මස්ක්ගේ අසාර්ථක උත්සාහයන් එක්සත් ජනපද ජනාධිපති සහ තාක්ෂණික ප්‍රකෝටිපතියා අතර
වැඩෙන විරසකයේ ලකුණක් ද?
ජාත්‍යන්තර වෙළෙඳපොළවල කැලඹිලි ඇති කර ඇති ගෝලීය තීරුබදු රැල්ලෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ව පසුබට කරවා ගැනීමට එලොන් මස්ක් පෞද්ගලිකව, නැවත නැවතත් උත්සාහ කළ බව ඊයේ(08) වාර්තා විය.
කෙසේ වෙතත් මස්ක්ගේ ඉල්ලීමට ට්‍රම්ප් සවන් නොදීම තුළ, එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ ලොව ධනවත්ම පුද්ගලයා අතර වැඩෙන විරසකයක් පිළිබඳ සමහර නිරීක්ෂකයින්ගේ සංවාදයට පාත්‍ර වී තිබේ.
ද ගාඩියන් පුවත්පතේ කතුවරිය පවසන්නේ අමෙරිකානු රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ (ඩෝජ්) ප්‍රධානියා ලෙස ෆෙඩරල් වියදම් සීමා කිරීමට ධවල මන්දිරයේ සිට නායකත්වය දුන් එලෝන් මස්ක්, තම ඉල්ලීම් පිළිබඳව ට්‍රම්ප්ගේ අවදානය ලක් කිරීමට අපොහොසත් වීම ඊට සාක්ෂියක් බවය.
මස්ක් හා දිගු කලක් එක්සත් ජනපදයේ ස්වකීය ව්‍යාපාරික සගයින් ලෙස කටයුතු කළ රටවල් ගණනාවකට පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළ වෙළඳ තීරුබදු ලැයිස්තුව ආපසු හැරවීමට ට්‍රම්ප්ට ඒත්තු ගැන්වීම වෙනුවෙන් සති අන්තයේ දී ට්‍රම්ප් වෙත පෞද්ගලික ප්‍රවේශයන් ගණනාවක් එලෝන් මස්ක් ගෙන ඇති බව එකී මූලාශ්‍ර වාර්තා කර තිබුණි.
ට්‍රම්ප්ගේ උපදේශක එලොන් මස්ක් ජනාධිපතිවරයාගෙන් ගමන් මග ආපසු හරවන ලෙස ඉල්ලා ඇති අතර, කොන්සර්වේටිව් ව්‍යාපාරිකයන් වන ලෙනාඩ් ලියෝ සහ චාල්ස් කොච් "නීති විරෝධී" තීරුබදු වලට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බව ද වාර්තා වේ.
එක්සත් ජනපදයට කරන සියලුම ගෝලීය ආනයන සඳහා පනවන ලද 10% ස්ථාවර අනුපාතයට වඩා නවතම තීරුබදු වැඩි වන අතර භාණ්ඩ හිඟය වෙළඳාම ආනයනවල මුළු වටිනාකම මෙන් දෙගුණයකින් බෙදන සූත්‍රයක් මත පදනම්ව එය නිශ්චිත රටවලට අනුව සකස් කර ඇත.