SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පූජණීය බෞද්ධ කෞතුක වස්තු වෙන්දෙසිය නැවැත්වීමට ඉන්දියානු රජය විසින් ගත්

නිතීමය ක්‍රියාමාර්ග මත හොංකොං හි සොතෙබ් වෙන්දෙසි ආයතනය විසින් මැයි මස 07 වන දින පැවැත්විමට නියමිතව තිබු බෞද්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනය කල් දමා ඇත.

 

 

මෙම කෞතුක වස්තූන් අතර ආභරණ 1800 ක් පමණ ද, මුතු, මැණික් රත්‍රං ද ඇතුළත් වන අතර ඒවා 1898 වර්ෂයේ දී උත්තර ප්‍රදේශයේ පිප්‍රාහ්වා හි පිහිටි ස්තූපයකින් සොයා ගන්නා ලද ඒවා වේ.

 

කැණීම් වලදී බුදුන් වහන්සේගේ ධාතූන් යැයි විශ්වාස කෙරෙන අස්ථි කොටස් ද අනාවරණය වී ඇත.

 

 

පසුගිය දා මෙම පුවත හෙළිවීමත් සමග පූජනීය බෞද්ධ කෞතුක වස්තු වෙන්දේසිය නැවැත්වීමට ඉන්දීය රජය නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරමින්, ඒවා වහාම ආපසු ලබා දෙන ලෙස ද  ඉල්ලා තිබුණි. ඒ අනුව නියමිතව ඇති වෙන්දේසිය නතර කොට උතුම් වූ ධාතූන් වහන්සේලා ඉන්දියාවට නැවත ගෙන්වා ගන්නා බව දන්වා හොංකොං හි සොතෙබි වෙන්දේසි ආයතනයට නීතිමය දැන්වීමක් ද යැවිනි.

 

 

495359029 721265490331789 5004034212282586154 n

 

 

සොතෙබිස් විසින් මෙම අයිතම අද  (මැයි 7) වෙන්දේසිය සඳහා ලැයිස්තු ගත කර තිබූ  අතර, ඒවායෙහි ඇස්තමේන්තුගත වටිනාකම හොංකොං ඩොලර් මිලියන 100 කි.

 

ඒ  පිළිබඳව දැනුවත් වූ වහාම නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය සැලසුම් කර ඇති වෙන්දේසිය පිළිබඳ තොරතුරු රැස් කර ඇති බව පවසමින්  නීතිමය ලිපි හුවමාරුව හරහා සොතෙබි වෙත විධිමත් ලෙස දැනුම් දීමට පියවර ගෙන තිබුණි.

 

මීට අමතරව, ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය හොංකොං හි ඉන්දීය කොන්සල් ජනරාල්වරයා දැනුවත් කර ඇති අතර, විකිණීම නැවැත්වීමට වහාම මැදිහත් වන ලෙසත්, මෙම කාරණය විසඳීම සඳහා පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා කරන ලෙසත් ඉල්ලීමක් කෙරිනි.

 

 

ලෝකවාසී බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් ඉන්දියානු දේශයේ බලාධිකාරිය මත මෙම බෞද්ධ උරුමය සුරක්ෂිත කරගැනීමට සමස්ත බෞද්ධයෝ සටන් වැදුනු අතර  ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ සභාපති, පුජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමියන් හා ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා මෙම අමිල වු බෞද්ධ දායාදය සුරක්ෂිත කරගැනීම උදෙසා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කරමින් අඛණ්ඩ මෙහෙවරක නිතර වෙති.

 

 

@සතිපට්ඨාන සඟරාව

නවතම ලිපි