SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ(28) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඇණවුම් කටයුතු නවත්වන බවට

ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය කළ නිවේදනයකින් පසු සවස් කාලයේ සිට කොළඹ ඉන්ධන පිරවුම්හල් කිහිපයක පෝලිම් දක්නට ලැබුණි. 

 

po 2

 

මෙම තත්වය ඉන්ධන අඩුවක් නිසා සිදුවූවක් නොවන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේදීද මුලින්ම නිර්මාණය වූයේ මෙවැනි තත්වයක් බව විචාරකයින්ගේ මතය වේ.

 

 

කෙසේ වුවද ඊයේ හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ මේ ආණ්ඩුව වැටටවීමට ආර්ථිකය  සාධකයක් කරගන්නට නම් අවස්ථාවක් නොලැබෙනු ඇති බවය.

 

 

ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලන සමයෙන්  ලත් අත්දැකීම් හරහා මේ ආණ්ඩුව ජනතාව සහ ඔවුන්ගේ උවමනාවන් මෙන්ම මෙම උවමනාවන් දඩමීමා කරගත් රටතුළ, කලාපීය සහ ලෝක දේශපාලන උවමනාවන් සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවත් දේශපාලන විචාරකයින් පවසයි.

 

po 7

 

‌තත්වය කොතෙක් තේරුම් ගෙන සිටියද රාජ්‍ය සේවයේ නිළධාරී ව්‍යූහය විසින් ඇතිකරනු ලබන තත්වයන්ට මුහුණ දීමේදී ආණ්ඩුවේ අසමත්කම් ගැනද වැඩි අවදානයක් ලබාදිය යුතු බව විචාරක මතය වී ඇත.

 

 

මේ අතර ගෝල්ෆේස් අරගලයේ සැමරුමක් සංවිධානය කිරීමට අරග‌ලයේ මුල් පෙළ නායකයින්ව සිටියායැයි සැලකෙන රැට්ටා, දානීස් අලී ඇතුළු කිහිප දෙනෙකුගේ සූදානමක් පිළිබඳවද ආරංචිමාර්ග ලැබෙමින් පවතී.

 

 

මෙම අරගලයේ බොහෝ මුල්පෙළ ක්‍රියාකාරීන් පසුගිය කාලය තුළ රැඳි සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ වන අතර තවත් පිරිසක් හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ගේ කාර්යාලයේ රැඳී සිටි බවටද මාධ්‍ය වාර්තා පළව තිබුණි.

 

@සමාරා පරණවිතාන

ඡායාරූප: නිසල් බදුගේ (ඩේලි මිරර්)

po 7

po 2po 3po 4po 5po 6po 8

po 3

නවතම ලිපි