රාජ්‍ය සේවයේදීත්, දේශපාලනයේදිත් සමහර එලියෙ වැඩ කාරයෝ ඇතුලට ගිය පසු හෝ
බලයට පත්වූ පසු හෝ තනතුරු ගත් පසු ඒහි භික්ෂු භාවයෙන් මෙන් වැඩ බැරි ටාසන් ලා බවට පත්වේ. සමහර විට මේ අර කයිය ගැසූ වැඩ්ඩෝමදැයි හිතෙන තරමට බැරි බව කැපී පෙනේ.
බලය ගැනීමට පෙර හෝ බලය නැති කාලයේ ඔවුන් තරම් වැඩ්ඩන් ලොවෙත් නැත. අපිට දෙනවානම් අපි දෙන්නෙ දොඹ තෙලෙන්, ප්‍රශ්න විසඳන්නෙ එක පෑන් පාරෙන්, සමහර ගැටලු සුටුස් ගාලා දිනයකින් දෙකකින් විසදීමට එලියේදී හෙවත් බලයේ නැති කාලයේ සපත වෙති.
ඒ කාලයේ ඇතුලේ ඉන්න අයට දමන ඔච්චන් නිමක් නැත. පීචන්ම පොරවල් ලෙස අභිශේක කරති. අපි ඇතුලට ආවොත් කරන හැටි අපි පෙන්වමු. අපේ හැටි එහෙමයි. සත්‍යයි දිවුරති.
1. රාජ්‍ය සේවය සම්පුර්ණයෙන් දේශපාලනයෙන් තොර වැඩ්ඩන්ට තැන දෙන තෝතැන්නක් කිරීම එලියේදී හොඳට පුලුවන් එකකි. ඇතුලේදි ඉහලම තනතුරු දෙන්නේ අපේ අයටයි. අපේ පක්ශයේ අයටයි ප්‍රමුඛත්වයෙන්. එලියේ පුලුවන් කී දේ ඇතුලෙදි බැරි වෙයි.
2. එලියේදී බොහෝ අය මහාචාර්ය හෝ උසස් ගනයේ බුද්ධිමතුන් හෝ ඇවිදින පුස්තකාල වෙති. ඇතුලේදි මේ මොන ආචාර්ය වරුන්දැයි හිතෙන තරමට හෝ හිස් මිනිසුන් දැයි හිතෙන තරම් දුර්වල ගති විදහා ලති. එලියෙදි වැඩ්ඩෝ ඇතුලෙදි ලඩ්ඩෝ වගේය.
3. එලියේදී දූෂණයට වන්චාවට තිත පුළුවන්. ඇතුලෙදි එහෙමම බෑ. ටිකටික කරන්න වෙනවා. නැත්නම් පැවැත්මක් නෑ වගේ නිකන්.
4. එලියෙදි අපි වවලයි අපි කන්නේ. ඇතුලෙදි එහෙම බෑ මචන්. පිටිනුත් ගේනවා වැඩිය දැගලුවොත්
5. එලියෙදි සියලුම ප්‍රශ්න මහා වැඩ වර්ජන වලින් විසදිය හැකිය. ඇතුලෙදි එහෙම බෑ. වැඩ වර්ජන කලොත් ජනතාව පීඩාවට පත්වෙයි ඔන්න අපි දන්නෙ නෑ හොදේ.
6. ඉන්ධන, ගෑස් මිල අඩුකරන්න අනවශ්‍ය බදු ඉවත්කරන්න එලියෙදි සුටුස් ගාල පුලුවන් ඇතුලට ගිය හැටියෙම වගේ. ඇතුලෙදි එහෙම බෑ මචන් අර මිල සූත්තරේ ඕනැමයි ඕයි.
7. සියලුම උපාධිධාරීන් ට එලියෙදි රජයේ රැකියා ඕන තරම්. ඇතුලෙදි රජය තියෙන්නෙ උපාධිධාරීන්ට රස්සා දෙන්න නෙවේ මහත්තරුනි. ඒක නිසා ඒක අපිටත් බෑ ළමයි.
8. ත්‍රස්තවාදී වැලක්වීමේ පනත් එලියෙදි අපි අනියවාර්‍ය්‍යෙන්ම නැති කරමු. ඇතුලෙදි එහෙම බෑ බාලගිරිය එක්ක අම්මපා.
9. හා පාස්කු වැඩේ? ඒක එලියෙදි ඕනැමයි නේ. ඇතුලට ගිය හැටියෙම එලියෙදි පුලුවන්. ඇතුලෙදි එහෙම බෑනේ දේවයන් වහන්ස. තව පොඩ්ඩ පොඩ්ඩ ඉවසන්න ඔය ඉවසුවා වගේ. ඉවසීමෙන් සැනසීම ලැබේ. ඉවසල ඉවසල අන්තිම ටික ඉවසන්න බැරිද?
10. එලියෙදි රජයේ වාහන, ඉන්ධන, වැටුප් නැතුව හොඳටම පුළුවන්. හුලන් වලිනුත් පුලුවන්. ප්ලේන්ටියක් ගහල පුළුවන්. ඇතුලෙදි එහෙම බෑ නේ සහෝ අපිත් මැති ඇමතිලනේ නමට හරි.
@ජිනසිරි දඩල්ලගේ
හිටපු රාජ්‍ය පරිපාලන ලේකම්