SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටක අනාගත සෞභාග්‍යය තීරණය කිරීමේ වටිනාම සම්පත දරුවන් ය. පුංචි දරුපැටවුන්ගේ සිනහවෙන්

මේ මුළු මහත් විශ්වයටම ලැබෙන්නේ පවිත්‍ර වූ ආදරයයි. ඉතින් මේ සිනා මල් කැකුළු සුරක්ෂිත කරගනිමින් ඔවුන්ගේ නුවණැස ශක්තිමත් කිරීම අප සැමගේ පරම යුතුකමකි.

 

 

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අප කරන්නාවු සෑම ආයෝජනයක්ම ඔවුන්ගේ අනාගත සෞභාග්‍යය පිණිසම හේතු වේ. පුංචි දරුවන්ට ආදරණිය සිනා මල් මිටක් රැගෙන බෞද්ධ සහෝදරත්ව පදනම වන අප 2025 පෙබරවාරි මස 28 වන අද දින මහනුවර දඹවෙල කණිෂ්ඨ විද්‍යාලයට පැමිණියේ විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන ගමන් මඟට ශක්තියක් වීමේ පරමාර්ථයෙන් පාසල් පාවහන් හා ලිපි ද්‍රව්‍ය බෙදා දීම අරමුණු කොට ගෙනයි.

 

 

පාසලේ සියලු දරුවන් එක්ව බෞද්ධ සහෝදරත්ව පදනමේ නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ, ආචාර්ය ශර්මිලා මිල්රෝයි ඇතුළු කාර්ය මණ්ඩලය සහ ආරාධිතයන් වු නයනා ධම්මිකා, මයෝමි කොටුවෙගෙදර මහත් හරසරින් ගෞරවයෙන් පිළිගනු ලැබීය.

 

විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ දරුවන්ගේ දෑස් තුළ වුයේ අව්‍යාජ වු සතුටයි. උත්සව ශාලාවට ඇතුළු වීමට පෙර දරුවන් විසින් සැකසු නිර්මාණශිලී මල් සැරසිලි පැමිණි අප සියලු දෙනාටම සෙනෙහසින් පිළිගන්වනු ලැබීය.

 

බෞ 6

 

පාසල් භූමිය හරිත වර්ණයෙන් පොහොසත් සේම මේ කුඩා පාසලේ දරුවන් දැනුමෙන් හා ගුණධර්මයන්ගෙන් ද මැනවින් පොහොසත් ය. දරුවන් විසින් මල් වලින් සැරසු පොල්තෙල් පහන් සිළු දැල්විමෙන් පසු උත්සව ශාලාවේ වැඩ කටයුතු ආරම්භ විය.

 

පාසල් ආචාර්ය මණ්ඩලය, පාසල් දරුවන් හා දෙමව්පියන් සහ බෞද්ධ සහෝදරත්ව පදනමේ කාර්ය මණ්ඩලය හා පැමිණි ආරාධිත අමුත්තන් පිළිගනිමින් විද්‍යාලයේ විදුහල්පතිතුමා පැවසුයේ, පාසල් දරුවන්ගේ අධ්‍යාපන ගමන් මඟට සවියක් වෙමින් මේ කරන්නාවු මහඟු සේවය අගය කරන බවත් එතුමා ඒ සඳහා බෞද්ධ සහෝදරත්ව පදනම් නිර්මාතෘ දමෙන්ද පෝරගේ මහතාට හා කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වන බවත් ය.

 

බෞ 5

 

උත්සව සභාව ඇමතු ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා පැවසුයේ, දරුවන් ඉතා හොඳින් තම අධ්‍යාපනික ජිවිතය ජයගත යුතු බවත්, දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා භාවිතය හොඳ මට්ටමක පවතින බවත්, එය තවදුරටත් වර්ධනය කරගනිමින් හෙට ලෝකය මේ දරුවන් දිනාගත යුතු බවයි.

 

ඉන්පසු ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා, ආචාර්ය ශර්මිලා මිල්රෝයි මැතිණිය ඇතුළු පැමිණි සිටි විද්වත් ආරධිත අමුත්තන් විසින් පාසල් දරුවන්ට අවශ්‍ය පාවහන් හා ලිපි ද්‍රව්‍ය බෙදා දෙනු ලැබීය. සෑම දරුවෙක්ම පාහේ ඉතා සතුටින් ස්තුතිවන්ත වූ අතර ඔවුන් තුළ පැවති සුහදශිලි බව අගය කළ යුතුමය.

 

බෞ 4

 

උත්සව සභාව ඇමතු ආචාර්ය ශර්මිලා මිල්රෝයි මැතිණිය විශේෂයෙන්ම දෙමාපියන් අරඹයා පැවසුයේ සෑම දරුවෙක්ම සුවිශේෂි බවත්, ඔවුන් එකිනෙකට වෙනස් වු ශක්‍යතාවන්ගෙන් පරිපූර්ණ බවත් ය. එබැවින් එක් එක් දරුවන් සංසන්දනය කරමින් දරුවන් පීඩනයට පත්කරන දෙමාපිය භුමිකාවන්ගෙන් ඉවත් වී දරුවා පිළිබඳ මනා අවබෝධයකින් යුතුව දරුවාගේ අධ්‍යාපන ජිවිතයට ශක්තියක් වන ලෙස එතුමිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

 

අද දිනයේ තම පාසලට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය හා සිසු දරුවන්ට තිළිණ කළ පාවහන් සඳහා ස්තුතිවන්ත වෙමින් සිසු දරුවන් දෙදෙනෙක් සභාව ඉංග්‍රීසි හා සිංහල භාෂාවෙන් ආමන්ත්‍රණය කළ අතර ඔවුන් පැවසුයේ හොදින් අධ්‍යාපනය ලබා රටට වැඩදායි පුරවැසියන් වන බවයි. එසේම පැමිණ සිටි දෙමාපියන් පැවසුයේ දුෂ්කර ආර්ථික කාල පරිච්ඡේදයක් ඇති තත්ත්වයක මෙවැනි උතුම් පරිත්‍යාගශීලි සේවාවන් උදෙසා බෞද්ධ සහෝදරත්ව පදනමට ස්තුතිවන්ත බව බවයි.

 

සැබවින්ම ඉතා සතුටුදායි අව්‍යාජ වු සත්කාර හා ස්තුතිවන්ත වීම් මතින් උත්සවය අවසන් විය. බෞද්ධ සහෝදරත්ව පදනම වන අපගේ පරමාර්ථය වන්නේ මෙවන් දු දරුවන් බොහෝ පිරිසකට තව තවත් ඔවුන්ගේ අධ්‍යාපනික ගමන් මඟට සවියක්, ශක්තියක් වීමයි. දිනක මේ ශක්තිය අනාගත ශ්‍රි ලංකාවේ සෞභාග්‍යයට අනිවාර්යයෙන්ම බලපානු ඇත.

 

බෞ 7 

සහෝදරත්වයෙන් එක්වෙමු.

@බෞද්ධ සහෝදරත්වය පදනම

 

බෞ 2බෞ 4

නවතම ලිපි