මේ දවස්වල දුම්රිය සේවයේ තනතුරුවලට නිලධාරීන් බඳවා ගන්නවා.
ඒ ගැන තිබෙන එක සංවාදයක් තමයි සමහර වෘත්තීන්වලට කාන්තාවන් බඳවා නොගැනීම පිළිබඳ ප්රශ්නය. මම හිතුවා ගැන පොඩ්ඩක් ලියන්න.
දුම්රිය රියදුරන් විදිහට කාන්තාවන් බඳවා නොගන්නා බවත් දුම්රිය නියාමකයන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් විදිහට පිරිමින්ට පමණක් අවස්ථාව දී ඇති බවත් මම දැනගත්තේ ඇමැතිවරයා උනාට පස්සේ.
මොකද මම කුඩා කාලේ ඉඳලම දුම්රිය නිතර භාවිතා නොකරන ඉතාම විශේෂ අවස්ථාවකදී විතරක් පාවිච්චි කරන කෙනෙක් නිසා.
මේ තත්ත්වය දැනගත්තට පස්සේ ආමාත්‍යංශ ලේකම්තුමාටත්, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාටත්, ලංගම ප්රධානීන්ටත් ඒක වෙනස් කරන ලෙසත් කාන්තාවන් මේ සියලු වෘත්තීන්ට බඳවා ගත යුතු බවත් දැනුම් දුන්නා. හැබැයි ඒ සඳහා දුම්රිය සේවා ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.
ඒ අතරම දුම්රියට අතිවිශාල සේවක හිඟයක් තිබෙන නිසා දුම්රිය සේවා පුරප්පාඩු පුරවන්න නමසිය නම දෙනෙක් බඳවාගන්න දෙසැම්බර් මාසෙදිම ඉල්ලීම් කලා. එය පෙබරවාරි වන විට අගමැති ලේකම් යටතේ තිබෙන කමිටුවකින් අනුමත කරලා එවලා තිබුණා. ඒ බඳවා ගැනීමට අදාළ කරන ගැසට් සකස් කරල තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය මත පවතින සේවා ව්‍යවස්ථා මත.
ඒ නිසා මේ තනතුරුවලට කාන්තාවන් බඳවා ගන්න පුළුවන් වෙන්නේ නැවත සේවා ව්‍යවස්ථාව වෙනස් කරලා ඒක රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමත කරගෙන නැවත ගැසට් කිරීමෙන් පමණයි. ඒ ටික කරගෙන මේ බඳවා ගැනීම් තව මාස ගණනක් කල් යන එක වළක්වන්න බැහැ.
(මෑතකදී කරන ලද දුම්රිය වැඩ වර්ජන දෙකකම පදනම වුණේ වසර හත අටකින් ඒ තනතුරු වලට කිසිම කෙනෙක් බඳවා නොගැනීම පිළිබඳ ප්රශ්නයයි).
එම නිසා මෙවර බඳවා ගැනීම්වලට කාන්තාවන්වා බඳව ගන්න බැරිවෙන බව දැනගෙනම අත්‍යවශ්‍ය පුරප්පාඩු ඉක්මනින්ම පුරවන්නත්, මේ වසරේම අලුත් බඳවා ගැනීම්වලදි කාන්තාවන්ට මෙම වෘත්තීන්ට ඇතුළු විය හැකි පරිදි මෙම සේවා ව්‍යවස්ථාවන් වෙනස් කිරීමත් කළ යුතු බව තීරණය කරලා දුම්රිය රියැදුරන් ගේ වෘත්තීය සමිතිය, දුම්රිය නියාමකයන්ගේ වෘත්තිය සමිතිය සමගත් මේක අපේ ප්‍රතිපත්තිය බව දැනුවත් කරලා මාස කිහිපයක් වෙනවා.
ඒ නිසාම මාර්තු මාසේ 7 තිබිච්ච මගේ අයවැය කතාවෙදි මම මේ කාරණය ඉස්සෙල්ලම කිව්ව රටට අපි මේක කරන බව. ඒක එහෙම කරන්නේ රටේ අගමැතිනිය කාන්තාවක් නිසාවත්, ලංකාවේ පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා නියෝජනය මේ වෙලාව තියෙන නිසාවත් නෙමෙයි. ඒක අපේ සමාජ දැක්ම සහ ගැහැණු හා පිරිමි අපි ඔක්කොම එකතුවෙලා හදපු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා.
මගේ කතාවේදී මම පැහැදිලිව කිව්වා දුම්රියටත්, ලංගමටත් කාන්තාවන් බඳවා ගන්නා බවත් ලංගමෙ 1960 ගණන්වල රියදුරුවරියන් සේවය කර ඇති බවත්,
ඒවගේම ලංකාවේ පාසල් සේවය කාන්තා රියදුරුවරියන් සහ කොන්දොස්තර වරියන්ගෙන් ආරම්භ කිරීමට මේ වසර තුළ අපට සිහිනයක් ඇති බවත්.(ඒ අලුත් පාසල් බස්වල Design පවා අපි දැන් කරගෙන යනවා)
ඒ සියල්ලට අදාළ කරන දේවල් අපි පටන් අරන් තිබෙනවා.
ඒ කිසිම දෙයක් ගැන දන්නෙත් නැතුව, හොයලා බලන්නෙත් නැතුව, අඩු ගානේ අහන්නේවත් නැතුව, දශක ගණනාවක් තිස්සේ කෝච්චියේම ගියා වුනත් කවදාවත් මේ වගේ යෝජනාවක් බරපතල මට්ටමින් කරපු නැති, ඕන නම් එවැනි යෝජනාවක් අපිට SMS එකකින් හරි එවන්න පුළුවන්කම තියෙද්දි, පණ්ඩිතමානී විදියට සහ ද්වේශ සහගත බව තැවරිච්ච විවේචන ඉදිරිපත් කරන කොට අපි කරන දේ ගැන දුක හිතෙන්නේ නෑ.
මේවා ලියන සමහර චරිත පිළිබඳව තිබිච්ච කියවීම කොච්චර නිවැරදිද කියන ගැටලුව නම් එනවා. මට එතකොට ආයිත් Amadeus Mozart බලන්න හිතෙනවා!
දුම්රිය කාලයක් තිස්සේ පීලි පන්නල තිබුණට, අපේ ප්‍රතිපත්ති අරමුණු, හෘද සාක්ෂිය පීලි පැනලා නෑ!
@Bimal Rathnayakeගේ මුහුණු පොතෙන්
පෙර ලිපි :
https://www.slleader.lk/life-style/12459-2025-06-21-07-47-19