අපේ හඳුන්නෙත්ති ඇමතිගේ World Economic Forum උත්තර දීපු කට් එක
කිහිප වතාවක් ඊයේ ඉඳන් ඉන්බොක්ස් එනවා. විනාඩි දෙකක් විතර ඇහුවා. ප්‍රශ්නේ සහ උත්තරය අතර පඹ ගාලක්.
ප්‍රශ්නේ අහන්නේ soft power ගැන. ලංකාවේ දේශපාලනය තුල මේ වගේ වචන බාවිතා කරන්නේ නැහැ. බාවිතා වන වචන තමයි හොරා, හිරේ ලගින්න ඕන. පෝලිමට හිරේ, 76 වසරක් ශාපය ..ශානි ආපසු එනවා බයවෙයල්ලා.. වගේ දේවල්. ඉතින් හඳුන් ඔය වචනේ තේරුම දන්නවා කියලා අපිට වැටහීමක් එන්නේ නැහැ ඔහුගේ පිළිතුරෙන්.
එකේ මුල් කොටස සජිත් වියොන් ටීවී එකේ පල්කිත් එක්ක කරපු ඒකෙ වර්ණනාවට ටිකයි අඩු. ඔය වගේ තැනක රටේ ස්වභාව සෞන්දර්යය වනන්නේ නැහැ. ඒත් මම හැමදාම කියන එකක් තමයි ජවිපෙ තම දේශපාලන භුමිකාවේ බලය අල්ලන්න ගල් පැලෙන බොරු සහිත ගොබෙල්ස් න්‍යාය අනුගමනය කලාට බලය අභ්‍යාස කරන්න, හා රට කරන්න අවශ්‍ය හෝම් වර්ක් කරලා නැහැ කියන එක.
ලංකාවේ දේශපාලන මාතෘකා තුල කතාවෙන දේවල් බැලුවම soft power එක ආධුනිකයි. එහෙම soft power එකකින් ලෝකයට බලපෑම් කරන්න හැකි හොඳම රටක් තමයි ලංකාව. ඒත් ඒ සොෆ්ට් පවර් එකට දිනපතා ගහන බලකායක් හදලා තියෙන්නේ කොටි සහ කතෝලික ප්‍රජාව එක්ව ජවිපය හා මාලිමාව හරහා. මම මේ ගැන වැඩිය ලියන්නේ නැහැ. මොකද මේ සොෆ්ට් පවර් එක විනාශ කරන්න පොත පත බිහිවෙමින් යන නිසා. මේකත් රට දුර්වල කිරීමේ සුක්ෂම ක්‍රමයක්.
සොෆ්ට් පවර් හෙවත් දේශපාලන මෘදු බලය කියලා අදහස් කරන්නේ බලහත්කාරය හෝ මිලිටරි බලය hard power හරහා නොව, ආකර්ශනීය බව, රටක හොඳ ගතිගුණ ඒත්තු ගැන්වීම සහ සංස්කෘතික බලපෑම හරහා වෙනත් රටවලට හෝ ක්‍රියාකාරීන්ට බලපෑම් කිරීමට රාජ්‍යයකට හෝ දේශපාලන ආයතනයකට ඇති හැකියාවයි. මෙම යෙදුම ප්‍රධාන වශයෙන් නිර්මාණය කරන ලද්දේ එක්සත් ජනපද Joshep Nye කියන දේශපාලන විද්‍යාඥවරයා.
මෘදු බලයේ ප්‍රධාන ලක්ෂණ තමයි සංස්කෘතික ආකර්ෂණය වන සංගීතය, චිත්‍රපට, භාෂාව, අධ්‍යාපනය වගේම දේශපාලන වටිනාකම් වන ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් හා විදේශ ප්‍රතිපත්ති හැසිරීම වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, සංවර්ධන යට දක්වන සහයෝගීතාව වැනි කරුණු වලින් ගොඩ නගන රටක ප්‍රතිරූපය සහ විශ්වසනීයත්වය කියන කරුණු.දියුණු රටවල එවැනි පද්ධතීන් තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය මෘදු බලය හොලිවුඩ් චිත්‍රපට, පොප් සංස්කෘතිය, හාවඩ් වගේ විශ්ව විද්‍යාල හරහා හෝ ප්රජාතන්ත්රවාදයේ පරමාදර්ශය තමා සතුව ඇතැයි යන ඉමේජ් එක සැදීම තුල හරහා ලෝකයට තම මෘදු බලය ස්ථාපිත කර තිබෙනවා.
ලංකාවට ගත හැකි හොඳම උදාහරණය ඉන්දියාවය . මෑත කාලීනව ඉන්දියාව තරම් එවැනි soft power ගොඩ නැගීම බාවිතා කරපු රටක් මා දැක නැත. සංස්කෘතිය, ආගම, භාෂාව, අධ්‍යාපනය සහ ජිවන වටිනාකම් හරහා ඔවුන් ඔවුන්ගේ සංස්කෘතික විවිධත්වය යහමින් බාවිතා කරමින් ලෝකයට අවතීරණ වෙලා තිබෙනවා.
ජාත්‍යන්තර යෝගා දිනය යනු එවැනි soft power ලෝකයටම අභ්‍යාස කරන දිනයකි. 2015 සිට, ජාත්‍යන්තර යෝග දිනයක් (ජුනි 21) හඳුන්වා දී තිබෙනවා. එය ඉන්දියාවේ මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දෙන ලද අතර වෙසක් පෝය දිනය සම්බන්ධ තත්ත්වයද එවැන්නකි. එහෙත් ලංකාවේ මිනිසුන් බෞද්ධ විරෝධී ජනතාවක් කරමින් ඒ ජාත්‍යන්තර දිනයේ soft power එක විනාශ කරන බලය රට තුලම ගොඩ නගා ඇති බව වැටහෙන්නේ කීයෙන් කී දෙනාටද ?
ඉන්දියාව ජිවත් වීමේ කලාව අලෙවි කරමින් ලොව පුරා යෝග මධ්‍යස්ථාන ආරම්භ කරමින් ලෝකයට තමන්ව හඳුන්වා දෙයි.
ආයුර්වේදය සහ භාවනාව ටද එවැනිම බලයක් සොයමින් සිටි. මෝදිගේ අලුත් බෞද්ධ උපුටාගැනීම් අපට කියන්නේ ඔහු ලංකාවේ soft power එකේ බැටන් එක අතට ගෙන දුවන බවය. එයට ඇති විශාල අනාගතය මෝඩි වටහා ගෙන සිටි.එසේම ලංකාව බුදුන්ගේ උපතේ සිට බොහෝ දේ විකෘති කර වටිනාකම් අඩුකර සියල්ල හබරණට කොටු කර ඉතා පටු සීමාවක පවත්වාගෙන යාමේ උපක්රමයට හසුව ඇති බව මෝඩි දනී. ඉතින් හඳුන් ලාට වැරදුණේ කොතනද? ඔවුන්ව යොදාගන්නේ අපේ රට විනාශ කිරීමේ මතවාදය ට යන සත්‍ය ඔවුන්ට නොවැටහීමම ඔවුන්ගේ වැරදිමයි.
රටක සංස්කෘතිය. භාෂාව, ආගම හා ජීවන පිළිවෙත් ,විදේශගත ප්‍රජාව බාවිතා කරමින් soft power තුල ගෝලීය ආර්ථිකයක ප්‍රථිලාභ ලැබීමට අවශ්‍ය නිපුණතා ගැන හැඟීමක් නැති ඇමතිවරු පත් කර යැවූ ජනතාවට ලැබිය යුතු හොඳම පිළිතුර හඳුන් දී තිබේ. සිංහලෙන් කිව්වාට වඩා අඩු ගොබ්බ කතා ප්‍රමාණයක් එහිදී කියවීම සතුටකි.මාලිමාවනි.. ඔන්න තරම බලා ගැනීමට අවස්තාවක්.
@Subhashini Wipfler