මැදපෙරදිග කලාපීය යුද්ධය තාවකාලිකව සටන්විරාමයකට අවතීර්ණ වීමත් සමග
ජුනි 25-26 දෙදින තුල නෙදර්ලන්තයේ HUGUE නගරයේ ලෝකයේ බලවත්ම යුධ සංවිධානය වන NATO සමුලුව කැඳවා ඇත.
සාමාජික රටවල් 32 යුත් NATO යුධ සංවිධානය ගෝලීය අවිනිශ්චිත තත්ත්වය තුල රැස්වීම ඓතිහාසික තත්ත්වයකි.
මේ සමුලුවේ සුවිශේෂීත්වය වී ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජනය සහ සීතල යුද්ධයෙන් පසු හිතාගත නොහැකි ලෙස පවත්වාගෙන ගිය ආරක්ෂක වියදම් තවදුරටත් ඉහළ නැංවීමට ගෙන ඇති තීරණයයි.
කෙසේ වෙතත්,ආරක්ෂක වියදම්වල වැඩිවීම 5% ක් දක්වා වැඩි කිරීමට සාමාජික රටවල් එකගවීම හරහා නිරීක්ෂණය කල හැකි කාරනය වන්නේ, සමකාලීන අර්බුද ධනවාදී දේශපාලන ආර්ථික ප්රතිවිරෝධයන් උත්සන්න වීම හරහා ධනවාදී අධිපති බලවේග විසින් සමකාලීන PROXY යුද තත්ත්වය තවදුරටත් අර්බුදය කලමනාකරනය කරගැනීම සඳහා හදිසි ආර්ථික ධාවකය ලෙස තෝරාගෙන ඇති බවයි.
යුද්ධය සඳහා වෙන්කර ඇති මුදලින් 3.5% ක් පමණක් හමුදා සහ ආයුධ සඳහා වන අතර සයිබර් ආරක්ෂාව, යටිතල පහසුකම් ඇතුලු බැරැක්ක ඉදිකිරීමට ඉතිරි 1.5% යොදාගැනීමට නියමිත බව, ඒ සම්බන්ධ ආරංචිමාර්ග පවසයි.
මේ සුවිශේෂී තත්ත්වය නිරීක්ෂණය කරනවිට පෙනෙන කාරණය වන්නේ,සමකාලීන ගෝලීය අර්බුද ධනවාදය මුහුණ දී ඇති සංකීර්ණ තත්ත්වයයි.ගෝලීය ජනයාගේ දුගීබව අහෝසි කිරීම වෙනුවට දුගීබව තාවකාලිකව කලමණාකරනය කිරීම සඳහා මෙම කෘතිමව නිර්මාණය කරන ලද, ඊනියා පසමිතුරුතා පදනම් කරගත් PTOXY යුධ තත්ත්වය නොනවතින ක්රියාවලියක් බවට පත්වීමයි!
@ Nalin Dodangoda