SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් සීඅයිඩීය

 

කට උත්තර ලබා ගෙන ඇතැයි වාර්තා වේ.

 

 

අනාවරණය වෙන ආකාරය⁣ට ඔහු ලබා දී ඇති කට උත්තරය මරේ මරුය. එය බඩ කොරවන තරමට හිනා යන කට උත්තරයකි. එසේම එම කට උත්තරය ගැන අපට ලැබී ඇති නිල නොවන එනමුත් විශ්වාසදායක තොරතුරු අනුව ⁣මේ ආකාරයෙන් ගලපා ගන්නට පුළුවන.

 

“…මා මට අයිති හෝකන්දර ගෙදර හිටියා.

 

මම හිටියේ තනියෙන්.ඒ දවසෙ නෝනාවත් පුතාවත් ගෙදර හිටියෙ නෑ

 

රෑ මට දැඩි ආතතියක් දැනුනා.මට මොනව වුනාද කියල මට මතක නෑ

 

මම මගේ මහගෙදර ගියා. ත්‍රීවිල් එකකින් ඒ ගෙදර කවුරුත් හි⁣ටියෙ නෑ. ඉස්සරහ ගේට්ටුව වහපු නිසා මම තාප්පයෙන් පැනල ජනේලයකින් ගෙට ඇතුළු වුනා. පස්සෙ මම තනියෙන් එහෙ හිටියා.ටවුම⁣ට ගිහිල්ල කෑම ගෙනැල්ල කෑවා.ත්‍රීවිල් වලින් එහෙට මෙහෙට ගියෙ.පස්සෙ මට ආරංචි වුනා මට වරෙන්තු කරල කියලා මම මගේ ටයි කෝට් සිලි බෑග් එකක දාගෙන ත්‍රීවීල් එකක මාතරට ආවා. ඇවිල්ල හෝටලයකට ගිහිල්ලා ඒවා ඇඳගෙන උසාවියට ඇවිල්ලා බංකුවෙ වාඩි වෙලා හිටියා….ආගිය තැන් අහාර ගත් හෝටල් ගමන් බිමන් ගිය ත්‍රීවිල් මොනවාදයි කියන්නට මට මතක නැත. මට කීමට ඇත්තේ එපමණය…”

 

දහ අතේ දිවුරන්නට ඕනෑ නැත.

මේ එම කට උත්ත⁣රයේ සංක්ෂිප්තයකි.

 

 

මුළු කට උත්තරයේම ඇත්තේ මේ ආකාරයේ විස්තරයකි. ඉන්ටඩික් පොලිස්පති වරයා දී ඇති කට උත්තරය ඩේසි ආච්චි ගල්කිස්ස උසාවියේ සාක්ෂි දෙමින් පැවසු මැනික් මල්ලේ කතන්දරයේ දෙවන කොටස බවට සිතා ගන්නට පුළුවන. එසේත් නැතිනම් මේ කට උත්තරය දුමින්ද සිල්වාගේ “මට මොනවත් මතක නෑ” කට උත්තරයේම දිගුවක් විය හැකිය.

 

 

කට උත්තර ගත්තේ සීඅයිඩී එකෙනි. ඉන්ටඩික් පොලිස්පති වරයා පවසන දේ ලියා ගන්නවා හැරෙන්නට හරස් ප්‍රශ්ණ අසා ⁣ඔහු පවසන තොරතුරුවල සත්‍ය අසත්‍ය බව තහවුරු කරගන්නට තරමේ කොඳු නාරටියක් තවමත් සීඅයිඩී එකේ නිලධාරීන්ට නැතිවාදැයි නොදනිමු.

 

ඒ නැති බැරියාවක් ඇත්නම් හේතු දෙක තුනක් ති⁣බේ. තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාලනය වන්නේ රාජපක්ෂවරුන්ගේ අදෘශ්‍යමාන හස්තයක්  වීම ඉන් එක හේතුවකි. අනෙක් හේතුව වන්නේ ජාජබ ආණ්ඩුවට මේ යන විදිය⁣ට වැඩි ආයුෂ⁣ නැති බවත් ඒ නිසා ආණ්ඩුවට කඩේ ගොස් ඊළඟ ආණ්ඩුවෙන් පරිප්පු කනවාට වඩා හිටපු පොලිස් ලොක්කා පවසන දේ ලියා ගැනීම හොඳ බවත් සීඅයිඩී මහත්වරුන්ගේ ඔළුවේ තියෙන නිසා වන්ටත් පුළුවන.

 

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති ඩබලද පොලීසියට කැමති විදියට රාජකාරි කරගන්නට ඉඩ දී ඇති බවද අමතක නොකළ යුතුය.

 

 

ටිරාන් අලස් ගේ සෙවනැල්ල තවමත් පොලිස් කාරයන්ගේ රාජකාරිය බිය වද්දාගෙන සිටීමද තවත් හේතුවක් බව සිතා ගන්නට හැකිය. එහිදී ටිරාන් අලස්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවට මේ වන විට මුළු රට පුරාම පැල වී ඇති අදහසකි. ඒ නිසාම සීඅයිඩීයේ මහත්වරු පමණක් නොවේ. පොලීසි⁣යේ සුනඛ අංශයේ බල්ලන් පවා ටිරාන් සර්ට විරුද්ධව කටේ කෙල බිඳුවක් බිම දාන්ටත් බය වී සිටී.

 

 

කෙටියෙන් කියතොත් මේ වන විටත් ආණ්ඩුව ටිරාන් අලස් සර් කෙරෙහි පවතින ලෙන්ගතු කම නිසාම ඔහු ගේ ආරක්ෂාවට  ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු දහ අටදෙනෙක් ආරක්ෂාව සපයා ඇති  බව පොලීසියේ ලොක්කන් ⁣හා පොඩ්ඩන්ට රහසක් නොවේ. ඒ බව නොදන්නේ ජාජබ ආණ්ඩුවේ කෙරුම්කාරයන් පමණි.

 

⁣ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් විසින් වැලිගම W 15 හෝටලය⁣ වැටලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ මිනීමරුවන් කණ්ඩායමක් යවන ලද්දේ ටිරාන් අලස් ගේ ඕනෑ කම නිසා බව දැන් මුළු රටම සැක කරයි. ඒ සැකය තහවුරු වන කරුණ ද තිබේ. අධිකරණයද ඒ සැකය දක්වා ඇත. නීතිඥවරුන්ටද ඒ ගැන රහසක්  තිබිය නොහැකිය. නීතිපති කාර්යාලයේ නිළමෙලාද ඒ පිළිබඳව දැනුවත් හෝ නොදැනුවත් විය හැක. සීඅයිඩී යේ මහත්වරුන් ඒ නිසාම ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබා දෙන ලද සුරංගනා කතා කට උත්තරය දේව භාෂිතයක් ලෙස සළකා සටහන් කර ගත යුතුමය. ඔහුගෙන් හරස් ප්‍රශ්ණ අසා තමන්ට කෙලවා ගන්නටද සීඅයිඩීයේ අහිංසක මහත්වරුන් කැමති නැති වීමද පුදුම වන්නට කරුණක් නොවෙි.

 

 

දේශබන්දු සර් පමණක් නොව ටිරාන් සර්ද  ආරක්ෂා කර ගැනීම සීඅයිඩීයේ පමනක්⁣ නොව ආණ්ඩුවේද වගකීමක් බව වටහාගෙන මේ හැම දෙනාම රාජකාරි කෙරෙමින් තිබෙන බව හුදී ජනයාද මේ වන විට වටහා ගෙන සිටී.

 

 

ආණ්ඩුවට තෝරා ගැනීම්  දෙකක් තිබේ. එකක් නම් දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව නඩු විභාගය ඉක්මන් කර  වරද කරුවන් හිරේ යැවීමය. නැත්නම් තව දුරටත් විහිළු සපයමින් නෝන්ඩි වෙනවාට වඩා වැලිගම W 15 හෝටලයේ සිද්ධිය තව දුරටත් ඇද ගෙන යාමට ඉඩ නොදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ලිපියක් යැවීම⁣ට නීතිපති වරයාට උපදෙස් දීමය.

 

මෙම නඩුවක් ඇසෙන්නට යන්නේ මාස තුනකට විතර දිනයක් බැගින් නම් අනුර කුමාර ජනාධිපතිවරයාගේ ධුර කාලයම නඩුව බැලවිමට ඉඩ තිබේ. නඩු විභාග ඉක්මන් කිරීමේ අධිකරණ ප්‍රතිසංස්කරණ වලින් තොරව  කුමන මිනී මැරිමක් හෝ හොරකමක් ඇල්ලුවාට වැඩක් නැත.

 

අප වැනි අය පමණක් නොව ජාජබට ප්‍රසිද්ධියේම බඩ බැඳගෙන සහාය දුන් පිරිස් පවා සමාජ ජාලයන්හි අඩා වැළපෙන අන්දම පෙන්වන්නේ හොරට නිදා සිටින ගොයියා නැගිටුවීමට හෙණ හතක් පිපුරුවත් බැරි බවය.

 

@ලොකු කුමා විසිනි.

 (ශ්‍රී ලංකා බ්‍රීෆ්/26 මාර්තු 2025)

නවතම ලිපි