මහනුවර නගර සැලැස්ම නිර්මාණය වූයේ පදිකයන්ට මිත්‍රශීලී walking city සංකල්පය පදනම් කරගෙනය.
ඩෙන්මාකයේ කෝපන්හේගන්, නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩෑම්, ඔස්ට්‍රියාවේ වියාන, ප්‍රංශය් පැරිස්, ජපානයේ ටෝකියෝ යනු ද මෙම නූතන සංකල්පය පදනම් කරගෙන ගොඩ නැගුන නගර සඳහා නිදසුනකි.
පියගැටපෙලවල් සහිත පදික උමං හරස් මාර්ග , පදනමින්ම පදිකයින්‍ට මිත්‍රශීලී ඉදිකිරීමක් නොවේ. එය එසේ නොවන්නේ පහත හේතු නිසාය.
පදික උමං හරස් මාර්ග යනු සාර්ව පුද්ගල ප්‍රවේශයට නොගැලපෙන ඉදිකිරීම් වේ ඒ ආබාදිතයන්ට, රෝලින් බෑග් පාවිච්චී කරන පදිකයන්ට, ජේෂ්ඨ පුරවැසියන්ට, තාවකාලික ආබාද ඇත්තට, දනහිස් ආබාද ඇත්තන්ට, ගැබනි මව්වරුන්ට, කුඩා දරුවන් වඩාගෙන යන පදිකයන්ට සමානව ප්‍රවේශය විය හැකි මාර්ග නොවේ. පදිකයන්ට හිතකර නගරයක් නම් සියලු පුද්ගලයන්ට ප්‍රවේශයට හිතකර මාර්ග විය යුතුය නමුත් පදික උමං හරස් මාර්ග යනු එසේ පදිකයන්ට හිතකර මාර්ග නොවේ.
walkable city එකක් යනු බාදාවකින් තොරව අඛණ්ඩව ජාලගත වන පදික මාර්ග සහිත නගර වේ. නමුත් මහනුවර නගරයේ පදික උමං හරස් මාර්ග යනු පදිකයන්ට භෞතික බාදක ගොඩ නගන, පියගැට බැසීමට හා නැගීමට බල කෙරෙන ඉදිකිරීම් වේ. එම නිසාම පදිකයන්ගේ අධෛරමත් වීම සාමාන්‍ය තත්වයකි.
සත්‍ය වශයෙන්ම ගතහොත් පදික උමං මාර්ග යෝජනා වන්නේ, ඉදිකෙරෙන්නේ වාහන වල සචලතාව සුමටව පවත්වා ගැනීමටය.
එපමණක් නොව සාමාන්‍ය පිලිගැනීම නම් රාත්‍රී කාලවල උමං මාර්ග යනු අහීමාන, අපචාර ක්‍රියා සහිත කලාපයන් ය. එය පදිකයාගේ ආරක්ෂාවට මෙන්ම පදික මනෝභාවයයට ඍණාත්මකව බලපායි.
නූතන පදික හිතකාමී නගර සැලසුම් පහත කරුණු පදනම් කරගෙන නිර්මාණය කෙරෙයි.
Universal Design - Infrastructure usable by all people , to the greatest
Inclusive Mobility - Ensuring everyone can move freely
Pedestrian Priority - Making walking the easiest , most attractibe option.
මහනුවර නගරයේ පදික උමං හරස් මාර්ග ඉහත කරුණු තුන සපුරාලන්නේ නැත.
සැබෑ පදිකයන්ට මිත්‍රශීලී walking cities යනු ආරක්ෂිත, සරල, සංකීර්ණ උස් පහත්වීම් නැති පදික මාරු ( signalized at - grate crossings ) ප්‍රමුඛ උමං මාර්ග අවම නගරයන් ය.
උමං පදික හරස් මාර්ග අනිවාර්‍ය වූ විට, ඒවා සඳහා පියගැට පෙළවල් වලින් ප්‍රවේශ විය යුතුය. එය පදිකයින්ට හිරි හැරයකි.
ලන්ඩන්, ටෝකියෝ සහ හොං කොං වැනි නගර අතීතයේ ඉදිකල පැරණි උමං මාර්ග සඳහා සෝපාන හඳුන්වා දෙමින් ඒවා නවීකරණය කරන්නේත් නව උමං මාර්ග ඉදිකිරීම අවම කරමින් යන්නේත් ඉහත ගැටලු නිසාය. එමෙන්ම ඇමස්ටර්ඩෑම්, කෝපන්හේගන් වැනි නගර නව උමං පදික මාරු ඉදිකිරීම සහමුකින්ම වාගේ අධෛර්මත් කොට ඇත. තවද සිංගප්පූරුව , සුරීච් වැනි නගර පදික උමං මාරු සඳහා step free access පමණක් අනිවාර්‍ය කොට ඇත.
මධ්‍යම පාංතික ජහමනයාගේ ෆැන්ටසිය යතාර්ථයක් කිරීම සඳහා ඉදිරිපත් වූ NPP ආණ්ඩුව , මහනුවර හරහා වාහන වලින් ගමන් කරන මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් පදිකයන් උමං වලට ගාල් කිරීමට පාර පුරා වැටවල් ඉදිකොට ඇත එය අසාර්ථක වූ කල නීති සකස් කිරීමට උනන්දු වී ඇත.
එසේ කරන්නේ ටෝකියෝ, ඈම්ස්ටර්ඩෑම්, වියානා, පැරිස් වැනි නගර පවා at - grade crossing පවත්වාගෙන යන තත්වයක් තුලය. NPP මැති ඇමතිවරුන් තම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන පුද්ගලික වාහන භාවිතය අධෛරමත් කිරීම මහනුවර පදික හිතකාමී නගරයක් කිරීම යනු හුදු වාග් ප්‍රලාප පමණක් බවත් ඔවුන් අවිඥ්ඥාණිකව දරා සිටින්නේ මධ්‍යම පාංතික ෆැන්ටසිය බවත් තව තවත් තහවුරු කොට ඇත.
@ රුවන් ප්‍රියංකර