මහේෂි විජේරත්න විශේශඥ ස්නායු ශල්‍යවෛද්‍යවරිය සම්බන්ධයෙන් මා විසින් පලකල
පෝස්ට් කිහිපයක් සම්බන්ධයෙන් ඇතැමුන් මාගෙන් සිදුකල විමසීම් වලට අදාලව මෙම දීර්ඝ පැහැදිලි කිරීම කල යුතුයැයි සිතුනු නිසා මෙසේ පල කරමි.
මම විශේශඥ ස්නායු ශල්‍යවෛද්‍ය මහේශී විජේරත්න වෛද්‍යතුමිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත.
2010- 2011 වර්ශ වල ශ්‍රි ජයවර්ධනපුර ජාතික රෝහලේ මා සේවය කල නමුත් ස්නායු ශල්‍යවෛද්‍ය ඒකකයේ රාජකාරි කර නැත. එම නිසා ඇය සම්බන්ධයෙන් මා හට කිසිදු ලබැඳියාවන්ගේ ගැටීමක් නොමැත.
ස්නායු ශල්‍යකර්ම යනු අතිශය සංකීර්ණ අතිශයින් සියුම් හා සංවේදී ඉතා ඉහල තාක්ෂණික හා දෑතේ හුරුවක් අත්‍යාවශ්‍ය සුවිශේෂී කාර්‍යයකි.
අත ඔසවා විශේශඥ ස්නායු ශල්‍යවෛද්‍යවරයෙකු බිහි වන්නේ නැත.
සල්ලි ගෙවා වෛද්‍ය විද්‍යාලයකට ගිය පමනින් විශේශඥ ස්නායු ශල්‍යවෛද්‍යවරයෙක් විය නොහැක.
දේශපාලකයින්ට ගොට්ට අල්ලා ස්නායු ශල්‍යවෛද්‍ය විශේශඥයෙක් වීමටද නොහැකිය. ශ්‍රී ලංකා වෛද්‍යසභාවේ ලියාපදිංචිය සහිත සහ විශේශඥ ස්නායු ශල්‍යවෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට ඇයට ඇති board certification එක ප්‍රශ්න කිරීමට හැකියාවක් මට නැත. අල්ලස් කොමිසමටද නැත. වෙනත් පුරවැසියන්ටද නැත. කාට හෝ ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රී ලංකා වෛද්‍යසභාවට පැමිනිලි කල හැකි අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට වෛද්‍ය විශේශඥයින්ගෙන් සමන්විත කමිටුවක් හරහා වෛද්‍ය සභාව කටයුතු කරනු ඇත.
එනිසා මහේශී විජේරත්න වෛද්‍යතුමියගේ සුදුසුකම් සම්බන්ධයෙන් මට ගැටලුවක් නැත.
එහෙත් පහුගිය කාලයේ කොවිඩ් වෛරසයට ධම්මික පැනිය බිවූ එවුන්, එලියන්ත වයිට්ලාගෙං සුවය සෙවූ එවුන්, ජෙරම්ලාගෙන් යාඥාවෙන් සුවය සොයන එවුන්, ඉනේ සුර එල්ලාගෙන සිටින එවුන් මහේශී විජේරත්න වෛද්‍යවරියගෙ විශේශඥ සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මා හට බරපතල විවේචනයක් ඇත.
එසේම එතුමිය සැත්කම් කල ආකාරය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුනු වාර්තා කලා යැයි සඳහන් වෙමින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පලවූ වාර්තා සම්බන්ධයෙන් මා හට බරපතල ගැටලුවක් ඇත. එසේ අධිකරණයට කරුනු දැක්වීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් ස්නායු ශල්‍යකර්ම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් තාක්ෂණික කාරණා ඉගෙන ගත්තේ කුමන වෛද්‍ය විද්‍යාලයේදීද යන්න මට ගැටලුවකි. ඒ සම්බන්ධයෙන් අධිකරණයකට විශේෂඥ මතයක් පල කිරීමට වෛද්‍යවරයෙක් ලෙස මටද සුදුසුකම් නැත. එනිසා ස්නායු ශල්‍යකර්ම සිදුකරන ආකාරය ගැන අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම පිලිබඳව මම මවිත වෙමි.
අදාල වෛද්‍යවරිය විසින් අයතා ලෙස තමාට සම්බන්ධතා සහිත සමාගමකට අයුතු ලාභයක් ලැබෙන පරිදි රෝගීන් සඳහා ශල්‍ය උපකරන අලෙවි කර ඇත්නම් එය බරපතල වරදකි. ඒ සම්බන්ධයෙන් ගරු අධිකරණයකදී වැරදිකරු වන්නේ නම් උපරිම දඩුවම් ලබා දිය යුතුය.
එහෙත් රෝහලේ නොමැති ශල්‍ය උපකරණ පිටතින් ලබා ගැනීම වරදක් නම් ලංකාවෙ සියලුම ශල්‍යවෛද්‍යවරුන් වැරදිකරුවන් වනු ඇත. අක්ශි ශල්‍යකර්ම, හෘද ශල්‍යකර්ම, අස්ථි ශල්‍යකර්ම, පිලිකා ශල්‍යකර්ම ඇතුලු බොහෝ සැත්කම් සඳහා රෝගීන් පිටතින් ශල්‍ය උපකරණ මිලදී ගෙන එන අතර මේ මොහොත වන විට එය බරපතල ව්‍යකූල තත්වයක් ඇති කර තිබේ.
යමක් පිටතින් ගන්නාවිට එහි විශාල මිල පරාසයක් තිබිය හැක.
වසර 16ක සේවා කාලය තුල මම කිසි දිනෙක මුදලට ප්‍රතිකාර කර නැත. පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී නැත. පෞද්ගලික රෝහල් වල සේවය කර නැත. බෙහෙත් හෝ වෙනත් වෛද්‍ය උපකරණ රෝගීන්ට ලබා දීම වෙනුවෙන් කොමිස්, සන්තෝසම් අනුග්‍රාහකත්ව හෝ වෙනත් කිසිදු වරදානයක් හෝ වරප්‍රසාදයක් ලබාගෙන නැත.
යම් රෝගියෙකුට පිටතින් මිලදී ගැනීමට බෙහෙතක් ලබා දෙන්නට පෙර "මේ බෙහෙතෙ බාල කොලිටියෙ පෙත්තක් සත 25 ටත් ගන්න පුලුවං හොඳ බෙහෙත් පෙත්තක් රුපියල් 15ට ගන්නත් පුලුවං ඔරිජිනල් පෙත්ත රුපියල් 25කට වගෙ ගන්න පුලුවං. මම මොන පෙත්තද ලියල දෙන්න ඕනෙ" කියා ඇසීම සාමාන්‍ය පුරුද්දකි. අද වන තුරු කිසිවෙකුත් සත 25 පෙත්ත ලියා දෙන්න කියා මගෙන් ඉල්ලා නැත. ( අල්ලස් කොමිසමේ කිසිවෙකුත් මාගෙන් ප්‍රතිකාර ගෙන නොමැති බවට එය සාක්ශියක් ලෙස සටහන් කර ගත හැකිය).
මේ සිද්දියට අදාල
VP (ventriculoperitoneal) shunt නලයක වෙලඳපොල මිලද පහත කාරනා මත පදනම්ව පුළුල් ලෙස වෙනස් විය හැක:
වෙළඳ නාමය සහ නිෂ්පාදකයා (උදා., Medtronic, Codman, B. Braun, ආදිය) මත මිල වෙනස් වේ.
ෂන්ට් වර්ගය ( programmable Vs fixed pressure )
Included components (only the catheter/tube vs. full shunt system)
Country of origin යන කාරනා මත මෙම මිල වෙනස් වීම හෝ මිල තීරනය වීම සිදුවේ.
ඒ අනුව ආසන්න මිල පරාසයන්:
අවම මිල:
මූලික VP shunt නල - Basic VP shunt tube (non-programmable, fixed pressure):
$50 සිට $150 USD (විශේෂයෙන් ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල නිශ්පාදිත)
උපරිම මිල:
ඉහළ මට්ටමේ ක්‍රමලේඛගත කළ හැකි shunt පද්ධති (High-end programmable shunt systems (with anti-siphon devices, valves, and full kits):
$1,000 to $3,000+ USD depending on the brand and features.
Example Price Breakdown (2024 estimates):
Type of VP Shunt Price Range (USD)
Fixed-pressure shunt $50 – $300
Programmable shunt $500 – $2,500+
Shunt catheter alone $30 – $100
Full shunt kit (basic) $150 – $500
Full shunt kit (premium) $1,000 – $3,000+
දැන් මා ඔබට විවෘතව ආරාධනා කරමි.
ඔබගේ මව, පියා,හෝ දරුවා, හට මොලයේ සැත්කමක් සිදු කල යුතු බවට විශේෂඥ ස්නායු ශල්‍යවෛද්‍යවරයෙක් තීරණය කලහොත් ඔබ තෝරා ගන්නේ කුමන VP shunt බටය දැයි ඔබම තීරණය කරන්න.
අවශ්‍ය නම් ඒ සඳහා අල්ලස් හෝ දූශන කොමිසමේ නිලධාරීන්ගේ සහයෝගයද ලබා ගන්න.
වරදක් කර ඇත්නම් ඕනෑම අයෙකුට උපරිම දඩුවම් ලබා දෙන්න. නොදන්නා දේ ගැන මත ප්‍රකාශ කිරීමට ගොස් වරිගෙ නසා ගැනීමෙන් වලකින්න.
@වෛද්‍ය ළහිරු සේනානායක