# පෙබරවාරි 28 දා වොෂින්ටනය දෙදරයි......??
# දෙදෙනාගේ වචන හරඔය ලොවපුරා සජීවීව.....!
# මට උඹලගෙ කෑමත් එපා. සෙලෙන්කි පිටව යයි....??
# ට්‍රම්ප් සෙලෙන්ස්කි පන්නා දැමු බවටත් වාර්තා.....??
# ඔය තක්කඩියාගේ හොම්බට අනින්න ට්‍රම්ප් ට බැරිවීම ගැන කනගාටුයි. රුසියාව කියයි.
# සෙලෙන්ස්කි තනි නොකරන බව බ්‍රිතාන්‍ය හා කැනඩාව කියයි.??
# යුක්රේනය ලනුවක් ගිළලා. වසර දෙකකට පෙර රනිල්ගේ අනාවැකිය.....!
ට්‍රම්ප් අමුතුම ජාතියේ බඩුවකි. පත්වූ සැනින් කම් ඕ චිකාගෝ කියා එක පෑන් පහරින් තීන්දු 71 ක් ගත්තේ ලොවම මවිත කරමිනි.
" ඇමෙරිකාව විදේශිකයින් වක්‍රව ආක්‍රමණය කරලා. නීති විරෝධී සංක්‍රමණිකයන් පන්නනවා. ඇමෙරිකාව යළි ලෝකයේ ඉහළම ජාතිය බවට පත් කරනවා. අපේ මුදල් විවිධ අරමුණු මත ලෝකයට බෙදන වැඩේට තිත තියනවා. මගේ මුල් පාළන කාළේ කිසිම යුද්ධයක් පටන් ගත්තෙ නෑ. මෙවරත් මිනිස්සු මරණ මුදල් හා දේපළ කාබාසිනියා කරන යුද්ධ වලට සහාය දෙන්නෙ නෑ"
ට්‍රම්ප් ඡන්දයට පෙර මෙන්ම පසුව කීවේ ද එයය.
එහෙත් ඒ වනවිටත් ඩොලර් බිලියන 150 කට ආසන්න මුදලක් ඇමෙරිකාව විසින් රුසියාව හා යුක්රේන යුද්ධයට යුක්රේන සහායට වැය කොට තිබිණ. තවත් වාර්තා පෙන්වා දුන්නේ 2024 දී ඇමෙරිකානු සමාගම් අවි වෙළෙදාමෙන් ඩො. බිලි 425 ක් ඇමෙරිකානු ආර්ථිකයට උපයා දී ඇති බවය.
ඩිමොක්රටික් පක්ෂයේ පරාජය හා රිපබ්ලිකන්ලාගේ ජය යුක්රේනයට ගෙනාවේ අවිනිශ්චිත බවකි. ට්‍රම්ප් නාහෙට නාහන හා ගත් තීන්දු වෙනස් නොකරන හා ජනපතිවරණයේදී ඔහු දුන් ප්‍රතිඥා යුක්රේනය සසල කොට තිබිණ. එහෙත් ගනුදෙනුව කතාකර බේරාගැනීමට සෙලෙන්ස්කි වොෂින්ටන් ආවේය. ධවල මන්දිරයේ දී ඔහු ට්‍රම්ප් හා උප ජනපති වෑන්ස් හමුව පැවති අතර ඇමෙරිකාව එය සජීවෘව ලෝකයටම ප්‍රචාරය කළේය.
මෙම හමුවට පෙර ට්‍රම්ප් රුසියානු නායකයා හා දුරකතන සංවාද කිරීම හා යුද්ධය නතර කරන බවට ඉගි කිරීම මෙන්ම ඇමෙරිකානු ප්‍රබල දුත පිරිසක් සවුදියේදී රුසියානු පිරිසක් හමුවීම සෙලෙන්ස්කිට ඇල්ලුවේ නැත. ලෝක බලවතා රුසියාව බවට පත් කරන්නට ඇමෙරිකානු නව පාළනය කටයුතු කරන බව යුක්රේනයේ සැඟවුණු අදහස බවට පෙණින. සෙලෙන්ස්කි ඇමෙරිකාවට දොස්කීවේ එවැනි පසුබිමකය. ට්‍රම්ප් ද ප්‍රති උත්තර දෙමින් සෙලෙන්ස්කි නීති විරෝධී ඡන්ද නොතබන අයෙකු යයි කීය. යුක්රේන පාර්ලිමේන්තුව රැස්කල සෙලෙන්ස්කි ට්‍රම්ප් දැඩි ප්‍රහාරයක් දුන්නේ පාර්ලිමේන්තුවෙි 98% ක් සෙලෙන්කිට පක්ෂ බව ඔප්පු කරමිනි.
වොෂින්ටන් හමුවට මුල පිරුණේ එවැනි පසුබිමකය. සෙලෙන්ස්කිට ඔිනෑ වුයේ රුසියාවට එරෙහි යුද්ධයට ඇමෙරිකානු සහාය දිගටම ලබා ගැනීමට වුවත් ට්‍රම්ප්ගේ අරමුණ වුයේ සෙලෙන්සි සමග යුක්රේන ඛනිජ සම්පත් ඇමෙරිකාවට ලබාදෙන ඩො බිලියන 500 ක ගනුදෙනුව අත්සන් කිරීමය.
"ගිවිසුමෙන් යුක්රේනයට ආරක්ෂාව හා ඇමෙරිකාවට වාසි ලැබෙනවා"
ට්‍රම්ප් කියා තිබිණ. වොෂින්ටන් හමුවේ මුල් විනාඩි 27 ඉතා සුහදව ගිය එම සාකච්ඡාව යුදයක් බවට පත්වුයේ ඔබකතා කරන්නේ මොන විදියේ රාජ්‍ය තාන්ත්‍රික බවක් දැයි උප ජනපති වෑන්ස්ට සෙලෙනිස්කි වක්‍ර සරදමක් කිරීමත් සමගය.
ඇමෙරිකානු මාධ්‍ය ඉදිරියේ එසේ කීම නුසුදුසු බව වෑන්ස් කීමත් සමග එතෙක් තම හිතේ දරාගෙන සිටි බර හා පීඩනය සෙලෙන්ස්කි වෙතින් දෝර ගැලුවේ එය ගමේ වලියක් බවට පත් කරමිනි.
ලෝක බලවතා ඉදිරියේ වුවද සෙලෙන්ස්කි අත හැරියේ නැත. ඔහු ට්‍රම්ප් හා දිගටම ඇරගත්තේය. එය ලොවපුරා පිරිස් දුටුවේ යම් අදීන බවක් ලෙසය. "ඔබ තුන්වන ලෝක යුද්ධයට ලෝකය අදිනවා" ට්‍රම්ප් කෑගැසුවේය. අනතුරුව සෙලෙන්ස්කි එළවා දැමුණු බවට හා ධවල මන්දිරයේ දිවා ආහාර උඔලාම කාපල්ලායි කියමින් සෙලෙන්ස්කි පිටව ගිය බවට ද විවිධ වාර්තා එළිදුටුවේය.
"සාමයට කැමති නම් ධවල මන්දිරය ඔහුට යළි විවෘතයි"ට්‍රම්ප් මාධ්‍යට කියා තිබිණ.
"ඇමෙරිකවෙ නැතිව ඔබට රුසියාව හා යුද කල හැකිද" සෙලෙන්ස්කිගෙන් මාධ්‍ය ප්‍රශ්න කළේය."අමාරුයි. ඒක කතා කරගන්න තමයි මම ආවේ. ඒත්....???...රුසියාවයි අපේ රට ආක්‍රමණය කළේ" සෙලෙන්ස්කි කියා තිබිණ.
"මෙම හමුව ගැන රුසියානු විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශිකාව කීවේ අමුතු කතාවකි." ට්‍රම්ප් හා වෑන්ස් ඉවසුවා වැඩියි. ඔය තක්කඩියාගේ හොම්බට නොගහපු එකයි පුදුමේ" ඇය කීවාය.
මීට වසර දෙකකට පෙර හිටපු ජනපති රනිල් කීවේ "යුක්රේනය ලනුවක් ගිළලා" කියාය. යුක්රේනය තති නොකරන බව බ්‍රිතාන්‍ය හා කැනඩාව යම් ඉඟි පළ කොට තිබේ. ඊට තව රටවලින් ප්‍රතිචාර ලැබේද නැද්ද යන්න ඊලග ප්රශ්නය වේ.
"මේක යුරෝපය අවුලපු යුද්ධයක්" ට්‍රම්ප් පාළනයේ ස්ථාවරය යුක්රේනයට යුරෝපා රටවල් 27 ක සහාය ලැබීමට හේතුවිය හැකි බවද ට්‍රම්ප් යුරෝපයට 25% බදු පැනවීම යුක්රේනයට වක්‍ර ප්රතිලාභයක්වීමට තිබෙන ඉඩකඩ වැඩිය.
@අශෝක ජයතුංග
වොෂින්ටන් සිට.