අතීත නවලිබරල් ධනවාදී සමාජ දේශපාලන ආර්ථික මොඩලය තුල පැවති, ආචාරධාර්මික විරෝධී බව, සදාචාරාත්මක විරෝධී බව
බරපතල ලෙස විවේචනය කල ඊනියා වාම වෙස් ගත් ලිබරල් ඇකඩමික් බුද්ධිමතුන් විසින් එයට පදනම් වු මූලධාර්මික ගැටලුව වන දේශපාලන ආර්ථික තර්කණය සහ එහි අභ්‍යන්තර සහ බාහිර ප්‍රතිවිරෝධය අනාවරණය නොකරන්නේ, ධනවාදී සමාජ සම්බන්ධතාවය යනු අපෞද්ගලික (IMPERSONAL) ව්‍යාපෘතියක් නොව කෑදර නරක මිනිසුන් මෙහයවන ව්‍යාපෘතියක් ලෙස පරිකල්පනය කරන නිසා විය හැක.
නමුත් ධනවාදය යනු අපෞද්ගලික ( impersonal) පද්ධතියක් මිස අන්යමක් නොවන බව, වර්තමානය වන විට ඔවුන්ම ආන්ඩුවට එරෙහිව චෝදනා කරන "DEAL" දේශපාලනය ඇතුලු අනෙකුත් ආචාරධාර්මික විරෝධී, සදාචාරාත්මක විරෝධී ධනවාදී ආන්ඩුවේ රෝග ලක්ෂණයන් හරහා වර්තමානය වන විට අනාවරණය කරගනිමින් ඇත.
මේ තත්ත්වය නිරීක්ෂණය කරනවිට පෙනෙන කාරනය වන්නේ, ඊනියා වඩා නිවරදි, කාර්යක්ෂම ධනවාදී පද්ධතියක් හරහා රට වඩා නිවැරදි දිශානතියකට ගෙනයාමට දරණ උත්සාහය මේ බුද්ධිමතුන්ගේ නොනවතින අඳෝනාවක් වීමට නියමිත බවයි!
@Nalin Dodangoda