SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉරානය කියන්නේ ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි අංශයට කෙලිබිමක් වගේ බව පේනවා නේද?

මොසාඩ් එක ඉරානය තුල හිතූ හිතූ දේ කරනවා..

 

 

එහි දිග පලල දැක ඉරානය අන්ත අසරණ වී ඉන්නේ..මොසාඩ් සංවිධානය ඉරාන භුමියේ සිටම ඉරානය තුලට ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කරනවා..අද දිනයේ ටෙහෙරාන් නගරයේ ප්‍රධාන ජල නල පද්ධතිය පවා විනාශ කරලා..න්‍යෂ්ටික විද්‍යාඥයින් ඉරානය තුලදීම කාර් බෝම්බ වලින් ඝාතනය කරනවා..

 

මොසාඩ් සංවිධානය ඉරානය තුල මෙතරම් සාර්ථක වීමට හේතුවක් තියනවා..ඉරාන විප්ලවයෙන් පසුව ඉරානය ආගමික රාජ්‍යයක් බවට පත්වුනා.නිදහසේ සිටි ජනතාවගේ නිදහස බොහෝ පැතිවලින් සීමා වුනා .එහි ජීවත්වන බොහෝ ජනතාව රාජ්‍ය පාලනය කරන ආගමික සංස්ථාව සහ ඊට සමගාමී රජය සමඟ සිටින්නේ විරසකවයි..

 

පිටතින් පෙන්වනවාට වඩා ඉරාන ජනතාව ඉරාන පාලනය සමඟ වෛරයෙන් පසුවන්නේ..

 

එනිසා මොසාඩ් සංවිධානයට ඉරානය තුල ඉතා සක්‍රියව ඉරාන පාලකයන්ට සහ හමුදාවන්ට විරුද්ධව කටයුතු කිරීමට පහසුයි..

 

පසුගිය දින කිහිපයේ සිදුවූ සිදුවීම් අනුව එය ඉතා පැහැදිලියි..වත්මන් ඉරාන පාලනයට අකමැති ජනතාවගේ සහය මොසාඩ් සංවිධානයට නොමසුරුව ලැබෙනවා ඇති..නොඑසේනම් මේ ආකාරයෙන් මොසාඩ් එක ඉරානය තුල අති සාර්ථක මෙහෙයුම් සිදු කරන්නට බෑ.

 

මේ යුද්ධයෙන් ඉරානය පරාජය වීමට ඇති ඉඩ වැඩියි..එයට හේතුව ජනතාවගේ සහයෝගය ඉරාන පාලකයන්ට නොලැබීමයි..එසේම බොහෝ දුරට පාලක රෙජීමය එරට ජනතාව විසින්ම පලවා හරිවී...දශක කිහිපයක් ආගමික සහ හමුදා පාලකයන්ගේ දරදඬු දෑත්වලින් පීඩාවට පත් ඉරාන ජනතාව සිටින්නේ අවස්ථාවක් ලැබෙන තුරු පමණයි..ආගමික පොලිසි වැනි ආයතනවලින් ඒ රටේ ජනතාව හෙම්බත්වී සිටින්නේ..රටේ ජනතාව තමන්ට විරුද්ධව කටයුතු කිරීම ගැන ඉරාන පාලකයන් පුදුම විය යුතු නෑ..එහි වරද රටේ ජනතාව පීඩාවට පත්කල ඉරාන රාජ්‍ය තන්ත්‍රයමයි..ඔවුන් දැන් ප්‍රමාදයි...යුද්ධයෙන් ඉරානය පරාජය වුනොත් රජය සමඟ වෛරයෙන් පසුවන ජනතාවට මෙවර නම් පොටක් පෑදෙයි..

 

නමුත් ඉන් ඔවුන්ට සිතන තරම් යහපතක් සිදුවේ යැයි සිතන්නට බෑ..

 

උදාහරණය රාජ්‍යය බිඳ වැටී පාලනයෙන් ගිලුහුනු ලිබියාව සිරියාව ඉරාකය...

 

@ මාලින්ද ඩයස්-

නවතම ලිපි