SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම

පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01දා) ප්‍රකාශ කළේය.

 

 

එහිදී අධිකරණ නියෝග නොතකා හැරීම පිළිබඳ චෝදනාවේ වරද පිළිගත් හිටපු ආගමන විගමන පාලකවරයා; තමන් එසේ සිදු කරන ලද්දේ හිටපු අමාත්‍යාංශ ලේකම් වන වියානි ගුණතිලකගේ බලපෑමට බව ද, සඳහන් කළේ ය.

 

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක යන අයගෙන් කටඋත්තර ලබා ගත් අතර, එහිදී රාවුෆ් හකිම් පෙන්වා දුන්නේ රාජ්‍ය නිලධාරීන් වෙත අධිකරණ නියෝග ලබා දීමෙන් පසු එම අධිකරණ නියෝග අනුව කටයුතු කළ යුතු බව ය. යම් කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කළ යුත්තේ අධිකරණ නියෝගයට අනුගත වීමෙන් පසුව පමණක් බව ද රාවුෆ් හකීම් මෙහිදී පෙන්වා දුන්නේ ය.

 

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කළේ මෙම ඊ-වීසා වංචාකාරී ගනුදෙනුව 2023 තරම් දිගු කාලයක සිට ක්‍රියාත්මක වෙමින් පැවැති ක්‍රියාවලියක් වන බව ය.  ඉන් රජයට  රු. කෝටි 371 ක පමණ පාඩුවක් සිදු වූ බවත්, අධිකරණ නියෝගය නොතකා හැරීම එම වංචනික ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් වන බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

 

 

විශේෂයෙන් ම 2024 ජූලි මස 12 වැනිදා මෙම ඊ-වීසා වංචනික ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කළ යුතු බවට පාර්ලිමේන්තුවේ දී කරුණු දැක්වුනු අතර, එම වෝහාරික විගණනය ක්‍රියාත්මක කිරීම තබා මේ වන විට අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්වත් සිදු නොකිරීමට වග බලා ගැනීම තුළින් පෙනී යන්නේ මෙම වංචනික ඊ-වීසා ක්‍රියාවලියට සම්බන්ධ දූෂකයන් කෙතරම් බලවත් ද යන්න බව ද පාඨලී චම්පික රණවක හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

 

නවතම ලිපි