මට ඊයේ රාත්‍රිය ඉතා දිගු, නින්ද නේන රාත්‍රියක් විය. ඒ අපට ලබුණු පැමිණිල්ලක් හෙවත් තොරතුරු මතය.
මේ පැමිණිල්ල කරනු ලැබුවේ මධ්‍යස්ත පුද්ගලයෙකි. ආවාට ගියාට මිනිසුන් සමග ඇරියස් නැති කෙනෙකි. ඒ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ හා දියණියගේ අත්අඩංගුවට ගැනීම හා නිදහස් කිරීම සම්බන්ධ පසුබිම් කතාවක්ය.
එනම් මහේෂි අත්අඩංගුවට ගැනීම සම්පුර්ණ ම ඈ සතු වාහනයක් විකුණා මිලියන 80 කට වඩා කඩා වඩා ගැනීමේ අරමුණකි. දියණිය එන්නේ එම මුදල සුදානම් කිරීමට බවත් මුදල ලබා ගැනීම වෙනුවෙන් දැඩි පීඩනයක් එල්ල වනුයේ දියණියද අත් අඩංගුවට ගැනීමෙන් පසුව බවත්ය. ඒ සඳහා නීතිඥ වරියන් දෙදෙනෙකුගේ හා නීතිඥ වරයෙකුගේ නම්ද තවත් අයගේ නම්ද බැදී ඇත.
පුදුමය නම් ඒ නඩුවට පෙනී සිටි අවංකවම මහේශිටත් දියණියටත් ඇප ඉල්ලු, සමාජය හා අප හොඳින් දන්නා හඳුනන නීතිඥ වරුන් ඔවුන්ගෙන් මුදල් ලබාගෙන නොතිබීම හෝ සාපේක්ෂව ඉතාම සුළු මුදලක් ලබාගෙන ඔවුන්ගේ සාධාරණය වෙනුවෙන් කැපවී වැඩ කර තිබියදී රුපියල් මිලියන 83 ක ට ආසන්න කප්පමක් වැනි මුදල් ගැරීමක් කිරීමට මිනිසුන් මිලේච්ඡ වන්නේ කෙසේද යන්නයි.
මේ කතාවට අයත් තොරතුරු සම්බන්ධ අප දත්ත නීතින් යටතේ ගිව්සුම් ගත වන නිසා නම් ගම් හෙළි කිරීම කල නොහැකිය. සම්පුර්ණම මහේෂි අත්අඩංගුවට ගැනීම, බොරු පැමිණිල්ලක් මත දියණිය අත්අඩංගුවට ගැනීම පිටුපස දියත්වුයේ මේ මුදල් කුමන්ත්‍රණය දැයි සිතෙන විට යුක්තිය පසිඳලීම වෙනුවෙන් පෙනී සිටින සුළුතර මෙවැනි නීතිඥ වරුන්ගේ අකටයුතුකම් හෝ එවැනි කුමන්ත්‍රණ කරුවන්ගේ අකටයුතු කම් අසා භීතියට පත්වී සිටිමි. මේ පිරිස අල්ලස් කොමිසම නොමග යැව්වාද ? නැතහොත් අල්ලස් කොමිසමේ ඇතැම් නිලධාරීන් මොවුන් සමග එක්ව වැඩකර අල්ලස් කොමිසම නොමග යැව්වාද යන්න බරපතල සැකයක ට තුඩු දෙයි.
ලංකාවේ යුක්තිය පසිඳලීමේ භයංකර බව වටහා ගන්න. නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිමින් තවමත් අපි ගැටෙමු. සමාජ මාධ්‍යවල ඔබ අප නොවන්නට රටේ මිනිසුන්ට සිදුවන්නේ කුමක්ද යන්න ගැන පවා සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නැත.වෛරය වපුරා මිනිසුන් විනාශ කර යුක්තිය පසිඳලීමේ නාමයෙන් ඔවුන් සතු ධනය කොල්ල කෑම තිස් වසරක යුද්ධ කාලයේද යහමින් විය. සිවිල් අරගල, යුද්ධ වලින් පසු රත්රන් කිලෝ ගණනින් සොයාගැනීම් සිදුවන්නේ ඒ නිසාය. අපේ රට මනුෂ්‍යත්වය ට සමීප කිරීමට තව කොතරම් කලක් ගතවේද? කෙසේ නමුත් දියණිය අම්මා බේරා ගැනීම වෙනුවෙන් මුදල් දී ඇත.
සැලකිය යුතු: මේ සටහනේ කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය මහේෂි හෝ දියණියගෙන් කරුණු විමසීමක් නොකරන ලදින් නිවැරදි කිරීමේ අයිතිය පිළිගැනීමට සුදානම්.
@සුභාෂිනී විෆ්ලර්
විධායක අධ්‍යක්ෂිකා,
ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්තානය.
ජර්මනිය.