වසර 150 ක් ඉපැරණි මෙරට තේ කර්මාන්තයේ පවතින ක්‍රමවේදය වෙනස් කර
ඵලදායිතාවය මත තේ කර්මාන්තය පවත්වාගෙන යාමට කාලය එලඹි ඇති බව හේලිස් සමුහ වතු සමාගමේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක සහ වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදොරේ පවසා තිබේ.
රොෂාන් රාජදොරේ මෙසේ පවසන්නේ එම වතු සමාගම විසින් ඊයේ (01) දින නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි පැවති හොඳම තේ දළු නෙල්න්නිය තේරිමේ තරගයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු රොෂාන් රාජදොරේ කියා සිටියේ පැය 08 ක කාලයක් තේ දළු නෙලමින් ලබන වැටුපට වඩා ඵලදායිතාවය පදනම් කරගනිමින් වතු හාම්පුතුන්ගේ සංගමය මගින් රජයට ඉදිරිපත් කර ඇති යෝජනාවලිය ක්‍රියාවට නංවාලිම තුලින් දිනකට පැය කිහිපයක් තේ දළු නෙලිමෙන් වතු කම්කරුවෙකුට දැනට ලබාගන්නා වැටුපට වඩා ඉහල වැටුපක් ලබා ගැනිමට හැකියාව ඇති බවයි.
එම යෝජනාව අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර ඇති බවට තමන් විශ්වාස කරන බවත්, එම යෝජනාවලිය ක්‍රියාවට නංවන්නේ නැතිව වතු කම්කරුවන්ගේ වැටුප තවදුරටත් වැඩි කිරිමට තේ වතු සමාගම් වලට නොහැකි බවත් රොෂාන් රාජදොරේ පවසයි.
තවද දැනට ලෝක වෙළදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා ලැබෙන මුදලට වඩා රු 100 ක් වතු සමාගම් දරාගනිමින් වතු කම්කරුවන්ට වැටුප් ගෙවන බවත්, ඵලදායිතාවය මත වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමේ යෝජනාවලිය මෙරට තේ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමේ අරමුණින් සියළු දෙනාගේ අදහස් ලබාගෙන සකස් කල යෝජනාවක් බවද රොෂාන් රාජදොරේ වැඩිදුරටත් පවසයි.
@රංජිත් රාජපක්ෂ