ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවේ සිදුකළ නිල සංචාරයේදී
ලංකාව හා ඉන්දියාව අතර අත්සන් තැබූ මෙතෙක් රජය විස්න හෙළිදරව් නොකළ ගිවිසුම් පිළිබඳ විශාල සංවාදයක් රට තුළ පැන නැගී ඇත.
ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ පිළිබඳව ජාත්‍යන්තර විරෝධතා පෙත්සමක් අත්සන් කිරීම පිළිබඳව සඳහන් කර ඇත.
ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්, ඩොලර් බිලියන 4ක ණය උගුලක හිර කරමින්, රාජ්‍යතාන්ත‍්‍රික බලහත්කාරය යොදාගනිමින්, ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිගේ අත කරකවා යටත් කිරීම මගින් බරපතළ ආරක්ෂක ගිවිසුමක් ඇතුළු ගිවිසුම් 7ක් අත්සන් කිරීමට බල කිරීම මගින් ශ‍්‍රී ලංකාවේ ජනතාව අනාගත ජාත්‍යන්තර යුද ගැටුමක වින්දිතයින් බවට පත්කිරීම සහ ශ‍්‍රී ලංකාවේ දේශපාලන ස්වෛරීභාවය, බලශක්ති ස්වෛරීභාවය, භූ දේශපාලන ස්වාධීනත්වය අනතුරට පත්කිරීම පිළිබඳව ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිට විරෝධය පළ කිරීම සහ අදාළ ගිවිසුම් උක්ත හේතුමත බලරහිත බව ප‍්‍රකාශයට පත්කිරීම සඳහා ජාතික සංවිධාන මගින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් කිරීම අප්‍රේල් 30, සවස 3:00ට පැපිලියාන සුනේත‍්‍රාදේවී මහා පිරිවෙනේ දී සිදුකිරීමට නියමිතය.
මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සහ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙහි ප‍්‍රධානත්වය දරන අතර ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික සංවිධාන නායකයන් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.
ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව