මිනිස් සංහතිය ලෙස අප ලැජ්ජාවට පත්විය යුතු ඛේදවාචක...
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය ඉදිරියේ ඇමරිකානු වෛද්‍ය ෆෙරෝස් සිද්වාගේ සාක්ෂි ප්‍රකාශය මෙසේ ය.
මම වෛද්‍ය ෆෙරෝස් සිද්වා.
කම්පනය හා දැඩි සත්කාරය පිළිබඳව ඇමෙරිකානු ශල්‍ය වෛද්‍යවරයෙක්.
මා මෙහි සිටින්නේ නීති සම්පාදකයෙකු හෝ දේශපාලකයෙකු ලෙස නෙවෙයි.
මා වෛද්‍යවරයෙකු ලෙස මෙහිදී සාක්ෂි දරනවා.
හිතා මතා සෞඛ්‍ය පද්ධතියක් විනාශ කිරීම ගැන;
මගේ සගයන් ඉලක්ක කිරීම ගැන;
ඒ වගේම, ජන කොටසක් මකා දැමීම පිළිබඳව.
ගාසා හි සති පහක කාලය තුළ මා කිසිදු සටන්කරුවකුට ප්‍රතිකාර කලේ නෑ.
මා ප්‍රතිකාර කළේ හදවත් පසාරු වූ හා මොලයට වෙඩි උණ්ඩ ඇතුළු වූ දරුවන්ටයි;
ගර්භාෂය තුළදීම කලල් විනාශ වූ ගර්භනී කාන්තාවන්ටයි.
ගාසා හී දරුවන්ගෙන් අඩකට පමණ ජීවිතාශාවක් නෑ...
මාගේ මව, පියා, නැතිනම් සොයුරිය සමගම මමත් මියගියේ නැත්තේ ඇයි?
ඔවුන් නගන ප්රශ්නයයි.
ඒ අන්තවාදය නිසා නෙවෙයි; දරාගත නොහැකි ශෝකය නිසායි.
ජීවිතාශාව අත්හල අවුරුදු 5ක දරුවකු හමුවී ඇති අයෙකු මෙම කවුන්සිලය තුළ ඇත්දැයි මම නොදනිමි.
මගේ ඊශ්‍රායල හා අමෙරිකානු මිතුරන් තම නාමයෙන් සිදුවන මේ විනාශය ගැන භීතිය ප්‍රකාශ කරති.
අපගේ රජයන් මෙම විනාශය දිගින් දිගටම පවත්වාගෙන යාමට දරන දායකත්වය අප බොහෝ දෙනෙකුට තේරුම් ගත නොහැක.
නමුත් මෙහි සිටින ඔබට මෙම විනාශය නැවැත්විය හැක.
මෙම කවුන්සිලයෙනුත් විශේෂයෙන්ම මගේ රජයෙනුත් මා උදක්ම ඉල්ලා සිටින්නේ,
අදාළ නීතිමය සම්බාධක ක්‍රියාමාර්ග තුලින් වහාම ස්ථිර සටන් විරාමයක් ගෙන ඒමට ක්‍රියාකරන ලෙසයි.