SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්වයං රැකියාවල නියැලෙමින් ඩොලර් ආදායම් උපයන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඔවුන් උපයන

ආදායමට නව බදු මුදලක් අය කිරීමට රජය ගෙන ඇති තීරණය ඉතා බරපතල ප්‍රතිඵල ගෙන එන්නට සමත්වනු ඇතැයි හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

 

 

දැනට වාර්තාවන පරිදි විදේශයන්ට සේවා සපයා මෙරට සිට උපයන මුදල්  සඳහා 15% නව බද්දක් අය කිරීමට නියමිත බවත්, මීට වසර දෙක තුනකට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකට බංකොළොත් බවට පත්වී රට බින්දුවට වැටුන අවස්ථාවේ මෙරට ආර්ථිකය නගා සිටවන්නට අවශ්‍ය ඩොලර් ගෙන්වා ගැනිමට විදේශයන්ට සේවා සපයන මෙම ස්වයං රැකියාවල නියැලෙන්නන් විශාල මෙහෙයක් කල බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

 

'' රට බංකොළොත් වෙලා තෙල්, ගෑස්, බෙහෙත් නැතිව ජනතාව අමාරුවේ වැටුන වෙලාවේ රටට අවශ්‍ය ඩොලර් එවන්න විදෙස් ගත ශ්‍රමිකයන් පියවර ගත්තා. ඒවගේම තමයි ලංකාවේ සිට විදේශයන්ට සේවාවන් සපයන පිරිස් රටට අවශ්‍ය ඩොලර් ගෙන්වා ගත්තා . ඒ වෙලාවේ අපි රටට ඩොලර් එවන අය වගේම විදේශයන්ට සේවා සපයලා ඩොලර් ගෙන්වා ගන්න අයටත් විශේෂ පහසුකම් සපයන්න කටයුතු කළා .

 

ඒ අනුව තමා බින්දුවට වැටිලා තිබුන රට ගොඩ ගන්න හැකි වුනේ. තෙල් ගෑස් බෙහෙත් පෝළිම් නැති කරලා රට ගොඩගන්න හැකි වුනේ මේ අයගෙන් ලැබුන ඩොලර් වලින්. ඩොලර් මිලියන 20 ක් නොතිබුන රටේ ඩොලර් බිලියන 6 ක් ඉතුරු කරලා යන්න අපිට පුළුවන් උනේ මේ විදියට ගෙන්වාගත්ත ඩොලර් වලින්. ඩොලර් බිලියන 13 ක් ප්‍රේෂණ විදියට එව්වේ මේ උදවිය තමා . මේ උදවිය එවන ඩොලර් වලට බද්දක් පැනවීම මගින් ආණ්ඩුව මේ උත්සහ ගන්නේ රටට ලැබෙන ඩොලර් නැතිකර ගන්න.

 

අපි ආණ්ඩුවට කියනවා මේ  රට නැවත වට්ටන්න කටයුතු කරන්න එපා කියලා. අපි මේ රට වැටුන වෙලාවේ ගොඩගත්තා. ඒ වගේම තමයි නැවත රට වැටෙනවා දැකලා සතුටු වෙන්න තරම් අපි කුහක නෑ. එදා රටට ඩොලර් එවන්න එපා කියලා කියපු කණ්ඩායම අද බලයේ හිටියත් අපි කියන්නේ මේ රටට ඩොලර් එවන්න කියලා. ඒ වගේම රටට ඩොලර් එවන අය අධෛර්ය කරන, ඒ අයට බාධා කරන මේ වගේ බදු අය කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.

 

ඉදිරියට එන්නේ ඩිජිටල් ආර්ථිකයක්. ඒ ආර්ථිකය දියුණු කරන්න සහය නොදී මේ ආකාරයෙන් කටයුතු කිරීම එතරම් සුබ දායි නෑ. මේකේ අහිතකර ප්‍රතිඵල ඉක්මනටම දැක ගන්න ලැබෙයි . ඒ නිසා මේ තීන්දුව ආපසු හරවන ලෙස අපි ඉල්ලා සිටිනවා".

 

 

නවතම ලිපි