ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව
මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටමින් සති අන්ත පුවත්පතක් වාර්තා කරන්නේ මහින්ද සිරිවර්ධන සේවයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය බාර ගැනීම සඳහා ඔහුට ඉල්ලීමක් ලැබී තිබූ බවයි.
කෙසේ වෙතත් හුළංගමුව පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂයකු ලෙස දැනටමත් තනතුරක් දරන නිසා එම තනතුර ලබා දුන් නොගත යුතු බව ඔහුගේ මතය වී ඇතැයිද වාර්තාවේ සඳහන් වේ.
දැනට මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය දරන මහින්ද සිරිවර්ධන එළැඹෙන ජුනි මාසය පමණ වන විට සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.
ඒ අනුව පුරප්පාඩු වන ධුරය සඳහා දුමින්ද හුළංගමුව රජය පාර්ශ්වයෙන් යෝජනා වී තිබින.