SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩුව පැය 24 පුරාම නානවා හැර වෙන දෙයක් තිබුණේම නැත. මාස 10 ට කයිවාරු හා

පච  විනා කකුස්සි වලක් හාරගන්නටවත් නොහැකිවූ බවට සමාජ මාධ්‍ය මොර දුන්නේය.

 

 

අපි ෆේල් බව ළදරු අබේ හොටු පෙරමින් අඩමින් කීවේය. හඳුන්නෙත්තිට දෙවැනි නොවෙන සේ හෑවගේ හා පාණ්ඩිත්‍ය චක්‍රවර්ති බිමල් ද ඉංග්‍රිසි වලින් හෑවේය. මාස 10 කදී ජනපති සිය 07 වන නිළ සංචාරයට මාලදිවයිනට ගියේය.යනවා එනවා මිසක රටට ප්‍රතිලාභයක් නැති බවට සමාජ මාධ්‍ය මොර දෙන්නට විය. මාලෙන් ලැබුණ වීසා සහනය ලංකාවේ ඩොලර් එහි ඇද ගැනීමේ ලනුවක් බවට ද විග්‍රහ වේ.ඉන්දියාවට ගොස් රහස් ගිවිසුම් ගසා රට පාවාදුන් බවද චීනයට ගොස් රනිල් - කාංචන පදනම දැමූ ගිවිසුම අත්සන් කල ද මහින්ද හා රනිල් ලා පරිසර හේතු මත කර අරිමින් සිටි තෙල් පිරිපහදුවට අත්සන් කල බවට චෝදනා ආවේය. සජිත් උක් ගොවීන්ට කීවේ ආණ්ඩුවට ට්‍රිලියන ගණන් මුදල් තිබේ නම් ගොවියාට පොලු තියන්නේ ඇයි ද කියාය.

 

ආණ්ඩු විරෝධය හුදු දේශපාලනිකය. පැරදුනු පක්ෂ වල අය හිතේ අමාරුව මකා ගත්තේ ආණ්ඩුවේ අඩුපාඩු වලට ප්‍රහාර දීමෙනි. එම පිළිවෙත රටට පුරුදු කළේ ජවිපෙ බවට ද මතවාද පවතී.

 

 

WhatsApp Image 2025 08 02 at 09.09.22

 

 

එහෙත් සියල්ල වැසීයන පරිදි ආණ්ඩුවට දැවැන්තම ජයග්‍රහණය ලැබුණේ සිකුරාදා එළිවන යාමයේය.12% කට තිබූ ඇමෙරිකාවෙන් ලංකාවට ගැසු බද්ද 44% ක දැවැන්ත එකක් බවට පත්ව රටේ අපනයනය සසල කර තිබුණ පසුබිමක එය 20% දක්වා අඩුකිරීමට ඇමෙරිකාව තීන්දු කිරීම දැවැන්තම ජයග්‍රහණයක් වේ. එය ජනපති හා ආණ්ඩුව පෙළුන ජයග්‍රහණ නියගයට වැටුණ මල් වරුසාවක් විය.

 

 

ඉන්දුනීසියාව සිය බද්ද 19% දක්වා අඩුකර ගත්තේ ඩො බිලි 04 ක ගුවන්යානා ඇමෙරිකාවෙන් මිලදී ගන්නා එකගතා මතය. ජපානයේ බද්ද 15% ට බස්සවා ගත්තේ ඩො බිලි 05 ක දැවැන්ත ආයෝජන ඇමෙරිකවට දෙන ප්‍රතිඥා මතය. එහෙත් ඇමෙරිකාවට ආර්ථික ප්‍රතිලාභ දෙන ශක්තියක් ලංකාවට නැත. ඔවුන් සමග සාකච්ඡා කිරීම කරුණු වටහාදීම බිඳලිය නොහැකි තර්ක ඉදිරිපත් කිරීම හා  අධික බදු බර වැටුණොත් ලංකාව යළි කඩා වැටෙන බව තහවුරු කිරීම හැර විකල්ප  තිබුණේ ද නැත.

 

 

එය ඉටු කිරීමට එරට තානාපති මහින්ද සමරසිංහගේ මැදිහත්වීම හා මූලිකත්වයෙන් සාකච්ඡා දෙකක් පැවැත්වින. එහිදී 44%ක බද්ද 30% දක්වා අවම කර ගැනීමට හැකිවින. එහෙත් කලාපයේ සෙසු රටවල බද්ද ඊට අඩුවීම නිසා ලංකාව තරඟයෙන් පරදින පසුබිමක් නිර්මාණය විය. තානාපති මහින්ද රට බංකොලොත් වූ සමයේ කළ කැපවීම ඉක්මවන කැපවීමක් මෙවර ද සිදුකරමින් සිය හැකියාව සබඳතා හා අත්දැකීම් යොදා ගනිමින් ගේම ගැසුවේ ජනපති හා සෙසු ආණ්ඩු නායකයන්ගේ උපදෙස් හා මග පෙන්වීම මතය.

 

 

අවසන් තුරුම්බුව ලෙස ඇමෙරිකානු බදු කාර්යංශ ප්‍රධානියා හා නිළධාරීන් සමග ජනපති ගේ සූම් සාකච්ඡාවක් සංවිධානය කරන්නට ද මහින්ද ක්‍රියා කළේය.එහිදී ද සහන ලැබෙන පසුබිමක් නිර්මාණය නොවුණ ද ජනපතිගේ කරුණු දැක්වීම වැදගත් සන්ධිස්ථානයක් විය. එහෙත් ඇමෙරිකානු සාකච්ඡා අසාර්ථක බව හඳුන්නෙත්ති රජයේ ස්ථාවරය කීවේය.

 

 

තානාපති මහින්ද මෙහෙයුම නතර නොකර සිය උපාය මාර්ග දියත් කළේය.මෙහෙයුම් හරහා බද්ද 20% ට අඩුකිරීමට  ට්‍රම්ප්ට සානුකම්පිත සිතක් පහලවිය. සෙසු රටවලට අධික බදුබර පැනවීමෙන් ඇමෙරිකාවට ද අනිසි බලපෑම් එන බවට පළවූ විශේෂඥ මතවාද ට්‍රම්ප් නම්‍යශීලී කළේය. සියලු රටවලට බදු අවම කිරීමට ට්‍රම්ප් ක්‍රියා කළේ එම රටවල් ඇමෙරිකානු භාණ්ඩ වලට බදු බින්දුවට අඩුකිරීම තුළය. බද්ද 20% ට අඩුවීම ලංකාවට අස්වැසිල්ලකි.බදු තවත් අඩු කරන මෙහෙයුම දිගටම දියත්වේ. එය අපනයනකරුවන්ට හා රටේ ආර්ථිකයට ලැබෙන මහා අස්වැසිල්ලකි.

 

 

මෙය මහින්ද සමරසිංහ සිය හැකියාව මොනවට පැහැදිලි කළ අවස්ථාවක් මෙන්ම ජනපති හා ආණ්ඩුව මෙතෙක් ලැබූ සුවිශේෂීම විජයග්‍රහණයකි. කජුසීයා හිටියා නම් 15% ට බස්සන බව එම හිතවාදීන්ගෙ මතය වේ. මානව හිමිකම් ගැටලු නිසා අහිමිවූ GSP ප්ලස් යළි ලබා ගැනීමට 2017 දී රනිල් හා මහින්ද සමරසිංහ ලා ක්‍රියා කිරීම ඊට හේතු ලෙස දැක්වේ. GSP ජයග්‍රහණයත් ඉක්මවා ට්‍රම්ප් වැන්නෙකුගෙන් පිහාටු ලබාගත් මෙය ආණ්ඩුව හා ලංකාව ඉතිහාසයේ පැනපු විශාලම ජාත්‍යන්තර ආර්ථික පිම්මක් බව නම් ඒකාන්තය.

 

ඩෙංඩඩ

 

 

මහින්ද සමරසිංහ ට ආශීර්වාද පිංකම් අමෙරිකාවේ දී...

ඇමෙරිකාව විසින් ලංකාවට පැනවූ බදු 44% සිට 30% දක්වාත් පසුව 20% දක්වාත් අවම කරගැනීමට ජනපතිගේ උපදෙස් මත අදාළ මෙහෙයුම දියත් කළ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ට ආශීර්වාද කරන පිංකම් රැසක් මේ දිනවල ඇමෙරිකාවේ දී පැවැත්වේ.

වොෂින්ටන් DC විහාරයේ පැවති පිංකම උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක හා එම විහාරාධිපති මහරගම ධමිමසිරි නාහිමි ඇතුළු මහා සංඝරත්නය විසින් සිදු කළහ.

 

 

ලංකාව බංකොලොත්වී ඉතා අසීරු අඩියට පත්වූ අවස්ථාවේ IMF සමග සාකච්ඡා කොට එහි දූත පිරිසක් ලංකාවට යවා එවකට ජනපති හා සෙසු පිරිස් සමග එක්ව එම වැඩ පිළිලෙ ආරම්භ කිරීමේ පුරෝගාමියා ලෙස ද තානාපති මහින්ද  සැලකෙන බව එහිදී අවධාරණය කෙරිණ. වොෂින්ටන් විහාරයේ පිංකමට මහා සංඝරත්නය ප්‍රමුඛ  ලාංකිකයන් විශාල පිරිසක් ද එක්වූහ.

 

හෙගස්ටවුන් සම්බුද්ධාලෝක විහාරාධිපති ඇමෙරිකාවේ අධිකරණ සංඝ නායක මාතර කරපුටුගල ඉන්දරතන නාහිමි හා  තානාපතිවරයා අතර  පැවැති සූම් හමුව හරහා ද ආශීර්වාද කෙරිණ. කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීම සදහා තීරණාත්මක යුද්ධය පැවැති සමයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හරහා ලංකාවට එල්ලවූ මානව හිමිකම් චෝදනා වසර 10 ක් පුරා සටන් කළ කණ්ඩායමේ නායකයා ලෙස ද ලංකාවේ පළමුවන මානව හිමිකම් ඇමති ලෙස ද තානාපති මහින්ද ලංකාවට ඉතිහාසගත සේවයක් ඉටුකල අයුරු එහිදී අවධාරණය කෙරිණ.

තවද රට බංකොලොත් වූ අවස්ථාවේ ඇමෙරිකාවෙන් ඩො මිලියන 60 ක ඖෂධ ඩො මිලි 50 ක පොහොර හා ආයෝජන  ලබාදීමට තානාපති මහින්ද කටයුතු කිරීම ද කරපුටුගල ඉන්දරතන නාහිමියන්ගේ අගැයුමට ලක්වූහ.

 

@අශෝක ජයතුංග

වොෂින්ටන් DC හි සිට.

නවතම ලිපි