පොදු ජනයා ගේ රහසිගත ඡන්දය ඔවුන් ගේ හෘදසාක්ෂියට අනුව කටයුතු කිරීමට අවස්ථාවක්!
මහජන නියෝජිතයා ගේ රහසිගත ඡන්දය තමාට ඡන්දය දුන් ජතාවට වංචා කිරීමට අවස්ථාවක්!!
තමන් තෝරාපත් කළ නියෝජිතයා කටයුතු කළ ආකාරය දැනගැනීමට ඡන්දදායකයාට අයිතියක් තිබිය යුතු යි.
විශාල පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් ජයග්‍රහණය කර තිබිය දීත්, තමන්ට බහුතරයක් නැති පළාත් පාලන ආයතනවල බලය පවා තමන් සන්තකයේ තබාගැනීමට මාලිමා ආණ්ඩුව දැරූ නිර්ලජ්ජිත උත්සාහය ගැන හෘදසාක්ෂියක් ඇති මිනිසුන් ඉන්නේ ශෝකයෙන්! කෝපයෙන්! අද වනවිට පවතින සියලු දේශපාලන පක්ෂ ඔවුන් ගේ අපේක්ෂා හොරකම් කර ඇති බව, නැතිනම් ඔවුනට වංචා කර ඇති බව පැහැදිලි යි.
මේ, අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිපාණන් ගේ වැනි ආධ්‍යාත්මික ඇමතීමක් සමාජය ඉල්ලා සිටින මොහොතක්!
බස්නාහිර පළාත් පාලන කොමසාරිස්තුමිය
@ Gevindu Cumaratunga