හරිහමන් විධිහට පත්වීමක්වත් කරගන්න බැරි යැයි දොස් කියනා අයට
හික් ගෑවෙන උත්තරයක් ආණ්ඩුවෙන් දී තිබේ.
ඒ චන්දන සූරියබණ්ඩාර ජනාධිපති මාධ්‍ය උපදේශක කිරීම මගිනි.
මට මේ සමග තවත් අතීත පත්වීම් දෙකක් සිහිපත් වෙයි.
පළමුවැන්න මෛත්‍රීපාල සිරිසේන තම ලේකම් ලෙස අබේකෝන් පත්කර ගැනීමය.
දෙවැන්න චමුදිත තම මාධ්‍ය උපදේශක ලෙස පත්කර ගැනීමය.
මෛත්‍රී බලයට ගෙන ඒම පිණිස දැවැන්ත වැඩකොටසක් කල පුරවැසි බලය වැනි සංවිධාන මාධ්‍ය උපදේශක පත්වීම ගැන ඇසූවිට ලැබී තිබුනේ අතිශය තාර්කික උත්තරයකි.
"ඔහෙලා මාව ආරක්ෂා කරන්න එන්නෙ නෑනෙ. මං ඒකට සුදුසු කෙනෙක්ව පත්කලා"
ඉහත පත්වීම් දෙකම තර්කානුකූල බව ඉක්මනින්ම රට දැනගත් බව කීම සෑහෙයි.
අපේ වැඩට මිනිහෙක් උවමනායේ-තොපිට කහනවද මට මේ මනායේ
කියා අපේ ගම්වල අය කියති.
මට මේ සමග නාට්‍ය ජවනිකාවක් හිතේ ඇඳෙයි. ඒ මෙසේය.
උපදේශක- යුෂ්මතා ඉන්නේ ගාල්ලේය, තමන්ට ඉක්මනින්ම කොළඹ ඒමට අවශ්‍යය. එන සැටි කියව.
උපදෙස් ලබන්නා-
ගාල්ල තියෙන්නෙ ගාල්ලෙ, ඒ කියන්නෙ මාගාල්ල කිට්ටුව. මාගාල්ල කිට්ටුව වුණාට ගාල්ලෙ මාගල් නෑ. ගාල්ලෙ තමයි ගාලු කොටුව. ඒ උනාට පිටකොටුව තියෙන්නෙ කොළඹ කොටුවෙන් පිට. ගාල්ලෙ ඉඳලා කොළඹට ඉක්මනින්ම එන්න නම් කරන්න ඕනැ මත්තලට ගිහින් ප්ලේන් එකේ කටුනායක ඇවිත් එතනින් පුත්තලමට ගිහින් අධිවේගයේ කොළඹ එන ලක්ෂරි බස් එකක එන එක.
කොන්ත නෝනා මිරිස් ගල සේදූ වතුරෙන් පස්ස හෝදන්නට ගියාය. ඒක දැක ඒකිගේ වාහේ බොල ඔය මිරිස් වතුර කියූ විට ඇය දුන්නේ ඉතිහාසගත උත්තරයකි.
බං වාහේ කොන්ත නෝනගෙ සුක කොන්ත නෝනට ඕන හැටියට!