පිල්ලෙයාන් එල් ටී ටී ඊ හිටපු සාමාජිකයෙක් බව සැබෑය. ඔහු එලෙස
එල් ටී ටී ඊ සංවිධානයේ ක්‍රියාකාරීව සිටි කාලයේ පුද්ගල ඝාතනවලට සම්බන්ධ වී ඇති බවද නිසැකය.
ඔහු සංවිධානයෙන් ඉවත් වීමෙන් පසුව ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට සහය දක්වමින් එල් ටී ටී ඊ සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමට සහයෝගය දැක් වූ බවද අපි දන්නෙමු. අප එය අසා ඇත්තෙමු. මුළු රටක්ම එය අසා ඇත.
නමුත් ඔහු රාජපක්ෂ පාලනය සමග සම්බන්ධ වී සිදුකල රහසිගත අපරාධ පිළිබදව අප නොදන්නෙමු. එලෙස නොදන්නේ එවන් අපරාධ වසන් කර ඇති නිසාවෙනි. අප දන්නා දෑද රටවැසියන් බහුතරය නොදන්නේය.
දැන් දැන් එළිදරව් වන කරුණු අනුව කැබිතිගොල්ලෑව බස් බෝම්බය පිළිබදවද තොරතුරු අනාවරණය වේ. එයද රාජපක්ෂ වරුන්ගේ සැලසුම්සහගත කුමණ්ත්‍රණයක් අනුව සිදුවූවක් බවද කියවේ. එය සත්‍යයක්නම් තවත් එවැනි අපරාධ ඕනෑතරම් සිදුවී තිබිය හැකිය.
පාස්කූ බෝම්බ සිදුවීම පිටුපසද පිල්ලෙයාන් ඇති බව කියවේ. නමුත් එයද පිල්ලෙයාන් තනිව කල යමක් නොවන්නේය. ඊට රාජපක්ෂවරුන් අනිවාර්‍යෙන්ම සම්බන්ධය. පිල්ලෙයාන් යනු ඔවුන්ගේ ප්‍රබල ඉත්තෙකු පමණි.
මීට ටික කලකට පෙර සිදුවූ සාකාච්ඡාවක් සම්බන්ධයෙන්ද දැන් දැන් කථාබහවෙමින් තිබේ.
රනිල් වික්‍රමසිංහ , වසන්ත කරන්නාගොඩ , සුරේෂ් සලේ සහභාගී වූවා යැයි කියන මෙම සාකාච්ඡාවට පිල්ලෙයාන්ටද ආරාධනා ලැබී ඇති බව කියයි. පිල්ලෙයාන් තමා වෙනුවට තම සමීපතමයකු වූ ඉනියභාරතී මෙම සාකච්චාවට සම්බන්ධ කර තිබේ. ඉනිය භාරතී යන නාමයද මතක තබා ගත යුතුය.
මෙම ආන්දෝලනාත්මක සාකාච්ඡාව ගැන ඇතමෙක් මෙසේ කියනු ඇසේ. "එය ආණ්ඩූව පෙරළීමට ගන්නා කුමණ්ත්‍රණ උත්සාහයක් විය හැකි" බවයි. කවුරුන් එසේ කීවත් පුද්ගලිකව මගේ මතයනම් එය නොවේ.
රනිල් වෙත ප්‍රශෂ්ති ගයන රනිල්ව ආරක්ෂා කරන රනිල්ගේ මග යන රනිල්ගේ පැලැන්තියට අභියෝග නොකරන අනුරගේ මාලීමා ආණ්ඩූව පෙරළීමට රනිල්ට ඇති අවශ්‍යතාවයක් තිබිය නොහැකි ය. එය වෙනයම් හෝ කුමණ්ත්‍රණයක සාකාච්ඡාවක් විය හැකිය.
කෙසේ වුවත් දැන් පිල්ලෙයාන් දින 90 වක රැදවූම් භාරයේ රදවා සිටී. එය අවධානය වෙනතක යැවීමේ උත්සාහයකටද විය හැකිය.
පිල්ලෙයාන් යනු ඉත්තෙකු පමණි. පිල්ලෙයාන් නැමති ඉත්තා ක්‍රීඩාවේ යෙදවූ මහ මෝරුන් නිදැල්ලේය.
රාජපක්ෂවරුන් නිදැල්ලේය.
රනිල් වික්‍රමසිංහද නිදැල්ලේය.
@තාරක විජේභාහු ගේ මුහුණු පොතිනි.