SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බහුතරයක් පළාත් පාලන කොමසාරිස් මුලසුන ගන්නා පළමු රැස්වීමේදී

අත් ඔසවා රහස් ඡන්දයක හෝ විවෘත ඡන්දයක අවශ්‍යතාව සභිකයන්ගෙන් ඒකාන්ත බහුතරයක් පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්නම් පපාකො ස්වකීය අභිමතය මත එයට වෙනස්ව ක්‍රියා කිරීම බැලූ බැල්මටම අවුලකි.

 

 

රාජ්‍ය පරිපාලන  හා පළාත් පාලන ලේකම්ගේ මාර්ගෝපදේශ යනු පනත් හෝ ආඥාපනත් නොවන නිසා ඒ අනුවම ක්‍රියා කිරීමට පළාත් පාලන කොමසාරිස් බැඳී නැති නමුත් ඒකාන්ත බහුතරයක් නැගී සිට අත් ඔසවා ස්වකීය මතය ප්‍රකාශ කළ විට එයට උඩින් අභිමතය තැබීම අවුලක් වේ . එනිසා සීතාවක හා මාවතගම කඩිනමින් රැස්වීම් කැඳවා ඒකාන්ත බහුතරයේ මතය ක්‍රියා කිරීම යෙහෙකි යයි සිතමි. 

 

 

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් කොළඹ මනස ක්‍රියාකළේ පොදු එකඟතාව මත නිසා එහි රහස් ඡන්දය පැවත්වීම කිසිම අවුලක් නැත.

 

රහස් ඡන්දයක් ඉල්ලන්නේ ඩීල් නිසා බව සමහරු කියනවිටදී විවෘත ඡන්ද‍ය ඉල්ලන්නේද ඩීල් නිසා යයිද යමෙකුට කියන්නට හැකිය.

 

එනිසා මෙම ඡන්ද විමසීම්, පාර්ලිමේන්තුවෙන් අන්තර්කාලීන ජනපති තෝරන පරිදි, කථානායක තෝරන පරිදි, පුරවැසියන් මැතිවරණ / ඡන්ද විමසීම්වලදී ඡන්දය දෙන පරිදි රහස්‍ය ලෙස පැවැත්විය යුතු වේ.

ඒසඳහා පනත සංශෝධනය කිරීම අත්‍යවශ්‍යය.

 

 

@Mahinda Deshapriya fb page

නවතම ලිපි