මිනිස් ජීවිත දහස් ගණනින් බිළිගත් රනිල් වික්‍රමසිංහගේ බටලන්ද වසර ගණනාවකට පසු නැවත ගිනිගනිමින් තිබේ.
බටලන්ද වධකාගාරය පිළිබඳ කළු අතීතය සිහිගැන්වෙන විට එජාපය හා පැරණි වමේ පක්ෂ එකමුතුවෙන් ගොඩනැගුණු ප්‍රා නැමති බිහිසුණු මි!නීම!රු කල්ලිය ඉවත දමා සාකච්ඡා කළ නොහැක. මෙම සාහසික ජනඝාතකයින් රනිල්ගේ බටලන්දේ නිත්‍ය ගහලයින් බවට පත්වූයේ හිසකට රුපියල් විසිපන්දාහ ගණනේ පාලකයින් විසින් ගෙවන වාතාවරණයක් තුළය.
|"ඔබ ඉතිහාසය ගැන නොදන්නේ නම්,
ඔබ ලේ උරා බොන දේශපාලනඥයින්ගේ,
දඩයම් පිහි අමෝරාගත් විනිසුරුවන්ගේ සහ
මාධ්‍ය ඝාතකයන්ගේ
නිරන්තර ගොදුරක් බවට
පත්වනු ඇත"
ගම්පහ දිස්ත්‍රික්කයේ සපුගස්කන්ද පොලීසියට ආසන්නව පිහිටි බටලන්ද හා ප්‍රා කල්ලිය අතර සම්බන්ධය ගොඩනගා ගත්තේ අතුල නිමලසිරි ජයසිංහ හෙවත් 71 කැරැල්ලේ මහනඩුවේ සිටි ලොකු අතුල විසිනි. ඔහු එකල පදිංචිව සිටියේ මාවරමංඩිය ප්‍රදේශයේය. ප්‍රා මි!නීමරු කල්ලිය ක්‍රියාත්මක වූයේ ඔසී අබේගුණසේකර ,හලාවත පොඩිසිල්වා ,රාජිත සේනාරත්න, චන්ද්‍රිකා , කේඑල් ධර්මසිරි, තඩි ප්‍රියන්ත නොහොත් සීඒ චන්ද්‍රපේම ,ලොකු අතුල ඇතුළු පිරිසක් විසිනි. මෙහි සඳහන් තඩි ප්‍රියන්ත නොහොත් සීඒ චන්ද්‍රපේම බටලන්ද වැනි වධකාගාර වල සිටි ප්‍රධාන පෙළේ ගහලයෙකි. “ගෝටාස් වෝ “ නමින් පොතක් ලියා පසු කලෙක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා ලෙස ගෝටා මෙන්ම ඔහුට පසුව ජනපති වූ බටලන්දේ රනිල් විසින්ද පත්කර යැවුවේ ඔහුය.
තඩි ප්‍රියන්ත
1988 මැයි මාසයේදී රජයේ ලිපිකරු සේවා සංගමයට එකතුවූ පැරණි වමේ පක්ෂ හා ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් එකතුවී ප්‍රා සංවිධානය පිහිටුවා ගන්නා ලදී. ස්වාධීන ශිෂ්‍ය සංවිධානයේ හිටපු නායකයෙකු වූ දයා පතිරණ ජවිපෙට හිතවත් සිසුන් විසින් ඝාතනය කිරීමත් සමග මහජන පක්ෂයට කොමියුනිස්ට් පක්ෂයට නව සමසමාජයට අයත් පිරිස් අවි පුහුණුව සඳහා 1987 ඔක්තෝම්බර් මසදී උමා මහේශ්වරන් නායකත්වය දැරූ වවුනියාවේ ප්ලොට් නැමති දෙමළ බෙදුම්වාදී සංවිධානය වෙත යැවීමට මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග කටයුතු කළේය.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මෙම පිරිස සන්නද්ධ කරවන ලද්දේ රනිල් වික්‍රමසිංහ විසිනි. රජය විසින් ලබාදුන් ස්වයංක්‍රිය ගිනි අවි මහජන පක්ෂය වෙනුවෙන් බාරගන්නා ලද්දේ චන්ද්‍රිකා කුමාරතුංග හා ලොකු අතුල විසිනි. එජාප ආණ්ඩුව ලබා දුන් සියලු ආයුධ 1988 මාර්තු 25වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා ගබඩා කර තිබුණේ කොළඹ 07රොස්මිඩ් පෙදෙසේ ඇයගේ නිවසේය. පසු කලෙක ප්‍රා සංවිධානයේ ප්‍රබලයෙකු වූ හලාවත පොඩි සිල්වා නොහොත් සෝමසිරි සිල්වා හෙවත් කුමාර් මේ පිළිබඳ හෙළිදරව් කර ඇත. හලාවත පොඩි සිල්වා ජෝ සෙනෙවිරත්නගේ නායකත්වයෙන් යුත් විකල්ප කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකු විය.
1988/89 යුගයේදී ප්‍රා සංවිධානයට පොලිස් හැඳුනුම්පත් පවා ලබාදීමට රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එජාප කමිටුවක් කටයුතු කර තිබුණි. ජවිපෙ මර්දනය කිරීමේලා තීරණාත්මක ලෙස කාර්යභාරයක් ඉටුකල ප්‍රා සංවිධානයේ පිරිසක් බුද්ධි අංශ සමඟ ද සබඳතා පවත්වාගෙන ගියහ. ඇතැම් අයට ජාතික සහායක කණ්ඩායම යටතේ වැටුප් ගෙවූහ. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වූ කේ. එල්. ධර්මසිරි යනු ප්‍රා සංවිධානය මගින් පවත්වාගෙන ගිය ප්‍රධාන වධක මර්මස්ථානය වූ කොළඹ නීතිපීඨයේ වධ කඳවුර භාරව සිටියේය. ජවිපෙන් ඉවත්වූ පිරිස් වන කෑගල්ලේ පීරිස් සරත් පතිරණ වාස් තිලකරත්න කෙලී සේනානායක වැන්නන් ජවිපෙ ක්‍රියාකාරිකයින් ප්‍රා කල්ලියට පාවාදීමට ඔවුන් සමග රට පුරා ගමන් ගත්තේය. ජවිපෙ ඉතාහාසය බිහිකළ පරමාදර්ශි විප්ලවවාදියා වූ සුමිත් අතුකෝරාල සහෝදරයා මහා පාවාදීමකින් පසුව වධදී ම!රා දමනු ලබන්නේ ප්‍රා කල්ලියේ මූලස්ථානය තිබූ නාත්තන්ඩිය ඉස්සෝ තවානකදීය.
රනිල් වික්‍රමසිංහ නායකත්වය දැරූ බටලන්ද වධකාගාරය තුළ ක්‍රියාත්මක වූ ප්‍රධාන ඝා!තන කල්ලිය හැඳින්වූයේ කළු බළල්ලු නමිනි. එම ඝා!තන කල්ලිය සමග ප්‍රා සංවිධානය හොඳ ගනුදෙනුවක් තිබිණි. ප්‍රා නායකයින් එජාපය වෙනුවෙන් දැවැන්ත මිනිස් සංහාරයක් දියත් කළ කර්නල් ජානක පෙරේරාගෙන් 1989 අප්‍රේල් සහ මැයි මාසයේ වාර දෙකකදී පොඩි සිල්වා සහ ධර්මසිරි, ඔසී අබේගුණසේකර රාජිත සේනාරත්න අවි ලබාගත් බවට වාර්තා වේ.
ප්‍රා සංවිධානය කළු බලල්ලු කොලකොටි වැනි ඝා!තක කල්ලි විසින් පැහැරගන්නා පිරිස් බොහෝවිට රැගෙන එනු ලබන්නේ බටලන්දටය එසේත් නැතිනම් කොළඹ නීතිපීඨයේ පිහිටි වධකාගාරයටය. මෙම ස්ථාන දෙකට රැගෙන ආ කිසිවෙකුට යළි ජීවත්වීමට ඉඩ නොතැබුවේය. එසේ ජීවත්වනවා නම් ජීවත්වන්නේ කොළඹ නීතිපීඨ වධකාගාරයේ “අත්අඩංගුවේ” සිටි පාඨලී චම්පික රණවක පමණි. පැහැරගත් ජවිපෙ සාමාජිකයින්ට දරුණු වධ දී ඔවුන් බිල්ලන් ලෙස යොදා ගෙන සෙසු සාමාජිකයින් හඳුනා ගැනීම ඇරඹුවේ ප්‍රා සංවිධානය මගිනි. ඒ වෙනුවෙන් උපදෙස් ලබාදුන්නේ උතුරේ බෙදුම්වාසීන් වන පද්ම නාභ, උමා ප්‍රකාශ් වැනි ප්ලොට් හා ඊපීආර්එල්එෆ් නායකයින්ය.
පැහැරගත් පුද්ගලයින් සම්බන්ධයෙන් හබායාස්කොපුස් නඩු වලට පෙනී සිටි නීතිඥයින් වන චරිත ලංකාපුර, කාංචන අබේපාල සනත් කරලියැද්ද වෙඩි තබා ම!රා දමන්නේ ප්‍රා කල්ලිය විසිනි. 1988/89 අරගලය තුළ සරසවි සිසුන් 396ක් ඝාතනය වූ අතර තවත් සරසවි සිසුහූ 227ක් අතුරුදහන් වූහ. ප්‍රා සංවිධානය ඝාතනය කළ 1,222 ක ම! රණ අතර සරසවි සිසුන් 200කට වැඩි ආසන්න පිරිසක් සිටි බව අනාවරණය වී ඇත.
මෙම ඝාතනය කළ පිරිසෙන් සාතිශය බහුතරය මරා දැමුවේ පසුගිය කලෙක *නිර්මාල් රංජිත් විසින් අගැයුමට ලක්කළ කේඑල් ධර්මසිරිගේ* නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමය විසිනි.
1989 අගබාගයේදී බොරැල්ලේදී කේඑල් ධර්මසිරි වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වු අතර ඔසී තොටලඟ බෝම්බයේදී යාපනය පුස්තකාලයට ගිනිතැබූ ගාමිණි දිසානායක සමග පරසක්වල ගැසීය.
@උදාර සඳරුවන්
Udara Sandaruwan fb page