මෝඩ වාමාංශිකයා: තමන් සහය දෙන ආණ්ඩුව තමන් සිතා සිටි දේවල් නොවන
අමුතු ම දේ කරද්දී මදක් තිගැස්මට පත් වේ. ඔවුනොවුන් අතර කසුකුසු ගාමින් ප්‍රසිද්ධියේ පුළුවන් හැටි හැටියට හෝදයි.
දාර්ශනික වාමාංශිකයා: සාමාන්‍ය ජනතාව ඉදිරියේ ආණ්ඩුව මෙසේ ම ක්‍රියා කළ යුතුව ඇත්තේ ඇයි දැයි මෝඩ වාමාංශිකයන්ට පහදා දෙමින් හෝදයි. වංගු දමා බර වචනවලින් හැඩ වැඩ දැමූ තමන්ගේ ලිපි තමන් ම කියවා ගනිමින් ආණ්ඩුව ගැන විශ්වාසයත් හේදීම ගැන ආත්ම විශ්වාසයත් වැඩි කරගනී.
ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය යුක්ති යුක්ත කිරීම සඳහා විශාල වැඩ කොටසක් කරනා බව ඔවුන් තමන්ට ම කියා ගත්තත් සාමාන්‍ය ජනතාවට ඒවා වැඩක් නොවන්නේ ආණ්ඩුව කොහොමත් කරන්නේ සාමාන්‍ය ජනතාව ආසා දේ බැවිනි.
ඔවුන්ගේ කාර්යභාරය සුළුතර මෝඩ වම්මුන්ගේ කටේ සූප්පුවක් ගසා තමා ද සූප්පුවක් උරා එහි රස විඳීමයි.
@Thamalu Maliththa Piyadigama fb page
වැඩිදුර තොරතුරු සඳහා පහත වීඩියෝව නරඹමු.