොන්සට් එකක් තිබුණොත් ප්‍රමිෂ්කා අනිවාර්යයෙන් ම ඇවිත් යන්න එනවා.

මේ ඊයේ පෙරේදා තිබුණ ආකාස සූත්‍රයටත් ආවා. මේ ෆොටෝ එක ගත්තේ ගිය අවුරුද්දෙ "බුක් ෆෙයා" එකේ.

ප්‍රමිෂ්කා මාලිමාවේ die hard supporter කෙනෙක්. මාලිමාව ගැන කිසියම් අන්ධ භක්තියක් එයාට ති‍යෙනවා.

මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක මාලිමාවට හෝ ආණ්ඩුවේ නායකයන්ට බැන්නොත් පහුවදාට මට ප්‍රමිෂ්කාගෙන් දිග පණිවිඩයක් එනවා.

ඒ විවේචන අතර සාධාරණ විවේචනයක් තියෙනවා කියලා හිතුණොත් එයා ඒක අනුර ඇතුළු මාලිමාවේ ලොක්කන්ට යවනවා.. ඒවට එයාලා දෙන උත්තරත් සමහර වෙලාවට මට කියලා එවනවා. ඒවාට මම කියන සෝපහාස ඇනුම් පදත් අහන් ඉන්නවා.

ප්‍රමිෂ්කා එයාගෙ ගෙදර යාළුවෝ entertain කරනවා. ඒ යාළුවො අතර අනුරලා, ටිල්වින්ලා ඉන්නවා. ඔවුන් කනවා බොනවා සිංදු කියනවා ඇති. එළියේ සමාජයේ අත්විඳින්න බැරි නිදහසක් ඒ අය ගෙවල්වල සෙට් වෙනකොට භුක්ති විඳිනවා ඇති. මොන තනතුරු වගකීම් දැරුවත් මිනිස්සුන්ට එහෙම නිදහස් වෙන්න පුළුවන් කලාපයක් තියෙන්න ඕනෙ කියන තැන මම ඉන්නවා.

අන්තිමේ අපි ඔක්කොම මැරෙන මිනිස්සු..

"ප්‍රමිෂ්කා ආණ්ඩුවෙ අල්ලේ නටවනවා" "රටේ වැදගත් තීරණ ඔක්කොම ගන්නේ ප්‍රමිෂ්කා.." "අනුර වැඩ කරන්නේ ප්‍රමිෂ්කා කියන විදියට.." වගේ කතා නම් අතිශයෝක්ති බවයි මගේ අදහස. ප්‍රමිෂ්කා ජෙරොම් බැතිමතෙක් කියන එකත් බොරු. මම දන්න විදියට එයා සාම්ප්‍රදායික කතෝලික. ගියේ කොළඹ බිෂොප් විද්‍යාලෙට.

හැම ජනාධිපතිටම පුද්ගලිකව ඇසුරු කරන, සෙට් වෙන, එකට කන බොන, විහිළුවක් තහළුවක් කරන යාළුවෝ හිටියා. අනුර කියලත් වෙනම තාපස සීලයක් රකින්න ඕනෙ කියලා මම හිතන්නෙ නෑ.

මෙතැන ප්‍රශ්නය මොකක්ද?

දේශපාලනය කරන මිනිස්සුන්ගෙ entertainment කලාපය ගැන මාලිමාවේ ටොක්සික් ෆෑන්බේස් එක අවුරුදු ගාණක් ගොඩනැගුවේ ඉතා ම පසුගාමී, ගංකබර අදහසක්.

මේ පසුගාමී, ගංකබර අදහස තුළ ලිංගික ඉරිසියාව, කුහකකම, විනෝදාස්වාදය ගැන ග්‍රාම්‍ය අදහස්, හඩුකම, මළ පෙරේතකම වගේ හැම දෙයක් ම තිබුණා.

මේ නිසා මාලිමාවේ නායකයන්ට යාළුවෙක් එක්ක සෙට් වෙන්නේ නැති, කන්නේ, බොන්නේ, සිංදු කියන්නේ, නාන්නේ නැති, "විමුක්ති ගී" ඇරෙන්න වෙන මොනවත් අහන්නේ නැති, විනෝදාස්වාද කලාපයක් නැති, මෙලෝ රහක් නැති ප්‍රතිරූපයක් සමාජය ඉදිරියේ නඩත්තු කරන්න වෙලා තියෙනවා.

ඒත් ඒක හැමදාම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. විශේෂයෙන් ම බලය දරන කාලෙට, පරීක්ෂාවට ලක් වෙන කාලෙට මේ ප්‍රතිරූප නඩත්තු කරන්න බැරි වෙනවා. දැන් තියෙන සමාජ මාධ්‍ය යුගයේ ඕවා කොහොමටවත් කරන්න බෑ. එළියට එන සමහර දේවල්, සමහර පින්තූර සමාජයේ අතිශයෝක්තියට නැගෙනවා.

ඉතින් මේ තියෙන්නේ අර ටොක්සික්, ගංකබර ෆෑන් බේස් එක වපුරපු ඒවයෙ ඵලදාව මාලිමාවේ ලොකු ම ලොක්කන්ට නෙලන්න වෙන කාලය. ප්‍රමිෂ්කාත් ඒකෙ ඉලක්කයක් වෙලා තියෙනවා.

මට මෙහෙම වෙලාවට මතක් වෙන්නේ මහින්ද ජයසිංහ ගේ සුප්‍රසිද්ධ කවිය..

"කරන කලට පව් මිහිරිය මීසේ

විඳින කලට දුක් ගිනි වෙයි බෝසේ.."

(රසික ජයකොඩි මුහුණු පොතෙන්)

 

 

රසික ජයකොඩි මේ කියන කතාව ඇත්ත නම්, "උතුම් වූ අරමුණක්" වෙනුවෙන් "ජීවිතය කැපකළ" (ඊනියා කැප කිරීම්), දිස්ත්‍රික්කයේ දෙවනියා හෝ තුන්වෙනියා බවට පත්ව මොරටුව ඉංජිනේරු පීඨයට තේරී පත්ව එය අතහැර ජවිපෙ පූර්ණ කලීනයෙකු වූ, කොටින්ම කියනවා නම් අඳින්න ඇඳුමක් පවා නැතිව, තමන්ගේ දණහිස ලඟට දිග අනුන්ගේ ටී ෂර්ට් හන්දිමින්, පක්ෂයේ "වැඩ කිරීමට" ගොස්, මෝටර් සයිකල් වලින් වැටී සිදු වූ තුවාල වලට මැහුම් දා ගැනීමට හෝ වෙලාවක් නොමැති කමින්, ඒ තුවාල කුට්ටි ලෙස සුව වී, මේ වන විට ජවිපෙ දේශපාලන බල මණ්ඩල සභිකයෙකු වන පුද්ගලයෙකු මා දනී.

 

 

එවැනි අය තවමත් සිතා සිටිනුයේ "උපාය -උපක්‍රම" පිළිබඳව විය යුතුය.

 

අනෙක් ප්‍රධාන කාරණය තමයි ජවිපෙ නායකයින් දේශපාලන විවේචන ලෙස භාරගන්නේ මෙවැනි අයගේ විවේචන වීම. ඒ කියන්නේ ප්‍රමිෂ්කා වගේ අයට නිරන්තරයෙන් උත්තර බඳින්න අනුර ඇතුළු ජවිපෙ නායකයෝ නිරන්තරයෙන් සැදී පැහැදී ඉන්නවා.

 

ජවිපෙ චීන කොමුයුනිස්ට් පක්ෂය අනුගමනය කරමින් සිටී.

 

@Madawa Ruwanpatirana fb page

නවතම ලිපි