හෙයියන්තුඩුවේ සශ්‍රීක කෙතක් ආශ්‍රිතව ටිකිරි නම් කුඩා වැස්සියක් ජීවත් වුණා.
ඇයට වයස යාන්තම් අවුරුදු එකහමාරයි. ලස්සන විල්ලුද දුඹුරු හම, මෘදු, විශාල ඇස් සහ කුතුහලයෙන් පිරුණු සිතක් ඇය හට තිබුණා.
ඇගේ හිමිකරු ගිල්බට්, ඔහුගේ කුඩා ගව රංචුව වටා ජීවිතය ගෙවාදැමූ මිනිසෙක්. ඔහුටත් සිය පවුල පෝෂණය කිරීමේ දෛනික අරගලයට මුහුණ දෙන්නට වුණා. අවාසනාවකට ලංකාවේ ගවයන් ඇතිකිරීම යනු අසීරු ජීවිතයක් ඇති කරන්නක් වන අතර, ගම්වැසියන්ට විකුණන කිරිවලින් ලැබෙන්නේ එදා වේල පිරිමැහෙන සොච්චම් මුදලක්.
එමනිසා දිනක්, ටිකිරිගේ අහිංසක ජීවිතය මතට අඳුරු සෙවනැල්ලක් වැටුණා. ඇගේ හිමිකරුට ඇතිවුණ දැඩි මුදල් අවශ්‍යතාවයක් නිසා, ඔහු විසින් ඇයව ගව ඝාතකාගාරයකට විකිණීමේ හද කම්පා කරවන තීරණයක් ගත්තා. ඒ අනුව නියම කරගත් දිනක මස් වෙළෙන්දෙකු ටිකිරි විසූ ගොවිපලට ගිය අතර, එම ගමන සාකච්ඡා සහ කේවල් කිරීම්වලින් පිරී ගියා. අවසානයේ අසරණ ටිකිරිට මිලක් නියම වුණා, රුපියල් ලක්ෂයක්!
මෙම දුක්බර කතාව අපගේ විශ්වාසවන්ත සේවකයෙක් වන අනුරගේ කන වැකුණා. ඔහු ටිකිරිගේ දුක්ඛිත තත්වය අප සමඟ බෙදා ගත්තා. එම දුක්බර, සංවේදී කතාව අපගේ හදවත් වහාම ස්පර්ශ කළා.
(ටිකිරිගේ දිවි රැකදුන් බෞද්ධ සහෝදරත්ව පදනමේ නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ)
අප ටිකිරි , කුඩා ටිකිරි එලෙසින් දිවි ගලවා ගත්තා. අද, ඇය අපේ භූමියේ සතුටින් තණ කනවා. හොඳ ආහාරවලින් ඇගේ කුස පිරී ගොසින්. බෞද්ධ සහෝදරත්වයේ කාර්ය මණ්ඩලයේ ආදරය හා ආරක්ෂාවෙන් ඇය සතුටින් දිවි ගෙවනවා.
ඇගේ කතාව දයානුකම්පාව පිළිබඳ සාක්ෂියක්. එමෙන්ම සෑම ජීවිතයක්ම, කොතරම් කුඩා වුවත්, විසල් වුවත්, සාමයෙන් හා සතුටින් ජීවත් වීමට අවස්ථාවක් ලැබිය යුත්තක් බව මතක් කිරීමක්!