SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හා සම්බන්ධ දකුණු හා නැගෙනහිර පළාත්

ජනතා සැලැසුම් සංසදවල කණ්ඩායම් හමුවක් මඩකලපුවේ දී සිදු විය. පුරා දින තුනක් මෙම හමුව වාකරේ, කදිරවේලි හා මයිලත්තමඩු ප්‍රදේශවල දී පැවැත් වින.

 


දකුණු හා නැගෙනහිර පළාත්වල ජනතාව ගේ ස්වාභාවික සම්පත් කොල්ලයට එරෙහි ව අඛණ්ඩ අරගලයක නිරත ගොවීන්, ධීවරයන් හා සත්ත්ව පාලනයේ නිරත ජනතාව එක් ව තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳ ව පුළුල් සාකච්ඡාවක් මෙහි දී සිදු කෙරින.

 

514522719 24058359640448794 2789043224143379333 n


දකුණු පළාතේ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ඉඩම්වල සෝලා බලාගාර ඉදි කිරීම හා එම වනාන්තර ඉඩම් වෙනත් සංවර්ධන භාවිතයන්ට ලබා ගැනීම හේතුවෙන් පීඩාවට පත් ව සිටින ගොවි ජනතාව, කිරි ඉබ්බන් වැවේ හා චක්ද්‍රිකා වැවේ පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීම හේතුවෙන් අගතියට පත් ගොවි ජනතාව, නිල්වලා ලවණ බාධකය ඉදි කිරීම හේතුවෙන් අවතැන් ව සිටින ගොවි ජනතාව මෙන් ම වැසි වනාන්තර සීග්‍රයෙන් විනාශ කර තේ වගාව ව්‍යාප්ත කිරීම හේතුවෙන් පීඩාවට පත් ව සිටින ගොවි ජනතාව නියෝජනය කරමින් දකුණු පළාත් ජනතා සැලැසුම් සංසදයට අයත් විසිපස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සහභාගී විය.

 

514403723 24058358717115553 6675656346250134204 n


නැගෙනහිර පළාතේ යෝජිත කදිරවේලි, ඉල්මනයිට් කැනීමේ ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ව සිටින ජනතාව, වාකරේ, යෝජිත ඉස්සන් වගා ව්‍යාපෘතියෙන් බලපෑමට ලක් ව සිටින ජනතාව හා මයිලත්තමඩු තෘණ භූමිය මහවැලි අධිකාරය මගින් අහිමි කිරීම හේතුවෙන් පීඩාවට පත් ව සිටින ජනතාව නියෝජනය කරමින් ගොවීන්, ධීවරයන් හා සත්ත්ව පාලනයේ නිරත ජනතාව ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගී විය.

 

 

514402803 24058357097115715 3337983623099056354 n
මෙම වැඩසටහනේ විශේෂත්වය වූයේ දකුණේ හා නැගෙනහිර ස්වාභාවික සම්පත්වලට එල්ල වී ඇති තර්ජන හා ඒ මත ගොවීන් ගේ, ධීවරයන් ගේ හා සත්ත්ව පාලනයේ නිරත ජනතාව ගේ පොදු ගැටළු හඳුනා ගැනීමට හැකි වීම පමණක් නොව එළවලු හා ධාන්‍ය වර්ගවල බීජ පළාත් දෙකෙහි ජනතාව අතර හුවමාරු කර ගැනීමට හැකි වීම හා මනුෂ්‍යත්වය යන්න නිවැරදිව දෙපිරිසට වටහා ගැනීමට හැකි වීම ය. ඒ තුළින් පටු ජාතිවාදය හා ආගම්වාදය, දේශපාලඥයන් හා සමහර ප්‍රභූන් විසින් මෙන් ම ව්‍යාපාරිකයන් විසින් ගොඩනගා පෝෂණය කරන්නේ ජනතාව බෙදා වෙන් කිරීමට හා පොදු අරගලයන් වටා එක් වීම වැළැක්වීමට භාවිත කරන උපක්‍රමයක් ලෙස බව සැමට ඉතා හොඳින් අවබෝධ කර ගැනීමට හැකි විය.

 


මෙම එක් වීම සහෝදරත්වයෙන් එක් වීමකි. අනාගත පොදු අරගලය නිර්මාණය කිරීමට එක් වීමකි. බෙදා වෙන් කළ සමාජය සහෝදරත්වයෙන් බැදීම නිර්මාණය කිරීමට වූ එක් වීමකි. භාෂාව, ආගම හා සංස්කෘතිය බෙදීමට හේතුවක් නොවන බව අවබෝධ කර ගැනීම සඳහා වූ එක් වීමකි.

 

514419863 24058358227115602 3248453491783124839 n

 

මෙම හමුව අවසන් වූයේ මිනිසුන් නැවත බෙදා වෙන් කිරීමට නොහැකි වනු ඇතැයි යන සිහින දකිමිනි. එය සැබෑවන එක ම සිහිනය වනු ඇත.

 

@sajeewa chamikara fb page

513827779 24058357923782299 4828282172391955303 n514007162 24035907719360653 7533262708086457115 n514106295 24058359420448816 3690342102527308253 n514400963 24058358860448872 4244539603641982071 n
514403723 24058358717115553 6675656346250134204 n514419103 24058357497115675 2300212744770998725 n
514522719 24058359640448794 2789043224143379333 n514689432 24058357897115635 5607262327857981820 n514691982 24058357820448976 116014947761802044 n514855747 24058357143782377 6587001316519471864 n514874519 24058358740448884 4841783290321922248 n515012176 24058359097115515 3532919392787902420 n515054005 24058357197115705 317140214849955495 n

නවතම ලිපි