SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බටලන්ද වධකාගාරවලට වගකිව යුතු බවට සොයා ගන්නා ලද හිටපු ජනාධිපති

රනිල් වික්‍රමසිංහ ඇතුළු අයට එරෙහිව නීතිමය ක්‍රම මගින් සහ අවශ්‍ය නම් ජාත්‍යන්තර සහාය ඇතිව පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

 

 

"රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාවන්ට වගකිව යුතු බවටත්, මෙම මිනීමරුවන්ට දඬුවම් ලබා දීම සහතික කිරීමටත්, එය ඔවුන්ගේ ජීවිතයේ අවසාන භාගයේදී වුවද, නීතිය තුළ කළ හැකි සියලු පරීක්ෂණ අපි පවත්වනු ඇත,"

ඔහු පැවසීය.

 

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ පළමු දිනයේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 

 

සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මෙලෙස සපථ කරද්දී විපක්ෂයේ මන්ත්‍රී චාමර සම්පත් කියන්නේ අනුර කුමාර දිසානායක ආණ්ඩුවට  රනිල් ගෙ මහින්ද ගෙ ටිරාන්ගෙ මයිලකට අතක් තියන්න බැරි බවත්  තියන්නෙත් නැති බවත් ය.

 

ඊයේ(10) බටලන්ද කොමිසම පිළිබඳ පාර්ලිමේන්තු සංවාදයට එක් වෙමින් දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින චාමර සම්පත් මන්ත්‍රීවරයා  88/89 කාලයේ බෙරගල හමුදා කඳවුරේ ගෝනි බිල්ලා ලෙස කටයුතු කළ පුද්ගලයා අද ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරන බව සඳහන් කරයි.

 

 

 

නවතම ලිපි