SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔහු බටහිර අප්‍රිකාවේ  සියරාලියොන් අගනුවර වන ෆ්‍රීටවුන් වලින් බෝට්ටුවක නැගී

ලුන්ගි ගුවන් තොටුපලට යන්නේ ඉතා දුර ගුවන් ගමනක යෙදෙන්නට. එය ජීවිතයේ ඉතාම වැදගත් ගමනක්.

 

 

වසර 46 කට පසු සිය දරුවන්ට තම අක්මුල් පෙන්වන්නට මව්රටට පා තබන අග්‍රගන්‍ය ශ්‍රී ලාංකිකයා..

 

පැය 20 ක පමණ දිග ගමකින් පසු 2025 මාර්තු 24 දින ඔහු කටුනායක ගුවන් තොටුපලට පා තබන්නේ වසර 46 කට පසුව. සිය දෙමාපියන් සමග වසර 46 කට පෙර සියරාලියෝන්  වෙත යද්දී ඔහු වයස 16 ක පාසල් සිසුවෙක්.

 

ඔහු 20 වන වයසේ පසුවන ඔහුගේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් වන භාරතී හා ආන්නත් සමග ඔහු සිය උපන් බිමට පා තබන්නේ සිය දෙවන මව්බිම වන සියරාලියෝන් හි ගෞරවනීය පුරවැසියකු  ලෙස අභිෂේක ලබා. මේ ගුවන් ගමන ඔහුව වසර පනහකට එහා ඉතිහාසයකට ගෙන යාවී.  තම පියා උපන් බිම ගැන කොතරම් අසා තිබුනත්, වීඩියෝ දැක තිබුනත් එය සියැසින් දකීන්න්ට ඔවුන් අවුරුදු කීපයක් මැවූ සිහිනය දැන් තවදුරටත් සිහිනයක් නොවේ.

 

Erc7rTkXMAcJ QR

 

ඔහු බාලා අමරසේකරන්.

 ඔහු උපන්නේ ඉගෙන ගත්තේ යාපනයේ.

 

 

1970 දශකයේ දී ඔහුගේ දෙමාපියන් සියරාලියෝන් යනවා. එහි දී අධ්‍යාපනය ලබා ගණකාධිකාරියකු වන ඔහු යාපනයේ සිට එහි රැකියාවට ගොස් සිටි ගුරු පවුලක් දියනියක්, ෂර්මිලා විවාහ කර ගන්නවා. විවාහයෙන් පසු ඔවුන් කල සංචාරයකදී ඈත ගමක ගසක ගැට ගසා තිබූ චිම්පන්සි පැටවෙකු ඇස ගැටෙනවා. එය ඔහුගේ ජීවිත කතාව නොව සියරාලියෝන්යේ කතාවත් වෙනස් කරනවා.

 

images 1

 

මෙම චිම්පන්සි පැටියාගේ මව මරා මස් පිනිස විකුනා මේ පැටියා මුදලට විකිනීමට තබා තිබෙනවා. චිම්පන්සි මස් ගර්භනී මව් වරුන්ට පෝෂණය  ලබා දෙන බවට විශ්වාසයක් තිබීම නිසා හා ආර්ථික  අවශ්‍යතා නිසා මේ වන ජීවී විනාශය සිදු වෙනවා. ඇමරිකානු ඩොලර් 20 කට මේ පැටියා මිලදී ගත් අමරසේකරන්  යුවල ගෙදර ගෙනැවිත් හුරතලට දරුවෙක් ලෙස හදා වඩා ගන්නේ විශාල අපේක්ෂාවෙන්. ඔහුට බෘනෝ ලෙස නම් කරනවා.  ඒ ඉතිහාසයක් වෙනස් කරන ලොකු කතාවක ආරම්භයක්.

 

අනතුරුව සියරාලියෝන් හි චිම්පන්සියන්ට වන හානිය පිළිබද සංවේදී වූ බාලා මෙලෙස තව චිම්පන්සි පැටව් හත් දෙනෙකු බේරා ගන්නවා. ඒ අතර ඔහු චිම්පන්සි විනාශය ගැන රජය හා විවිධ පාර්ශව දැනුවත් කර ඔවුන්ගේ සංරක්ෂණය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ පිලිබද සංවේදී වූ සියරාලියෝන් රජය ඔහුට නගරයට ආශ්‍රිත වනාන්තරයක අක්කර හතලිහක් ලබා දෙන අතර ජාත්‍යන්තර රාජ්‍ය  නොවන සංවිධානයක් එයට ආධාර  කරන්නේ එක් කොන්දේසියක් ලෙස. ඒ බාලාට එහි වැඩසටහන්  අධ්‍යක්ෂ වන ලෙස දන්වමින්. ඒ අනුව ගණකාධීකාරී බාලා පරිසර සංරක්ෂණ  විද්වතකු වීමට අත්පොත් තබනවා. ඒ ටකුගම ච්ම්පන්සි අභ්‍යභුමියේ උපතයි.  ඒ හරියටම වසර 30 කට පෙර. ඒ ප්‍රදේශයේ ජලශයක ටකුයාමා නම් වූ මත්ශ්‍ය විශේෂයක් නිසා මේ නම ලැබී තිබෙනවා.

 

2006 05 27 IMG 1270 500x420

 

බාලාගේ කැපවීම හා ටකුගම සේවකයින්ගේ මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන අනුග්‍රහය නිසා අද ටකුගම ජාත්‍යන්තර ව ප්‍රකට චිම්පන්සි සංරක්ෂණ  මෙන්ම පරිසර සංරක්ෂණ  මධ්‍යස්ථානයක්. පරිසර  සංචාරක මධ්‍යස්ථානයක්. සියරාලියෝන්  රජය මෙන්ම ජාත්‍යන්තරව බාලා ඇගයිම් රාශියකට ලක් වී තිබෙනවා. සිවිල් යුද්ධය, එබෝලා වසංගතය, කොවිඩ් වසංගතය තුල බොහෝ අය සියරාලොන් ජාතිකයින් පවා සිය රට අත් හැර යද්දී, අමාරුම අවස්ථාව කදී ඔහු සිය බිරිද හා දරුවන් ලන්ඩනයට පිටත් කර සිය පරිසර ව්‍යායාමය වෙනුවෙන් ටකුගම චිම්පන්සි අභයභූමිය සුරකින්නට  එහි නතර වෙනවා.

 

WhatsApp Image 2017 10 19 at 7.29.36 PM 1

 

 

මේ වසරේදී ටකුගම චිම්පන්සි අභය භූමිය ට වසර 30 ක් සපිරෙන මොහොතේ ඇමරිකාවේ, එංගලන්තයේ, යුරෝපයේ හා අප්‍රිකාවේ රටවල් කිහිපයක එය සමරා බාලා අමරසේකරන් ජාත්‍යන්තරව ඇගයීම් රාශියකට ලක් වෙන අවස්ථාව ක ඔහුගේ ලංකා ගමන අතිශය වැදගත් වෙනවා.

 

bala 2 

 

2024/5 දී මාස කිහිපයක් ඔහු හා සමීපව ටකුගම චිම්පන්සි අභයභූමියේ ගත කිරීම නිසා මට ඔහු ගැනත් ඔහුගෙන් වනජීවී සංරක්ෂණය ට ලබා දී ඇති දායකත්වයත් ගැන අවබෝධ කරගන්න ලැබුනා. ඔහුගේ පියාගේ හොඳම මිතුරාවන "අමරසේකර" සිහිවෙන්න බාලාට "අමරසේකරන්" යන නම තබා තිබෙන්නේ. වනසතුන් හා වනාන්තර සංරක්ෂණය  වෙනුවෙන් කැපවූ මේ අව්‍යාජ මිනිසා ඇත්තෙන්ම සහජීවනයේ ජාත්‍යන්තර සංඛේතයක්'

 

බාලාට හා ඔහුගේ දරුවන් දෙදෙනාට මෙම සති දෙකක සංචාරය ආශිර්වාදයක්ම වේවා. අමරසේකරන් පවුල නිතර නිතර අපේ රටට සංචාරය කරාවි කියා අපි ප්‍රාර්ථනය කරනවා.

 

Bala with chimps

 

අසමානතා අතර සමානකම් රාශියක් ඇති අපේ රටවල් දෙක අතර රාජ්‍ය,සමාජ, සංස්කෘතික මෙන්ම වාණිජ ක්ෂේත්‍රය අතර සම්බන්ධකම් ගොඩ නගන්න බාල සැබැවින්ම ජනතා තානාපතිවරයෙක්.

 

(www.tacugama.com ගෙන් අභයභූමිය  ගැන වැඩි විස්තර , ජායාරූප හා වීඩියෝ ලබා ගත හැක)

 

@දිලාන්ත විතානගේ

හිටපු විශ්ව විද්‍යාල කථිකාචාර්ය හා හිටපු අමාත්‍යාංශ උපදේශක

 

(වැඩි විස්තර හා මාධ්‍ය හෝ අනෙකුත් හමුවීම් සදහා විමසන්න 0773219677)

නවතම ලිපි