SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමෙරිකාව සහ චීනය අතර ඉහළ මට්ටමේ වෙළෙඳ සාකච්ඡා ධනාත්මක ලෙස අවසන් වී තිබේ.

අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී පසුගිය 10 වනදා ආරම්භ වී තිබුණි.

 

 

ඒ සඳහා අමෙරිකාව වෙනුවෙන්, අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ ප්‍රධාන වෙළෙඳ සාකච්ඡා නියෝජිත ජාමිසන් ග්‍රියර් සහභාගි ව ඇති අතර  චීනය වෙනුවෙන් එරට ප්‍රධානම ආර්ථික උපදේශකයා ලෙස සැලකෙන හී-ලයිෆෙන්ද සහභාගීවී ඇත.

 

 

ගෙවීගිය ඉරිදා එක්සත් ජනපද සාකච්ඡාකරුවන් සමඟ පැවති දෙවන දින සාකච්ඡාවලින් පසු මාධ්‍ය හමුවකදී චීන උප අගමැති හේ ලිෆෙන්ග් පැවසුවේ එක්සත් ජනපදය සමඟ වෙළඳ සාකච්ඡා "සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත් අතර වැදගත් එකඟතාවයකට පැමිණි" බවය.

 

 

කෙසේ වුවත් ස්විට්සර්ලන්තයේ පැවති දින දෙකක සාකච්ඡා අවසන් කිරීමෙන් පසු දෙපාර්ශ්වයම වැඩිදුර තොරතුරු නිකුත් කර නොතිබුණු අතර අද (12) ජිනීවාහිදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන බව චීන උප අගමැති හේ ලයිෆෙන්ග් පවසා තිබේ.

 

 

එමෙන්ම චීන උප වාණිජ අමාත්‍ය ලී චෙංගැං පවසා ඇත්තේ "ලෝකයට ශුභාරංචියක්" එහි අඩංගු වනු ඇති බවය.

 

 

චීනයට පනවා ඇති තීරුබදු ලිහිල් කිරීමට කැමැත්ත පළ කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා සමාජ මාධ්‍ය ඔස්සේ පවසමින් කියා සිටියේ බදු 145% සිට 80% දක්වා අඩු කිරීම "නිවැරදි බව පෙනේ" යනුවෙනි.

 

සාකච්ඡා සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ චීන නිලධාරීන් පවසා ඇත්තේ දෙපාර්ශ්වයම "වැදගත් එකඟතාවයකට" පැමිණ ඇති බවත් තවත් නව ආර්ථික සංවාද ආරම්භ කිරීමට එකඟ වූ බවත්ය.

 

 

මේ අතර, අමෙරිකානු නිලධාරීන් පවසා ඇත්තේ එක්සත් ජනපද වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා "ගනුදෙනුවක්" ගැන කතා කළ බවය.

 

කොයි ආකාරයකින් හෝ ලෝකයේ අංක එකේ සහ දෙවැනි තැන සිටින ආර්ථික බලවතුන් අතර වෙළෙඳ යුද්ධයේ උණුසුම තුරන්වීම ගෝලීය ආර්ථිකයටද අස්වැසිල්ලක් බව සහතිකවම පැවසිය හැකි කරුණකි.

 

නවතම ලිපි