SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජෝර්ජ් ඔවල්(Eric Arthur Blair) ගේ 123 වන ජන්ම දින සැමරුම.!!

දශක හතකට පෙර අද ලොව දුටු ජෝර්ජ් ඕවල් ගේ අනාගත වාදී ප්‍රබන්ධයන්

 


(Animal Farm (1945) සහ The Nineteen Eighty Four (1949) සත්‍යවන යුගයක සිට ඔහුගේ ජන්ම දින සැමරීම, 
රටක හෝ සමාජයක අතිශය වැදගත් පාලන ක්‍රමයන් හෝ සමාජ ක්‍රමයන් ඇතැම් පුද්ගලයන් ගේ හා සංස්ථාවන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වී යාම එම නිසා ම එම රටවල් හා සමාජයන් එහි වෙසෙන ජනතාව සමඟින් ම මහත් ආගාධයකට වැටෙන බව සිය ප්‍රබන්ධයන් තුලින් දුටු ඕවල්, සිය ප්‍රබන්ධයන් සත්‍ය වන යුගයක සිහියට නැංවෙයි.

 


ජෝන්ගේ ගොවිපළේ සියලුම සතුන් අති මහත් සමගියක් හා ශක්තියක් පෙන්නුම් කරමින් කෲර පාලකයෙකු වූ ජෝන්ගෙ අතින් සිය විමුක්තිය උදාකර ගනී. සතුන් ඔහුන් අතර සිටිනා වඩාත්ම බුද්ධිමත් යැයි සැළකුණ ඌරන් වෙත පාලන බලය ලබා දෙන අතර කෙටි කාලයක් ඉතාම පරමාදර්ශි සත්ව හිතකාමී පාලනයක් ගොවිපල තුල ඌරන් විසින් පවත්වාගෙන යයි..කලෙකින් ක්‍රම ක්‍රමයෙන් නැපෝලියන් වැනි වූ ඌරන් අතින් දුෂණයට ලක්ව අවසානයේ දී ජෝන්ගේ පාලනයටත් වඩා කුරිරු අමන හා දුර්දාන්ත පාලනයක් ගොවිපළ තුළ බිහි වෙයි .එම අවස්ථාවන්හි දී එයට විරුද්ධ වන ගැරිබෝල් වැනි ඌරන් හා එයට විරුද්ධ වන්නා වූ වෙනත් ඕනෑම අයෙක් ද විනාශ මුඛයට හෙළමින් විප්ලවයේ සියලුම සාධණීය ගුණාංග විනාශය කරා,ගොවිපලේ පාලක ඌරන් විසින් ඇදගෙන යයි.

 


ගොවිපලේ පෙරලිය 


ඕවල්ගේ කෘතීන් හි දැක්වෙන ලෙස සමාජයන්හි ජනතාව අවදි වෙමින්, ඇතැම් විට කලහකාරී ලෙස ද ඇතැම් විට සාමකාමී ලෙස ද සිය ඡන්ද බලය හෝ වෙනත් ක්‍රියා මාර්ග ඔස්සේ සාධාරණයේ නාමයෙන් පාලනයන් වෙනස් කිරීම හා ජෝන්ගේ ගොවිපළේ සත්තුන්ගේ විප්ලවයට උන දේම තම රටවල ද සිදුවන ආකාරයද දකිමින් ඇතැම්විට එසේ නොවන්නට තිර අදිටනින් විරුද්ධ වෙමින්ද කටයුතු කරන අයුරුත් අපවැනි රටවල් එවැනි තත්වයන් කෙරෙහි අතිශය නිද්‍රාශීලී ප්‍රතිචාර දැක්වීම්ද අද ලෝක දේශපාලනය තුළ දැකිය හැක. අරගලය හරහා එයට යම් විරෝධයක් එල්ල කළද එය ද කවන්ධ මෙහෙයවීමක අසාර්ථක මෙහෙයුම් නිසා පසුබෑමකට ලක්වීම ලාංකීය දේශපාලනයේ අවාසනාවන්ත තත්වයකි.

 


එමෙන් ම ගොවිපොළේ සියලු සතුන් එකතුව තම අයිතිවාසිකම් හා පාලන බලතල අවිචාරයෙන් යුතු ව සමස්ත ඌරන් වෙතම බාර කළා සේ, තමන්ව පාලනය කරන්න ඌරන්ට ම භාරදී එහි විනාශය අත්විඳින රටවල් නම් වත්මන් ලෝකයේ කෙතෙක්නම්‍ පවතී ද?

 



"ද්විත්ව චින්තනය යනු යමෙකුගේ මනසෙහි එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් දරාගෙන ඉන්නා අතර ඒ දෙකම එකවිට සැබෑ යයි එක විටම ඇදහීමය. පක්ෂයේ සාමාජික බුද්ධිමත්හු තම ස්මරණයන් සකස් කර ගත යුත්තේ කවර මාර්ගයක් ඔස්සේ දැයි හොඳින් දනිති. එනිසාම තමා යථාර්ථය සමඟ බොරු මායම් කරන බව ඔවුහු දනිති. ද්විත්ව චින්තනය ඔවුන්ගේ උපකාරයට එන්නේ මෙහිදීය. එහි ආනුභාවයෙන් තමන් යථාර්තයට පිටුපා කටයුතු කරන්නේ නැතැයි තමාට ඒත්තු ගැන්වීමට ඔවුහු සමත් වෙති. මෙම චිත්ත ව්‍යායාමය විශේෂ ආයාසයක් නැතිව ඉබේම සිදු වෙයි."

 


"'යම්කිසි කෙනෙක් තවත් කෙනෙක් වෙත සිය බලය පතුරුවන්නේ කොහොමද වින්ස්ටන්?"
වින්ස්ටන් කල්පනා කලේය.


"ඔහුට දුක් දීලා. ඔහු දුකට පත් කරලා."
ඔහු උත්තර දුන්නේය.


"හරියට හරි. ඔහුට දුක්විඳින්න සලස්සලා තමයි. නිකම් අවනත වීම පමණක් මදි. ඔහු පීඩාවට පත් නොකලොත් ඔබ කොහොමද දන්නේ ඒ තැනැත්තා ඔබගේ අණසකට අනුකූලව කටයුතු කරනවාද නැතිනම් ඔහු තමාගේම හෘද සාක්ෂියට අනුව කටයුතු කරනවාස කියල. බලය කියන එකේ නියම අර්ථය අනුව වේදනාව දීමත්, ඔවුන් ගර්හිතයින් බවට පත් කිරීමත් තමයි කරන්නේ. බලය කියන එකේ තේරුම මිනිස් මනස අරගෙන කීතු කීතු වලට ඉරා දමා එතනට බලය හිමි තැනැත්තා විසින් තීරණය කරන ස්වරූපයක් ඇතුලු කිරීම.....

 


____1984_____

 


රුදුර ඒකාධිපතිවාදයේ ඇති අනර්තකාරී බවත් භයානක කමත් අනාගතවාදීව ලියනු ලැබූ ප්‍රතිඋටෝපියානු (Anty Utopian )විශිෂ්ට ම ප්‍රබන්ධයක් වන "1984" හා මානූෂීය හා සර්ව සාධාරණ මුහුවරකින් පටන් ගන්නා සියලු දේශපාලන ප්‍රවාහයන් කළෙකදී තිබුණාටත් වඩා ඉතා දුර්දාන්ත වන බවට වූ ස්‍ය පසක් කරවන "ගොවිපලේ පෙරලියත්" අද දවසේ අපේ රටේ ඇති වී ඇති තත්වයේ පිළිඹිඔුවක් නොවේද?

 


කෘති දෙකේම කාරණා ප්‍රත්‍යක්ෂ ලෙසින් සමාජය තුළ අප අත් විදමින් සිටීම ඔහුගේ මරණින් මතුව දශක හතකට අධික කාලයක් තුලදී සනාත වෙමින්,පැවතීම ඔහුගේ අනාගතවාදී ප්‍රබන්ධකරණයේ තිබූ දැක්ම පෙන්වන්නක්ය.
"මා කරන්නේ අනතුරු ඇඟවීමක් පමණයි.

මෙය සිදුවන්නට ඉඩ තියන්න එපා."

ජෝර්ජ් ඕවල් එදා එසේ කීවා



@බෝපිටියේ ලලිත්
විදර්ශන පාටක ජාලය පිටුවෙන්

නවතම ලිපි