ඉන්දියානුවෙක් වීමට සාකල්‍යයෙන්ම
තිබිය යුතු
එකම සුදුසුකම ජාතිකත්වයයි.
ලාංකිකයෙක් වීමට තිබිය යුතු
එකම සුදුසුකම
දේශපාලන කුහකත්වයයි.
මෝදි ලංකාවේ තැඹිලිවලටත් වඩා
කැමැති වුයේ මෙරටට ආනයනය කළ
පරාරෝපිත බෞද්ධ දර්ශනයටයි.
මෝදි, හින්දු භක්තිකයෙක් වුවද,
ජෛන හා බෞද්ධ දර්ශනය මත
ක්‍රියාකරන ඉන්දීය සාර්වත්‍ර නායකයෙක්.
එබඳු නායකයෙකුට
මහපාරේ සිට හු කීම තරමි
තවත් ජුගුප්සාව දනවන දෙයක් නෑ.
විප්ලවීය පක්ෂයක් කළ යුත්තේ
රාජ්‍ය ත්‍රාන්ත්‍රිකව හෝ
දේශපාලනිකව ඊට විරෝධය දැක්වීමයි.
අනෙක ,
ඉන්දියානු ව්‍යාප්තවාදයක් හෝ
ඉන්දු අෂ්ඨ මාර්ගික අධිරාජ්‍යවාදී අදහසක්
මෝදි ආසියානු කලාපයට ගෙන එන්නේ නම්
ඒ ප්‍රාග්ධනයට යටවී බව කිව යුතුයි.
එවන් තත්ත්වයක් යටතේ " හු " කියා
එම වැඩපිළිවෙළ නැවැත්වීමට හැකිද ?
මින් පෙනී යන්නේ
මෙරට අසීමාන්තික මාක්ස්වාදී පක්ෂවල
අනාගතය සමිබන්ධයෙන් ඇති බිය හා
නොහැකියාවයි.
මාක්ස්වාදයට අනුව ප්‍රාග්ධනය මිනිසාගේ
පරම මිතුරා මෙන්ම හතුරා ද වෙයි.
ශිෂ්ඨාචාරය , කාර්මීකරණය වී ධනපති
ආර්ථිකය විහිදුවා ලීමට බටහිර අධිකාරි රටවල් එළිපත්තට පැමිණි කාල වකවානුවේ පටන්, ට්‍රම්ප් ගේ ස්වායක්ත ආර්ථික සිද්ධාන්ත දක්වු නිමෙිෂයකදී ද ප්‍රාග්ධනය එලෙසමයි.
මස්ක් ගේ නියෝ ලිබරල් චින්තනයට
ඉන්දියාව සිය ජාතිකවාදී දර්ශනයෙන්
පිළිතුරු සැපයීමට උනන්දුවක් දක්වන අතර,
චීනය ඊට ප්‍රතිපක්ෂ මෙවලමක් භාවිත කරනවා.
සමාජ උපයෝජීතා න්‍යාය ඔවුන් ගේ
ආර්ථික උපාය මාර්ගික ප්‍රවේශයයි.
මේ රටවල් දෙකම භාණ්ඩ හා සේවා යන
සංකල්ප තම ආර්ථික - දේශපාලන උපායමාර්ගික හැඩයකට ඔබ්බවා
ප්‍රාග්ධන සමුච්චගත කරනවා.
ඇත්තටම මේ සංකල්ප දෙකම
ආසියානු නව ආර්ථික
මුලෝපායික ප්‍රවේශයන්.
ලංකාවේ වාමවාදී නැඹුරුවක් ඇති
අසීමාන්තික මාක්ස්වාදී පක්ෂවලට ඇත්තේ
පැරැණි හෙගල්යාදී අනුරූපික අදහස් මිස
නව මාක්ස්වාදී ප්‍රභවයන් ඇසුරැ කරන
තත්ත්වයක් නෙමෙයි.
පෙරටුගාමීන්ට , ජවිපෙට බලපෑම් කළ හැක්කේ ලෝක ඉන්දු - චීන නියැදියක් තුළ
සිදුවන ගතිකත්වන් ගැන නිවැරැදි මෙහෙයවීමෙන් හා තක්සේරුවක් ඇති කර
ගතහොත් පමණයි.
සාම්ප්‍රදායික කම්කරුවා වියුක්තව
මනෝමුලික කම්කරුවා ( තාක්ෂණික තත්ත්වයක් තුළ ) කම්කරුවා වේශනිරූපණය වු කළ, ඒ බහු රූපී කම්කරුවාට ධනපති
සුරාකෑම නොපෙනෙයි. නොදැනෙයි.
මෙවැනි තත්ත්වයක් අවබෝධය කර නොගන්නා තාක් කල් පෙරටුගාමීන්ට
මහපාරේ ලැග නරිවාදම ගෙන හැරීම හැර
අන් විසඳුමක් නැහැ.
@Nishantha Alwis