SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බලවත් කතාවක් කරමින් බුර්කිනා ෆාසෝ හි ජනාධිපති ඉබ්‍රහිම් ට්‍රෝරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) විශ්මය ජනක පණිවිඩයක් ලබා දුන්නේය.

එය ඔවුන් අපේක්ෂා නොකළ පණිවිඩයකි.

තම රට IMF වලින් ඉවත්වන බව කීවේය.

 

 

maxresdefault

 

 

මීට වසර දෙකකට පෙර බලයට පැමිණි 37 හැවිරිදි තරුණ ජනාධිපතිවරයාගේ මෙම නිර්භීත ආමන්ත්‍රණය ණය වහල්භාවය, ආර්ථික සූරාකෑම සහ නව යටත් විජිත උපක්‍රමවල කටුක යථාර්ථය පෙන්වා දෙයි. ට්‍රෝරේ IMF ට මුහුණ දෙන්නේ නායකයෙකු ලෙස පමණක් නොව, අප්‍රිකානු මහාද්වීපය පුරා අමතක වූ, දුප්පතුන් සහ පාවා දුන් අයගේ හඬක් ලෙස ය. මූල්‍ය පද්ධති හැසිරවීමේ සිට අප්‍රිකාවේ සම්පත් ක්‍රමානුකූලව සොරකම් කිරීම දක්වා, ඒ සියල්ල පැහැදිලිවම දන්නා නායකයෙකු ලෙසය. මෙය හුදෙක් කථාවක් නොවේ. එය අප්‍රිකානු ස්වෛරීභාවය, ආර්ථික යුක්තිය සහ පරම්පරා පිබිදීම සඳහා වන කැඳවීමකි. ගෝලීය බලවතුන්ට බලගතු අනතුරු ඇඟවීමක් සහ අනාගතය පවතින්නේ විදේශ යැපීම තුළ නොව, එකමුතුකම, ස්වයං විශ්වාසය සහ අපගේ මුතුන් මිත්තන්ගේ ආත්මය තුළ බව අප්‍රිකානුවන්ට මතක් කිරීමකි.

 

 

hq720 1

 

"ජාතියක ජීවිතයේ නිහඩතාවය පාවාදීමක් වන මොහොතක් පැමිණේ. අඛණ්ඩ කීකරුකම සියදිවි නසාගැනීමක් වන අතර, ඔබව හුස්ම හිරකරන එම දෑත්වලට නැමීම තව දුරටත් රාජ්‍යතාන්ත්‍රික නොවන විට, එය යටත් වීමකි.

 

 

මගේ නම කැප්ටන් ඊබ්‍රහිම් ට්‍රෝරේ. මම වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ඔප දැමීමේ ක්‍රමයට කතා කරන්නෙ නැහැ. මම බහුජාතික මණ්ඩල කාමරවල කොලෝන් අඳින්නෙ නැහැ.මට වොෂින්ටනයේ පුහුණුවක් ලැබුණේ නැහැ. ජිනීවාවල පුහුණුවීම් කළේත් නැහැ.

 

මම කතා කරන්නෙ මගේ ජනතාව ලේ ගලන පොළොව මතක තබා ගන්නා යුධ පිටියේ සිටයි. මම කතා කරන්නෙ දිගු කලක් තිස්සේ වංචාකාරයකුගේ සිරගෙයක් ලෙස සලකනු ලැබූ ජාතියක් වෙනුවෙන්.

 

 

අද මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කෙලින්ම කතා කරන්නෙ වෙව්ලන දෑතින් නොව, සියවස් ගණනාවක අප්‍රිකානු වේදනාවෙන් සහ දැන් අප්‍රිකානු පිබිදීමෙන් මුල් බැස ගත් හඩකිනි. බොහෝ කාලයක් තිස්සෙ IMF රෝගී ජාතීන්ට ආර්ථික ප්‍රතිකාර නියම කරන කරුණාවන්ත වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට ඇත.

 

නමුත් අපි ඉගෙන ගත් දෙය, දුක් විඳ ඇති දෙය නම්, ඔබේ ඖෂධ බොහෝ විට රෝගියා මරා දමන බවයි. ඔබේ ණය ලැබෙන්නෙ සිනහවකින්, නමුත් ඒවා කොන්ත්‍රාත්තුවල ඔතා ඇති විෂ සහිත ඊතල මෙනි.

 

 

ඔබ ස්ථාවරකරණය ගැන කතා කරනවා, නමුත් ඔබ ගෙල සිරකරනවා. ඔබ ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා, නමුත් ඔබ ඇත්තටම අදහස් කරන්නෙ අප්‍රිකානු භූමිය සඳහා කිසිදා අදහස් නොකළ, විදේශීය රසායනාගාරවල ගොඩනඟා ඇති ආකෘතිවලට කීකරු වීමයි. නමුත් අපි ඔබේ රසායනාගාරය නොවේ. අපි ඔබේ අත්හදා බැලීම් නොවේ. අපි ඔබේ ආර්ථික චෙස් ක්‍රීඩාවේ ඉත්තන් නොවේ.

 

බුකීනා ෆාසෝ සහ මුළු අප්‍රිකාවම අවදි වෙමින් සිටී. අපි අවදි වන විට, හුස්ම ගැනීමට අවසර ඉල්ලන්නෙ නැත. බලන්න, මම ආවේ අවලංගු කරන්න කියල කන්නලව් කරන්න නෙවෙයි. මම ආවේ සහනයක් ඉල්ලන්න නෙවෙයි. කිසිම අප්‍රිකානු නායකයෙක් එතරම් හඩ නඟා නොකියූ දෙයක් මම ඔබට කියන්නයි ආවේ.

 

අපේ ජනතාව යාචකයින් බවට පත් කරන ආර්ථික ප්‍රතිපත්ති අපි තව දුරටත් පිළිගන්නෙ නැහැ.

 

අපගේ මහජන සේවාවන් අඩපණ කරන, අපගේ ගොවීන් අඩපණ කරන සහ අපගේ තරුණයින්ට පිටුවහල් කිරීමට බල කරන කොන්දේසිවල රිද්මයට අපි තව දුරටත් නටන්නෙ නැහැ.

 

යහපාලනය යනු, අපගේ ජාතික ධනය සිනාමුසු උපදේශකයින් සිටින, විදේශීය සමාගම්වලට පැවැරීම බව අපි තව දුරටත් පිළිගන්නෙ නැත. ඉතින් අද අපි අලුත් සංවාදයක් ආරම්භ කරමු. ණය ගැතියා හා ණය හිමියා අතර සංවාදයක් නොව, සමානයන් අතර, ජාතීන් අතර සත්‍ය සහ අසත්‍යය අතර සංවාදයක්.

 

තවද මෙය මාධ්‍ය නිවේදනයක් නොවේ. මෙය ගණනය කිරීමකි. එය දැන් ආරම්භ වේ. එකක්, මළවුන්ගේ දම්වැල් යනු වහල් භාවයේ නවීන ආකාරයකි. රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ආචාරශීලී බොරුවලින් තොරව, සුහද කතාවලින් තොරව අපි පැහැදිළිවම කතා කරමු.

 

 

ඔබ අප්‍රිකාවට පිරිනමන්නෙ සංවර්ධනයේ මෙවලමක් නොවේ. එය සමෘද්ධියට පාලමක් නොවේ. ඒක ෂෙකල් එකක්. එය ඇඳුම් කට්ටල සහ පැතුරුම්පත් වලින් සැරැසුණු නූතන වහල්භාවයයි. ඔබ එය ව්‍යුහාත්මක ගැලැපුම ලෙස හඳුන්වයි. අපි ඒකට කියන්නෙ ව්‍යුහාත්මක දඩුවමක් කියලයි.

 

 

ඔබ එය මූල්‍ය විනය ලෙස ලේබල් කරනවා. අපි එය අත්විඳින්නේ පරම්පරාගත බලාපොරොත්තු සුන්වීමක් ලෙසයි.

 

ඔබ එය හවුල්කාරීත්වයක් ලෙස පිරි නමුනු ඇත. නමුත් එක් හවුල්කරුවකු ලාභ ලබන අතර අනෙකා ලේ ගලන විට, එය හවුල්කාරිත්වයක් නොවේ. එය කොල්ලකෑමකි.

 

රත්රන්, යුරේනියම්,කෝබෝල්ට් සහ සාරවත් ඉඩම්වලින් පොහොසත් ජාතියක් දුප්පත් වන්නෙ කෙසේදැයි මම ඔබෙන් අසමි. ලෝකයේ කර්මාන්තවලට ඉන්ධන සපයන මහාද්වීපයකට තමන්ගේ දරුවන් පෝෂණය කිරීමට නොහැකි වන්නෙ කෙසේද?

 

 

එය වැරැදි කළමණාකරණය, දූෂණය, අදක්ෂතාවය බව අපට කියනු ලැබේ. ඔව්, අප්‍රිකාවටත් තුවාල තියෙනවා, නමුත් ඒ තුවාල බොහෝමයක් ඇති කළේ දැන් අපට උනන්දුවෙන් වෙළුම් පටි පැළදීමට ඉදිරිපත්වන දෑතින්මයි. මේ ණය ඔබේ ෆවර් පොයින්ට් (Power Point) ස්ලයිඩ්වල නොව, අපේ වීදිවල සැබෑ ජීවිතයේ කෙබඳුදැයි මම ඔබට කියන්නම්.

 

 

ජාතික විදුලිබල පද්ධතිය පෞද්ගලීකරණය කර අපේ ජනතාවට ගෙවිය නොහැකි මිල ගණන් අය කරන විදේශීය ආයෝජකයින්ට විකුණා දැමූ නිසා, අපි ඉටිපන්දම් එළියෙන් ඉගෙන ගන්නා දරුවන් මෙන් පෙනේ.

 

ඒක හරියට ඇඳන්කැඩී බිඳී ගිය, ප්‍රතිජීවක නොමැතිව දරු ප්‍රසූතියේදී මිය යන මව්වරුන් සිටින රෝහල් වගේ.

 

මිලියන ගණනක් අප්‍රිකානු උපාධිධාරීන් අතේ උපාධිය තිබුණත් අනාගත රැකියා උත්පාදන අංශ බාහිරින් ලබාගත්, විකුණා දැමූ හෝ ලිබරල්කරණ ප්‍රතිපත්ති මත බිඳ වැටුණු බවක් පෙනේ. නරකම දෙය නම් එහි ගෞරවය බිඳී ඇති බවක් පෙනේ. ඔබ නිර්මාණය කරන ආපසු ගෙවීමේ සැලසුම් ආර්ථික සූත්‍ර නොවන බව ඔබට පෙනේ. ඒවා මරණ දඩුවම්.

 

ඔබ අපට ඩොලර් මිලියන 500ක් ණයට දී දශක ගණනාවක් පුරා පොලී ප්‍රතිව්‍යුහගත කිරීමේ ගාස්තු, මුදල් පාලනයන් සහ අපගේ ජාතික වත්කම් කොල්ලකන පෞද්ගලීකරණ වගන්ති හරහා ඩොලර් බිලියන 2ක් ඉල්ලා සිටියි. මට කියන්න සදාචාරාත්මක සාධාරණීකරණය කුමක්ද?

 

 

ඔබ කියනවා ගිවිසුම් අත්සන් කළේ කැමැත්තෙන් කියලා. නමුත් මම අහන්නම් රෝගියාට ලේ ගලන කොට මිලක් සහ වගන්තියක් තියෙන ඖෂධ ලඟ තියාගෙන ඉන්නෙ ඔබ විතරයි නම් ඒක කැමැත්තද?

 

 

තුවක්කුව ඔබේ හිසට නොව ඔබ පිටුපස සිටින කුසගින්නෙන් පෙළෙන දරුවාට එල්ල කිරීම තේරීමක්ද? මෙය එකඟතාවයක් නොවේ. එය ආර්ථික බලහත්කාරයකි. මෙය සංවර්ධනය නොවේ. එය ආධිපත්‍යයයි. මෙය ගෝලීයකරණය නොවේ. එය මූල්‍යමය බැඳීම්වල නව - කෝණාකාරවාදයයි.

 

අප්‍රිකානු නායකත්වයේ නව පරම්පරාව වන අපි තව දුරටත් අන්ධ නොවෙමු. අපේ ශ්‍රමයෙන් ගොඩනඟන ලද මේසවලින් ලැබෙන කැබලිවලට අපි තවදුරටත් කෘතඥ නොවෙමු.

 

කාර්යක්ෂමතාවයේ නාමයෙන් අපේ ආර්ථිකයන් අනුගමනය කරන ප්‍රතිපත්තිවලට අපි ප්‍රශංසා කර අවසන්. අපි තවදුරටත් අපගේ ස්වෛරීභාවය උපදේශකයින් අතට පත්වන ණය සඳහා හුවමාරු නොකරමු. ඒවා අපගේ මුණුබුරන්ට ණයක් ලෙස නැවැත පැමිණේ. මට තවත් පැහැදිලි කරන්න දෙන්න. අප්‍රිකාව ඔබට ණය ගැති නැත. ඔබ අප්‍රිකාවට ණයයි.

 

යටත් විජිත සපත්තුවලට ගත්ත රත්රන්වලට ඔයා අපිට ණයයි. අපේ ගම්මාන අන්ධකාරයේ තිබියදී ඔබේ ස්මාර්ට් ෆෝන්වලට බලය සපයන ඛණිජ ලවණ සඳහා ඔබ අපට ණය ගැතියි.

 

අපි නිහඩව ලේ ගලද්දී ඔබේ මාලිගා ආලෝක කළ දියමන්ති සඳහා ඔබ අපට ණය ගැතියි. එහෙත් මේ සියල්ලේදී පවා අපි පුණ්‍ය කටයුතු ඉල්ලා නොසිටිමු. අපි යුක්තිය ඉල්ලා සිටිමු. සැබෑ යුක්තිය ආරම්භ වන්නෙ සූරාකෑමේ ණය ව්‍යුහයන් අවසන් වීමත් සමඟය.

 

යුක්තිය යන්නෙන් අදහස් කරන්නෙ අප්‍රිකානු ජාතීන්ට අප ගෙවිය යුතු දේ, එය පැමිණියේ කොහෙන්ද සහ සැබැවින්ම ප්‍රතිලාභ ලැබුවේ කවුරුන්ද යන්න විගණනය කිරීමට ඉඩ දීමයි. යුක්තිය යනු ගනුදෙනුකරුවන් ලෙස නොව සමානයන් ලෙස අපගේම මූල්‍ය අනාගතය සැලසුම් කිරීමට අපට ගෞරවය ලබා දීමයි. මේ පණිවිඩය, IMF රූකඩ ප්‍රවාහයන්ට, අප්‍රිකානු ස්වෛරීභාවයට හානි කරන්නන්ට අපහසුතාවයක් දැනෙනවා නම් හොඳයි. මොකද සැප පහසු අයට මුහුණදීමට කාලයයි මේ.

 

අද අප්‍රිකාවේ ස්වෛරීභාවය ගැන කතා කිරීම යනු කොඩි සහ ජාතික ගීය සහිත මහද්වීපයක් කල් දැමූ සිහිනයක් ගැන කතා කිරීමකි. ඔව්, නමුත් තවමත් ප්‍රශ්නයකට ලක්ව ඇති සැබෑ නිදහස, අපි ස්වාධීන යැයි කීවත් ස්වාධීනත්වයක් නොමැති ස්වාධීනත්වය මායාවකි.

 

 

ස්වයං පාලන සහ යටත් වීම අතර රේඛාව බොඳ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම තවත් ආයතන කීපයක්ම කර ඇත. ඔබ අපව පාලනය කරන්නෙ නැත.නමුත් ඔබ අපගේ අයවැය කෙටුම්පත් කරයි.

 

 

ඔබ අපේ මැතිවරණවලදී ඡන්දය දෙන්නෙ නැහැ. එහෙත් ඔබේ අනුමැතිය අපගේ ආර්ථිකයන් කඩා වැටෙනවාද නැතහොත් හුස්ම ගන්නවාද යන්න තීරණය කරයි. ඔබ මධ්‍යස්ථභාවය ප්‍රකාශ කරනවා. එහෙත් අප සම්මත කරන නීති තුළ ඔබගේ බලපෑමේ තීන්ත ගැඹුරින් දිස් වේ.

 

අපි පත් කරන නායකයින් අපේම අභිලාෂයන්ගේ සීමාවන් තුළය. මෙය මූල්‍ය ආධාරයක් නොවේ. මෙය දේශපාලන ඉංජිනේරු විද්‍යාවයි. ඔබ පැමිණෙන්නෙ බෝම්බ සමඟ නොව, කෙටි සටහන් සහ බ්ලූ ප්‍රින්ට් රැගෙනය. නමුත් හානිය බොහෝ විට එකම වේ. ඔබේ තාක්ෂණික භාෂාව පිටුපස නිහඩ ආයුධ කොන්දේසියක් තිබේ. එය ආචාරශීලීව ආරම්භ වේ. සහනාධාර කපා දමන්න, ඔබේ වෙළඳපොල සිහිල් කරන්න, ඔබේ මුදල් ඒකකය අවප්‍රමාණය කරන්න, ඔවුන් කියන්නෙ නිර්දේශ පමණයි.

 

නමුත් කුසගින්න ප්‍රතික්ෂේප කිරීමේ මිල වන විට නිර්දේශ මොනවාද? ස්වභාවික ණය සහ ඊලඟ හුස්ම කීකරුකම මත රඳා පවතින විට යෝජනා මොනවාද?

 

ඔබ අපේ අභ්‍යන්තර කටයුතුවල ගෘහ නිර්මාණ ශිල්පීන් බවට පත්ව ඇති බව අපි මවා පාමින් නොසිටිමු. ව්‍යුහාත්මක ගැලැපීම මඟින් කාර්යක්ෂමතාවය ඇති වන බව අපට පැවැසුවා. ඒ වෙනුවට එය යැපීමක් ඇති කළේය.

 

කප්පාදුව, දූෂණය තුරන් කරන බව අපට පැවැසුවා. ඒ වෙනුවට එය බලාපොරොත්තුව නැති කළා. නිදහස් වෙළඳපොල අපිව ඔසවන බව අපිට කිව්වා. ඒ වෙනුවට එය අපේ ධනය ඔසවා වෙරළට පියාසර කළා.

 

අපේ ජනතාව කෝපයෙන් විරෝධතා දක්වන විට, කුසගින්නෙන් සහ ඉටු නොවූ අවශ්‍යතා නිසා වේදනාවෙන් නැඟී සිටින විට ඔබ වගකීම භාර ගන්නෙ නෑ. ඔබ හුදෙක් නිරීක්ෂකයින් පමණක් බව පවසමින් පසුපසට යයි. නමුත් ඉතිහාසය බලා සිටියි. ඔබේ අත් පිරිසිදු නැහැ. ඝානාවේ සිට සැම්බියාව දක්වා සෙනගාල් සිට කෙන්යාව දක්වා එය එලෙසම සිදුවන බව අපි දැක ඇත්තෙමු. ජනතාවට ලඟා විය නොහැකි තරමින් මිල ඉහළ දැමීම සඳහා ජලය විදේශීය සමාගම්වලට පෞද්ගලීකරණය කිරීමට ඊයම්වලට බල කරයි.

 

 

දේශීය කර්මාන්ත විනාශ කරන, ලාභ ආනයනයන් නිසා ගොවීන් පීඩාවට පත් වේ. විදේශ ණය ගෙවීම් ඉහළ යන අතරතුර අයවැය සමතුලිත කිරීම සඳහා පාසල් සඳහා යන වියදම් කපා හරින ලෙස අමාත්‍යවරුන්ට දැනුම්දෙන ලදි.

 

 

අපි විරුද්ධ වීමට එඩිතර වුවහොත්, අපි ඔබේ ආකෘති ප්‍රශ්න කළහොත් හෝ ඔබේ බෙහෙත් වට්ටෝරු ප්‍රතික්ෂේප කළහොත්, අපි අසාදු ලේඛනගත කරනු ලැබේ.අපේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළා තිබේ. අපේ මුදල් වර්ගවලට පහර දී තිබේ. අපේ නායකයින් ජාත්‍යන්තර මාධ්‍ය තුළ රැඩිකල්, අස්ථාවර හෝ ජනතාවාදී ලෙස අපහාසයට ලක්කර තිබේ.

 

නමුත් රටකට තම ජනතාව පෝෂණය කිරීම හෝ කිසිදා ප්‍රතිලාභ නොලබන ණය ආපසු ගෙවීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට බලකිරීමට වඩා රැඩිකල් දෙයක් තිබේද?

 

 

පළමු කොටස.

@Priyantha Madukumara

2025.05.23

නවතම ලිපි