SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගුද මාර්ගය පාත් වීම කියන්නේ ප්‍රතිකාර තියෙන ලෙඩක්.

ඒත් රෝගීන් ගොඩක් වෛද්‍යවරයෙක් හම්බවෙන්න එන්නේ නෑ. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ලැජ්ජාව තමයි ලොකුම අවුල.

 

 

මේ අම්මත් අවුරුදු ගාණක් Prolapse එක තියාගෙන ඉදලා. එන්න එන්න වැඩි වෙන නිසා අද අපේ clinic එකට ඇවිත් තියෙන්නේ.

 

(Photo එක ගත්තේ ඒ අම්මගේ අවසරය මත.)

 


Rectal Prolapse කියන්නේ ගුද මාර්ගයේ අන්තිම කොටස (Rectum) එළියට එන එකට. මේක ඕනෑම වයසක කෙනෙක්ට හැදෙන්න පුලුවන්. වැඩිපුරම වයස අවුරුදු 50 ට වැඩි අයටයි, කාන්තාවන්ටයි තමා හැදෙන්නේ.

 


මොනවද හේතු?


දිගුකාලීන මළ බද්ධය
නිතරම බඩ බුරුලට යාම - ගුද මාර්ගයේ මාංශපේශි දුර්වල වෙනවා.
ගැබ්ගැනීම් හෝ දරුප්‍රසූතිය - බඩවැල්වලට බර වැඩිවෙනවා.
වයසට යාම - මාංශපේශි හා බන්ධන පටක දුර්වල වෙනවා.
අධික බර එසවීම - බඩ ඇතුළේ පීඩනය වැඩිවෙනවා.
ස්නායු රෝග - බඩවැල්වලට සම්බන්ධ ස්නායු දුර්වල වෙනවා.

 

 

රෝග ලක්ෂණ මොනවාද?


ගුද මාර්ගයෙන් යමක් එළියට එන බව දැනෙනවා
ගුද මාර්ගයේ අපහසුතාවයක්, වේදනාවක් හෝ ලේ ගැලීම.
වැසිකිලි යාම පාලනයක් නැතිවීම (Fecal incontinence).


?ඔයාට ලක්ෂණ තිබුණොත්, ඉක්මනින් වෛද්‍යවරයෙක් හම්බවෙන්න.
❤️Operation එකකින් නිවැරදි කරන්න පුලුවන් තත්ත්වයක්.


Rectal Prolapse වළක්වන්නේ කොහොමද?


- මළ බද්ධයට ඉඩ නොදී තන්තු බහුල ආහාර ගන්න.
- ජලය ඕනෑ තරම් බොන්න.
- බර එසවීමේදි පරිස්සම් වෙන්න.
- ගුද මාර්ගයේ මාංශපේශි ශක්තිමත් කරන ව්‍යායාම කරන්න.
- දුම්පානය හා අධික බර අඩු කරන්න.

 

@Dr.Gayan Senevirathne

නවතම ලිපි