SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වසර 20 ක් යුධ හමුදාවේ සිටිමින් තම රට වෙනුවෙන් යුධ පෙරමුණේ සටන් කළ, මානුෂීය මෙහෙයුමට

පරිපාලන සහ උපායමාර්ගික නායකත්වය දෙමින් රට නිදහස් කර දුන්, සම්බුද්ධ ශාසනයට අනුපමේය සේවයක් කළ, නිරායුධ වැසියන්ට අනුකම්පාවෙන් බලය අත්හැරීම පිළිබඳව ලෝකයටම ආදර්ශයක් දුන් උදාර මිනිසාට ඉතාම පහත් ආකාරයෙන් අභූත චෝදනා කරන, කුමාරතුඃග නමැති හීනමාන අප්‍රසන්න ගුණමකුවාට පිළිතුරක් ලෙස මෙය ලියමි.

 

gevindu 1

 

පළමුවෙන් ම කිව යුත්තේ කුමාරතුඃගට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසනයක් දෙනවාට ගෝඨාභය රාජපක්ෂ අකමැති වූ බව ය. එයට හේතුව වූයේ තුඃග යනු කණ්ඩායමක් සමග සුහදව වැඩක් කිරීමට නොදන්නා අහංකාර උද්දච්ච ග්‍රාම්‍ය තගෙකු වීම ය. ඕනෑම තැනක පණ්ඩිතයා වීමට ඔහු අනුන් සමග බොරුවට පැටලේ. කිසිම තැනක ඔහුට වැඩි කාලයක් ඉන්නට බැරිය.

 

නමුත් ඊනියා ජාතික කඳවුර නියෝජනය කිරීමට ය කියා ඔහුට මන්ත්‍රීකම දෙන්නේ බැසිල් රාජපක්ෂ ය. ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් කුමාරතුඃග කිසිදු වැදගත් දෙයක් නොකළේ ය. අඩුම තරමින් වියත්මග හෝ එළිය හෝ වැනි සංවිධායකවත් සිටියේ නැත. මන්ත්‍රීකමක් දීමට කිසිදු සුදුසුකමක් ඔහුට නැත. වුණා නම් වුණේ ඔහුගේ ක්ෂණික මෝචන කේන්තිය නිසා ඡන්ද ටිකක් හෝ නැති වීම ය. ඔහුගේ හිස් ජීවිතය තුළ ඔහු මේ රට වෙනුවෙන් කිසිදු වැදගත් මෙහෙයක් කර නැත. නිකම් බොරුවට ටෙලිවිෂන් එකේ ඔරවගෙන නාහෙන් අඬ අඬ නැටුවා විතර ය. මෝඩ ජාතිකවාදීන්ට පේන්න බැසිල්ට බැන්නාට ඔහු බැසිල් සමග තමයි සම්බන්ධව හිටියේ. ඒ නිසා තමයි ඔහුට මන්ත්‍රීකමක් පවා ලැබුණේ.

 

ගෝඨාභය රාජපක්ෂ මහා සෑය ඉදිරියේ දිවුරුම් දීම ප්‍රශ්න කරන කුමාරතුඃගයා නොදන්නවා වුණාට මේ රටේ සෑම සුපේශල ශික්ෂාකාමී බෞද්ධ භික්ෂුවක් ම දන්නවා ගෝඨාභය ශාසනයට කළ සේවය. වෙහෙර විහාර දහසකට වඩා එතුමාගේ දායකත්වයෙන් සංවර්ධනය කර තිබෙනවා. තුඃගයා අඩුම ගානේ එක ගඩොල් කැටයක හෝ ශාසන සේවයක් කර නැති නිකමෙක්. සඳ හිරු සෑය හැදීම ප්‍රශ්න කරන තුඃගයා නොදන්නවා වුණාට එම මහා ශාසනික මෙහෙවර වෙනුවෙන් කටයුතු කළ යතිවරයාණන් වහන්සේ සහ ඉංජිනේරු විශේෂඥයන් දන්නවා ඒ ව්‍යාපෘතිය සැලසුම් කළ හැටි. එය සිද්ධ කළේ මහා සංඝරත්නයේ පූර්ණ උපදෙස් සහ අනුශාසනා මත. ඒ විතරක් නොවෙයි, සමස්ත අටමස්ථාන පරිශ්‍රයම ඉතාම සැලසුම් සහගතව සංරක්ෂණය කරන්නත් ගෝඨාභය කටයුතු කළා. කුමාරතුඃග  කියන්නේ මහා සෑයට වඩා උසින් වැඩි කර සඳ හිරු සෑය හැදූ බව ය. දන්නා තරම තමයි. වත්මනෙහි මහා සෑය අඩි 338 ක් උස ය. සඳ හිරු සෑයේ උස අඩි 282 ක් පමණී. එයින් ම පේනවා නේද මේ තුඃගයා හරියට කිසිම කරුණක් නොදන්නා අතාර්කික බොරුකාරයෙකු බව!

 

 

ප්‍රථම සහ එකම සංඝ සභාව 

 

ගෝඨාභය රාජපක්ෂ තමයි මේ රටේ ජනාධිපතිවරයෙකු විසින් පිහිට වූ ප්‍රථම සහ එකම සංඝ සභාව පත් කළේ. සෑම මාසයක ම මහා සංඝරත්නය වැඩම කරවා රාජ්‍ය පාලනයට අනුශාසනා ලබා ගැනීමට කටයුතු කළේ 9 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමටත් බුද්ධ ශාසනය පෝෂණය කර ආරක්ෂා කිරීමටත් මිස වෙන කුමකට ද? වෙන කවුද එහෙම කළේ? කුමාරතුඃගගේ මොළේ අවුල් වෙලා.

 

 

“ටොන් පච”

 

ගෝඨාභයගේ පුරවැසිකම ඉවත් කර ගැනීම ගැන විහිළු හිතළු කියවන කුමාරතුඃග කියන ඔය ඇමරිකානු නිල නිවේදනය කෝ? එහෙම කියලා දාපු වීඩියෝව සහ නිවේදනය Fake කියලා ඇමරිකාව විසින් තහවුරු කළා. දැන් කවුද “ටොන් පච” කියන්නේ? මෙන්න මෙහෙම තමයි මේ කුමාරතුඃග කියන මෝඩවහන්සේ ලිපි ලියන්නේ. අනික එහෙම තහවුරු කළා නම් මොකටද ලංකාවේ අධිකරණයේ නඩුවක් ඇහුවේ! මෙයිනුත් පේනවා නේද මේ කුමාරතුඃග කියන මිනිහගේ දැනුම කොපමණ කුඩාද කියා!

 

 

ගෝඨාභයගේ පොරොන්දුව වුණේ “අලුත් ව්‍යවස්ථාවක්” මිසක් සංශෝධනයක් නොවෙයි 

 

ව්‍යවස්ථා සංශෝධනය ගැන කුමාරතුංග කියන කථාත් සම්පුර්ණයෙන්ම පදනම් විරහිතයි. ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ “19 වැනි සංශෝධනය ම අහෝසි කරනවා” කියලා මිසක් එක එක වගන්ති වෙනස් කරන්න නොවෙයි. ද්විත්ව පුරවැසිකම පිළිබඳ පමණක් නොවෙයි අනෙක් සියලු සංශෝධන අහෝසි කරන්නයි ගෝඨාභය යෝජනා කළේ. ගෝඨාභයගේ පොරොන්දුව වුණේ “අලුත් ව්‍යවස්ථාවක්” මිසක් සංශෝධනයක් නොවෙයි. කුමාරතුඃගගේ මනස විකාර වී ඇති සැටියකි.

 

රැකියා ලක්ෂය ගැනත් කුමාරතුංග කියවන්නේ නොදන්නා ඉටිගෙඩියකි. ඔහු කියන්නේ එසේ බඳවා ගත් අය පුහුණු නොකළ බවකි. ජෙනරල් මල්ලවාරච්චිගෙන් අහන්න ඔහුගේ නායකත්වයෙන් ඔවුන් පුහුණු කළ ආකාරය. කුමාරතුඃග ඉන්නේ ඔහුම හදාගත් මනස්ගාත ලෝකයක. උපාධිධාරීන් බඳවා ගැනීම ගැන ඇසිය යුත්තේ එවක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සම්පත් අමරතුංගගෙන් මිසක් එලොවටත් වැඩක් නැති මෙලොවටත් වැඩක් නැති කුමාරතුඃගගෙන් නොවේ. එය ඉතාම සැලසුම් සහගතව සිද්ධ කළ බව අමරතුංග කියනු ඇත. ප්‍රතිපාදන වෙන් කිරීම විෂය භාර ඇමතිවරයාගේ සහ විශේෂයෙන් ම අමාත්‍යංශ ලේකම්වරයාගේ රාජකාරියකි.

 

 

කුමාරතුඃග චීනාගෙන් යැපෙන්නෙක් ද?

 

චීනයට සංචාරය නොකිරීම ගැන චෝදනා කරන කුමාරතුඃග කියන්නේ ආරක්ෂක සහ සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උපදෙස් සියල්ල නොසලකා ජනපතිවරයාගේ තනි කැමැත්තට වැඩ කරන්න කියා ද? වූහාන්වල සිර වී සිටි ශිෂ්‍යයන් බේරා ගෙන ඒමට අපගේ ගුවන් නිලධාරීන් ගිය හැටි මතක ද? එය අතිශය බිහිසුණු අවධියකි. අවදානම ඉතා වැඩිය. අගමැති මහින්ද රාජපක්ෂ චීනයට යන්නට සූදානම් වූ විටත් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ එය වැළැක්වූයේ එම අවදානම නිසා ය. ජනපති ගෝඨාභය ඒ කාලය තුළත් චීන ජනපති සමග සාකච්ඡා කළා. ලයිව් වීඩියෝ තාක්ෂණයෙන් සම්බන්ධ වුණා. ගෝඨාභයට එහෙම අමුතු චීන විරෝධයක් තිබුණේ නැහැ. නමුත් චීනට නම් ගෝඨාභය විරෝධයක් තිබුණා. අපට නම් පෙනෙන්නේ ගෝලීය මාරක වසංගතයක් මැද්දේ හෝ තමන්ගේ රටේ ජනපතිව ඒ වසංගතය හදපු චීනුන්ගේ මරු කටට යවන්න හදන්නේ එක්කෝ කුමාරතුඃග චීනාගෙන් යැපෙන නිසා ය. නැත්නම් ගෝඨාභයගේ ජීවිතයට අනතුරක් කිරීමට ය.

 

 

අපි මොකටදඒ ජැටිය වෙනුවෙන් සටන් කළේ?

 

නැගෙනහිර ජැටිය ප්‍රශ්නයේදී මමත් ගෝඨාභයට විරුද්ධවයි හිටියේ. ඒ නිසා මට එය සාධාරණය කරන්න බැහැ. මම මුලින් ගෝඨාභයව විවේචනය කළා කියා මහින්ද පතිරණ කියන්නේ ඔය වගේ කරුණු දෙක තුනක්. ඒවා ප්‍රතිපත්තිමය ප්‍රශ්න. නමුත් සිද්ධ වූ සියල්ල දිහා නැවත හැරිලා බලන කොට මට හිතෙනවා අපි මොකටදඒ ජැටිය වෙනුවෙන් සටන් කළේ? කියලා . මොකද අවසානයේ ඔය ජාතිකවාදීන් කවුරුවත් ගෝඨාභය වෙනුවෙන් හිටියේ නැහැ. අඩුම තරමින් අදානිගේ ඒ විදේශ විනිමය ආයෝජනය ඒ වෙලාවේ ඇවිත් තිබුණා නම් ආර්ථික අර්බුදය අඩු වෙන්න හෝ නොවෙන්නම හෝ තිබුණා. ලංකාවේ මිනිස්සුන්ට ඕනා කොහොම හරි සල්ලි හොයලා තෙල් කිරිපිටි ගේන්න පමණයි. ඒවා අඩු වෙච්ච ගමන් ජාත්‍යාලය දේශප්‍රේමය භෞමික අඛණ්ඩතාවය පෑල දොරින් පැන යනවා. අන්තිමට කුමාරතුඃග වගේ උන්ගෙන් කුණු කථා අහන්නත් වෙනවා.

 

 

මොළගෙඩි නැති ගොවියන්ට වකුගෙඩි මොටද!

 

ඒ වගේම ඓන්ද්‍රීය පොහොර ප්‍රශ්නය ගැනත් කුමාරතුංග කියන්නේ කරුණු නොදැන. වසර කිහිපයකින් කෘත්‍රිම පොහොර ආනයනය ක්‍රමානුකූලව අඩු කරමින් ඓන්ද්‍රීය පොහොර හදන්න තමයි 2020 මුලදීම සැලසුම් කළේ. නමුත් ප්‍රගති සමාලෝචනයේ දී හෙළි වුණා පෙර වසරටත් වඩා වස පොහොර ආනයනය කර තිබෙනවා කියා. සමහර ප්‍රශ්න තියෙනවා හෙමිහිට කාලයක් තිස්සේ විසඳන්න බැහැ. ඕසෝන් ස්ථරය විනාශ වෙනවා කියලා දැනගත්තම ඒකට අවුරුදු දහයක සැලැස්මක් හැදුවේ නැහැනේ. CFC වහාම සම්පුර්ණයෙන් තහනම් කළා. එහෙම කළ නිසා තමයි අවුරුදු විස්සකට පස්සේ ඕසෝන් ස්ථරය නැවත හැදුණේ. වසවිස නැති ආහාර හදන එකත් ඒ වගේ තමයි. බාගෙට ටික ටික කරන්න බැහැ. වසර දහයකින් රටේ පස සහ ජලය පිරිසිදු වෙලා තියෙන්න නම් අද දවසේ වසවිස දැමීම නවත්වන්න ඕනා. ඒකට යම් සැලසුමක් තිබුණා. නමුත් එය මාලිමාව විසින් කඩාකප්පල් කළා. අද අත්අඩංගුවේ ඉන්න එස්. එම්. චන්ද්‍රසේන වගේ අය ඇතුළු පොහොට්ටු ඇමතිලා පවා එයට අවංකව සහාය නොදී හිටියා. නමුත් ගෝඨාභය ආව දවසේ ඉඳලා පොහොර නොමිලේ දුන්නා කියලා චයිනීස් තුඃගයාට අමතක වෙනවා. ඓන්ද්‍රීය පොහොර පවා දුන්නේ නොමිලේ. ඒ කෙළෙහිගුණය තිබ්බේ නැහැ මේ රටේ ගොවියන්වත්. මොළගෙඩි නැති ගොවියන්ට වකුගෙඩි මොටද!

 

මේ ලිපිය ඕනෑවටත් වඩා දික් වුණා. කුමාරතුංග වගේ හිස් නිකමෙකුට පිළිතුරු දෙන්න අවශ්‍යත් නැහැ. නමුත් ඔහුගේ හෙන ගහන බොරු ටික නිවැරදි කරන්න කියා බොහෝ දෙනෙකු මගෙන් ඉල්ලා සිටියා. ඒ නිසා පමණයි මෙය ලීවේ.

 

හෙට අනිද්දා ගෙදර යන ජොලි චංග් ගෝඨාභය වෙනුවෙන් යාඥා කළ කතාවත් චයිනීස් තුඃගයා සඳහන් කර තිබුණා. ඔහු කියන්න හදන්නේ ගෝඨාභයව ගෙනාවේ ඇමරිකාව විසින් බවත් ගෝඨාභය වැඩ කළේ ඇමරිකාවට උවමනා විදිහට බවත්...

තමන්ගේ ආරක්ෂාවට තිබුණු ඇමරිකන් පුරවැසිකම අතහැරලා මේ රටේ මිනිස්සුන්ගේ ඉල්ලීමට පැමිණි මනුස්සයට, දෙමළ ඩයස්පෝරාව වගේම මුස්ලිම් අන්තවාදීන්ගේත් නිබඳ ජීවිත තර්ජනයට ලක්වන බෞද්ධ සිංහල නායකයාට, මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ දාහක් කරලා එකක් දෙකක් වැරදුණා කියලා මෙහෙම කැත විදිහට ගහන කුමාරතුංගයාට නම් සිංහල ප්‍රවේණියක් තියෙන්න විදිහක් නැහැ. 2015 ඇමැති කෙනෙක් වෙන්න හිටියා කියලා ගෝඨාභයට එරෙහිව අමූලික බොරු කියලා දැන් සමහරු ඒක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරනවා මම දැක්කා. වරදක් නොකළ මිනිහෙකුට ඔහොම මඩ ගහන්නේ පරිස්සමින් ගෙවිඳු. කර්ම විපාක බොහෝ බලවත්. ධර්මය ඔබට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

2025 ජූලි 13

නවතම ලිපි