SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උපාධිධාරීන් සඳහා රජයේ රැකියා දෙන බවක් තම රජය පවසා නැතැයි

කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසයි.

ඒ අනුව රජයේ රැකියා ලබා දිය හැක්කේ විසිතුන්දහසකට පමණක් බවද ඔහු කියා සිටියි.

 
484572496 10162905401897938 7620835765444038798 n

 

නමුත් රජය ව්‍යවසායකත්වය සඳහා මේ වසරේ අයවැයෙන් විශාල මුදලක් වෙන්කර ඇති බවත් ඒ හරහා පෞද්ගලික අංශයේ රැකියා වෙළඳපොළ සඳහා හැකියාව ඇති පුද්ගලයන් නිර්මාණය කරන බවත් ඔහු පවසයි.

 

 

රජයේ රැකියා තවදුරටත් ලබාදීමට නොහැකි බවත් පසුගිය ආණ්ඩුව රජයේ ආයතන සඳහා සේවකයන් පිරවීම හේතුවෙන් තවදුරටත් එහි ඉඩක් නැති බවද ඔහු පවසයි.

 

 

ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

 

කෙසේ වුවද  මාලිමා ආණ්ඩුව සිය මැතිවරණ සටනේදී පැවසුවේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් රැකියා අවස්ථා ලබා දෙන බවය.

 

 

නමුත් ඔවුන් බලය පැමිණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සම්පූර්ණ එකඟතාව පළකර ඇති අතර මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක් වන්නේ රාජ්‍ය අංශයේ පවතින රැකියාවලින් විශාල කොටසක් ඉවත් කිරීම වන අතර නව බඳවාගැනීම් සඳහා කිසිදු අනුමැතියක් ඔවුන් ලබාදී නැත.

 

 

මෙම ආණ්ඩුව තුළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් කිහිප දෙනෙක්ම අමාත්‍ය ධූර සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර, මන්ත්‍රී ධූර දරමින් සිටින අතර රටේ විධායකය වන්නේද අන්තරේ හිටපු කැඳවුම්කරුවෙකු වීම විශේෂත්වයකි.

 

නවතම ලිපි