ගාසා තීරයේ දකුණු නගරයක් වන රෆා අසල ඇමරිකානු සහාය ලත් ආධාර බෙදා හැරීමේ ස්ථානයක් අසල
වෙඩි තැබීමේ සිද්ධියකින් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති අතර බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව වෛද්‍යවරු පවසති.
මානුෂීය ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අසල දහස් ගණනක් පලස්තීන ජාතිකයන් රැස්ව සිටි බවත්, ඊශ්‍රායල යුද ටැංකි පැමිණ පිරිසට වෙඩි තැබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.
මෙම සිදුවීම ගාසා තීරයේ දකුණේ රාෆා හි බටහිර දෙසින් සිදුවී ඇති අතර තුවාල ලැබූවන් ගාසා තීරයේ ක්‍රියාත්මක වන රෝහල් කිහිපයෙන් එකක ඛාන් යුනිස් හි ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙය සිදුවන්නේ එක්සත් ජනපදය සටන් විරාමයකට මැදිහත් වීමට උත්සාහ කරන අතරම ගාසා තීරයේ මානුෂීය තත්ත්වයන් සම්බන්ධයෙන් ඊශ්‍රායලය ජාත්‍යන්තර විවේචනයට ලක්ව ඇති අවස්ථාවක ය.
දකුණු ගාසා තීරයේ රෆා හි එක්සත් ජනපද අරමුදල් සහිත ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් අසල ප්‍රහාරයට ලක් වූ ස්ථානයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සිරුරු බූරු කරත්තවල නංවාගෙන ගොස් ඇත.
ඊශ්‍රායල යුද ටැංකි වෙඩි තබන විට, දහස් ගණනක් පලස්තීන ජාතිකයන් ආධාර මධ්‍යස්ථානය අසල උදෑසන රැස්ව සිටි බව ප්‍රාදේශීය පලස්තීන මාධ්‍යවේදියෙක් පැවසීය.
නව ආධාර යාන්ත්‍රණයේදී අදාළ මෙම මාරාන්තික සිදුවීම සිදුවූයේ, එක්සත් ජනපදයේ සහාය ලත් නවතම සටන් විරාම යෝජනාවට හමාස් සංවිධානය ප්‍රතිචාර දැක්වීමෙන් පැය කිහිපයකට පසුවය.
හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා ඇත්තේ කණ්ඩායම ධනාත්මකව සහ වගකීමෙන් යුතුව ප්‍රතිචාර දැක්වූ බවයි, නමුත් ඇමරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසා ඇත්තේ එය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බවයි.
කෙසේ වුවද මෙම නව ආහාර බෙදාහැරීමේ පදනම ඊශ්‍රායලය සහ ඇමිරකාව එක්ව නිර්මාණය කර ඇති අතර හමාස්වරුන් ආහාර ලබාගැනීම වැලැක්වීමට ඔවුන් එහි ක්‍රියාවලිය අතට ගෙන තිබුණි.
කුසගින්නනෙන් පෙළෙන දරුවන් ඇතුළු ජනතාවට ආහාර පෙන්වා වෙඩි තැබීමේ අමානුෂිකම ක්‍රියාවලිය මෙසේ සිදුවෙද්දී මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, වෙනුවෙන් පෙනී සිටින ලෝක ආයතන සහ රටවල් නිහඩව පසුවීම කණගාටුදායකය.