SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැයි මස 07 වෙනි දින එනම්, ජාත්‍යන්තර වෙසක් උදාවට පෙර දින

සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත කලාත්මක සහ ස්වර්ණාභරණ තැරැව්කාර සමාගමක් වන සොතෙබි සමාගම විසින් ආන්දෝලනාත්මක වෙන්දේසියක් සිදු කිරීමට නියමිත ය.

 

 

ඔවුන් විසින් 1898 වර්ෂයේ දී උත්තර් ප්‍රදේශ්හි පිහිටි පුරාණ පිප්‍රාවා ස්තූපයෙන් කැණීම් කොට සොයාගත් පූජනීය බෞද්ධ මාණික්‍ය ධාතුන් වහන්සේලා 300 නමකට අධික ප්‍රමාණයක් වෙන්දේසි කිරීමට නියමිතය.

 

495075468 2033786380364730 8934974388353906974 n

 

එහෙත් මෙම වෙන්දේසියට එරෙහිව එක්සත් රාජධානිය සහ වෙනත් රටවල බෞද්ධ කණ්ඩායම් දැඩි විරෝධයක් සහ හෙළා දැකීමක් එල්ල කරමින් ඇත.

 

 

මෙම ධාතූන් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා සමඟ තැන්පත් කරන ලද මැණික් ද ඇතුළත් බව කියවේ.

 

 

මේ දක්වා මෙම ධාතූන් වහන්සේලා අයත් වූයේ බ්‍රිතාන්‍ය ඉඩම් හිමි පරම්පරාවක් වන විලියම් ක්ලැක්ස්ටන් පෙප්පේ පවුලට ය. එමෙන්ම ශාක්‍ය වංශිකයන් විසින් තැන්පත් කරන ලද බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා අයත් ස්තූපයේ කැණීම් කටයුතු අධීක්ෂණය කොට ඇත්තේ ද එම ඉඩම් හිමියා වූ විලියම් පෙප්පේ විසින් ය.

 

මෙම කැණීම්වලින් සොයාගත් අනෙකුත් ශාරීරික ධාතූන් සහ මැණික් වලින් කොටසක් කොල්කටාවේ ඉන්දියානු කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර, දැනට විකිණීමට ඇති ඒවා විවිධ කෞතුකාගාරවල ජාත්‍යන්තර වශයෙන් ප්‍රදර්ශනය කොට ඇත.

 

මෙම ධාතූන් වහන්සේලා වෙන්දේසි කරන සොතෙබි සමාගමේ හොංකොං කාර්යාලය සිය නාමාවලියේ සඳහන් කරන්නේ මෙම ධාතූන් වහන්සේලා "මුල් ධාතු කරඬුවේ තිබූ මැණික් හා ස්වර්ණාභරණ පමණක් බවත්, බුදුරජාණන් වහන්සේගේ අස්ථි හා අළු ඒවායේ අඩංගු නොවන බවත්ය".

 

පිප්‍රාවා ස්තූපයේ කළ මෙම කැණීම බෞද්ධ පුරාවිද්‍යාව අතින් මහත් වැදගත්කමක් දරයි. පාලි ත්‍රිපිටකයේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ආදාහනය කළ ධාතූන් වහන්සේලා ඉන්දියාවේ එකල පැවති රාජධානිවල පුණ්‍ය භූමි අටකට බෙදා දුන් බවයි.

 

 

ඒ අතරින් මෙම සොයාගැනීම විශේෂ වන්නේ ස්තූපයේ ධාතු කරඬුවේ තැන්පත් ධාතූන් වහන්සේලාගේ සත්‍යතාව තහවුරු කරන අතර සහ බුදුරජාණන් වහන්සේගේම වංශය වූ ශාක්‍යයන් විසින් ඒවා තැන්පත් කළ බව සටහන් කර ඇති ලිඛිතබ පුරා විද්‍යා සාක්ෂි එහි තිබූ බැවිනි.

 

 

එබැවින්, වෙන්දේසි කිරීමට නියමිත මෙම මැණික් බුදුරජාණන් වහන්සේගේම පවුලේ අය විසින් උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා සඳහා කරන ලද පූජාවක් නියෝජනය කරන අතර, අවබෝධය සඳහා වූ ගමන වෙනුවෙන් තමන් හැර ගිය ප්‍රජාව විසින් උන්වහන්සේට දක්වන ලද ගෞරවය පිළිබඳ සාක්ෂි සපයයි.

 

මෙම මැණික් පිප්‍රාවාහි තිබී හමු වූ බුදුරජාණන් වහන්සේගේ අස්ථි හා අළු කොටස්වලට වඩා ද්විතියික යැයි ඇතමෙක්ට සැලකිය හැකිය.

 

මෙහිදී හමුවූ ශාරීරික ධාතූන් වහන්සේගෙන් කොටසක් පසුව සියම් රජුට පරිත්‍යාග කරන ලද අතර තවත් කොටසක් ශ්‍රී ලංකාවේ එවකට වැඩ විසූ විද්වත් හිමිනමක් වූ වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන්ට පරිත්‍යාග කොට ඇත.

 

කෙසේ වෙතත්, මෙම වෙන්දේසිය එවැනි වස්තූන්ට බෞද්ධ සම්ප්‍රදාය ලබා දෙන වැදගත්කම අවතක්සේරු කරයි.

 

මන්ද ශාක්‍යයන්ගේ මුල් අභිප්‍රාය වූයේ මෙම මැණික් සදාකාලිකව ශාරීරික ධාතූන් සමඟ පූජාවක් ලෙස පැවතීමයි. එම අර්ථයෙන් ගත් කල, ඒවා බුදුරජාණන් වහන්සේ හට අයත් දෙයක් වේ.

 

 

යටත් විජිතකරණය කරන ලද දේශයන්හි ජනයාගේ දේහයන්ට බාධා කිරීම පිළිගත නොහැකි තත්වයකට පත්ව ඇති ලෝකයක, බොහෝ විට කෞතුකාගාර මගින් එම දේහයන් ඔවුන්ගේ පරම්පරාවට නැවත භාර දී දෙන තත්වයක් ඇති ලෝකයක, පැහැදිලිවම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම වෙන්දේසිය බොහෝ ගැටලු මතු කරයි.

 

 

බුදුරජාණන් වහන්සේට කරන ලද පූජාවක් වන මෙම මැණික් හුදෙක් ආකර්ශනීය වස්තූන් ලෙස සැලකිය නොහැකිය. බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් බලන කල, ඒවා භක්තිමත් වස්තූන් වන අතර, අධ්‍යාත්මික පුහුණුවකින් යුක්තව බුදුරජාණන් වහන්සේගේ භෞමික ධාතූන්ට සමීප වීමෙන් පූජනීය වූ පූජාවකි.

 

දැනටමත් මෙම වෙන්දේසිය හෙළා දකිමින් ලොව පුරා විවිධ බෞද්ධ හඬවල අවදි වී ඇත. ඒ අතරින් බ්‍රිතාන්‍ය මහා බෝධි සමාගම අදහස් දක්වමින් කියා සිටියේ, "ඉන්දියානු ඉතිහාසයේ විපර්යාසයන් සිදු නොවූයේ නම්, එවැනි දෑ විකිණීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇත. ඒ වෙනුවට, ඒවා තවමත් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා සමඟ උන්වහන්සේගේ අනුගාමිකයන්ගේ භක්තියට හා වන්දනාවට පාත්‍ර වන වස්තූන් ලෙස සංරක්ෂණය කරනු ඇත. බෞද්ධ දර්ශනය අපිට උගන්වනේ අනුන්ගේ දේපළ නොගත යුතු බවයි. වැඩිම ලංසු තැබූ තැනැත්තාට මෙම වස්තූන් වෙන්දේසි කිරීම ඒවායේ අධ්‍යාත්මික වටිනාකමට නොගැලපේ."

 

එමෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ (SOAS) ආසියානු අධ්‍යයන පාසලේ මහාචාර්ය ඇෂ්ලි තොම්සන් සහ කොනන් චියොං මහත්මිය මෙම සිද්ධියේ වැදගත්කම පිළිබඳව සවිස්තරාත්මකව විමර්ශනය කර ඇති අතර "මෙම මැණික් කෙතරම් ගැඹුරු අර්ථයක් දරයිද" යන්න ඔවුන් අවබෝධ කරගෙන ඇත. මහාචාර්ය තොම්සන් මහත්මිය ප්‍රශ්න කරන්නේ "බෞද්ධ දෘෂ්ටීන්ට අවධානය යොමු කරන කළ, මෙවන් වෙන්දේසි මඟින් වඩාත් සදාචාරාත්මක කලා වෙළඳාමක් සහිත වඩා හොඳ ලෝකයක් අපට සිතාගත හැකිද" යන්නයි.

 

ඇයගේ මතය අනුව, පිප්‍රාවා මැණික් "ඒවා අයත් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් සමඟ නැවත තැන්පත් කිරීමෙන් යටත් විජිතවාදී රැල්ල ආපසු හැරවීමට අවස්ථාවක් සපයයි."

 

ඉදිරි දිනවලදී කුමක් සිදුවේද යන්න තවමත් කිව නොහැක. නමුත් බොහෝ බෞද්ධයන් මේ පිළිබඳ සැලකිලිමත් වන අතර, කුමක් හෝ බරපතල දෙයක් සිදු වන බවට ඔවුන්ගේ අනුමානයයි.

 

එසේ වුවද, ඕනෑම ප්‍රජාවකට අයත් සොහොන් බිම්වලින් හමුවන දෑ විකිණීමේ සදාචාරය නම් ඉතා සැක සහිතය.

 

@ ලන්ඩන්හි ග්‍රැහැම් ඩික්සන්

(ග්‍රැහැම් ඩික්සන් යනු BBC ජාතික ගුවන්විදුලි නාලිකාවේ හිටපු කළමනාකාර කර්තෘ සහ යුරෝපීය විකාශන සංගමයේ ගුවන්විදුලි ප්‍රධානියාය.)

@ උපුටාගැනීම - සතිපට්ඨාන සඟරාවෙනි

 

නවතම ලිපි