මෙම වසරේ අයවැයෙන් රජයේ සේවකයින් සඳහා වන ප්‍රතිලාභ අඩු කිරීමට එරෙහිව
වෘත්තීය සමිති විසින් දියත් කරනු ලබන වර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ තවමත් අවදානමේ පවතින ආර්ථික යථාර්තයට බාධා ඇති විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද අඟහරුවාදා අනතුරු ඇඟවීය.
වාමාංශික පක්ෂයකින් බිහිවූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මංගල අයවැය මඟින් රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කළ අතර, රටේ දුර්වල වූ මූල්‍ය කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ අඛණ්ඩ උත්සාහයක් ලෙස දිගුකාලීන වරප්‍රසාද සඳහා ද ගැඹුරු කප්පාදුවක් සිදු කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෛද්‍ය සංගමයක් වූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තම දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් බදාදා සිට වැඩ වර්ජනයකට සූදානමින් සිටි අතර, ගුරුවරුන් ද වැඩ වර්ජනයන් ගැන සාකච්ඡා කරමින් සිටියේය.
කෙසේ වුවද රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය(GMOA) අද(04) සවස් වනවිට ප්‍රකාශයට පත්කළේ වර්ජනය හෙට(05) නොපවත්වන බවයි.
මේ අතර "ශ්‍රී ලංකාවේ තිරසාරභාවය සහතික කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය ප්‍රතිසංස්කරණවලට ඇලී සිටීම," බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පීටර් බෲවර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුම එය හඳුනා ගැනීම වැදගත් යැයි තමා සිතන බව පැවසූ බෘෘවර් ආදායම්වල සුළු වැඩිවීමක් සිදුකළ හැකි අවසාන අයවැය මෙය බව ද ප්‍රකාශ කළේය.
2022 දී ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල පුළුල් හිඟයක් ඇති විය.
ඩොලර් බිලියන 46 ක විදේශ ණය ගෙවීම පැහැර හැරීමෙන් වසරකට පමණ පසු, 2023 දී ලංකාව IMF වෙතින් ඩොලර් බිලියන 2.9 ක ඇපකර ණයක් ලබා ගත්තේය.
එතැන් සිට බලයට පත් වූ රජයන් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බදු වැඩි කර රාජ්‍ය වියදම් කපා හැර තිබිණි.
ඉදිරි වසර අඩු වේදනාකාරී වනු ඇති නමුත් රට ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කැපවී සිටිය යුතු බව බෲවර් මෙහිදී පැවසීය.
"මේ අවසාන විශාල තල්ලුවයි," ඔහු පැවසීය. "ඊට පස්සේ, ඉදිරියට යාම ගොඩක් පහසු වේවි."
ශ්‍රී ලංකාව සඳහා වූ ගලවා ගැනීමේ පැකේජයේ සිව්වන වාරිකය වන ඩොලර් මිලියන 334 ක් පසුගිය සතියේ IMF විසින් නිකුත් කරන ලද අතර, එහි ආර්ථික ප්‍රතිසංස්කරණ පොරොන්දුවලට අනුගත වීම පිළිබඳව ලංකා රජයට ප්‍රශංසා කළේය.
"ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ඵල දරමින් සිටින අතර ආර්ථික තත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ," IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
"උද්ධමනය අඩු මට්ටමක පවතී, ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් පවතී, සංචිත අඛණ්ඩව රැස් වෙමින් පවතී," ඔහු වැඩිදුරටත් පැවසීය.
"2025 දී යථා තත්ත්වයට පත්වීම දිගටම පවතිනු ඇතැයි අපි අපේක්ෂා කරනවා."