SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිර්මාල් රංජිත් දේවසිරි ජාතික ජන බලවේගය වෙනුවෙන්

කොන්දේසි විරහිතව පෙනී සිටි මහ ඇදුරෙකි.

 

 

ඔහු ජනාධිපතිවරණයට බොහෝ පෙර සිටම කියමින් සිටියේ හරිනි අමරසූරිය ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවය.

 

 

කෙසේ වුවද මාලිමා රැල්ල අනුර කුමාර දිසානායක වෙත හැරෙන විට නිර්මාල්ද අනිකුත් රැල්ලට හසුවූ මධ්‍යස්ත මතධාරීන් මෙන්ම අනුර ආකර්ශනයට එක්වූහ. ඒ වෙනුවෙන් කව් ගී ගැයූහ. සත්‍ය ලෙසම ඒ මොහොතේ එය අගය කළ යුත්තකි.

 

 

මේ වනවිට ජාතික ජන බලවේගය ආණ්ඩු බලය සහ විධායක බලය ලබාගෙන ඇත.

 

ආධුනිකත්වය හෝ විපක්ෂයේ භූමිකාවේ දශක ගණනාවක් රැඳී සිටීම මෙන්ම ප්‍රභූ සමාගමයට ආධුනිකයින් වීම නිසා හෝ ජාජබයට එල්ලවන චෝදනා විරෝධතා සහ ප්‍රශ්න කිරීම් හමුවේ ස්ථිරසාරව පෙනී හිඳීමේ හැකියාව ඔවුන් තවමත් ප්‍රගුණ කර නැත.

 

මේ නිසා ජාතික ජන බලවේගයට මේ මොහොත අසීරු වී ඇත.

 

 

ඒ අසීරුතාව මැද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාද විවිධ දහංගැට ගසමින් සිටින බව පෙනේ. එසේම ජවිපෙ ප්‍රතික්ෂේප කරනා ලිබරල්වාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පෙම් බඳින දේවසිරි වැන්නන් තම යටිබිම්ගත කර ඇති අභිප්‍රායයන් මේ මොහොතේ උත්කර්ෂයට ගෙන ඒමට වෙර දරමින් ඇත.

 

 

ඔවුන් සත්‍ය ලෙසම ජවිපෙ පාලන බලය ගැනීමට මෙන්ම ජවිපෙ පාලනයකටද තරයේ විරුද්ධ වන්නන් වේ.

 

පහත සටහන නිර්මාල් රංජිත් දේව‌සිරි විසින් රචනා කරන ලද්දකි.

ඔහුගේ යෝජනාව මෙන්ම ජවිපෙ පාලනයට  එරෙහි චෝදනාවද මෙහි ගැබ්ව ඇතැයි සිතිය හැකිය.

කල දුටු කළ වල ඉහගන්නට මාන බලනවා යැයි කියන්නේ මේවාටදැයි ද සිතේ.

 

 

හරිනි අමරසූරිය ඇයි? - (නිර්මාල් රංජිත් දේවසිරි)

 

මා සිතන ආකාරයට දැනට ලංකාවේ දේශපාලනයට අනාගතයේදී නායකත්වය සැපයීම සදහා පූර්ණ විභවයක් ඇති චරිත ඇත්තේ දෙකකි. එකක් චම්පික රණවකයි. අනෙක හරිනි අමරසූරියයි. චම්පික මගේ දේශපාලන පරමාදර්ශවලට නොගැලපෙන බැවින් මම අනුමත කරන්නේ හරිනි අමරසූරියගේ නායකත්වයයි.

 

ඉදිරියට ලංකාවේ දේශපාලනය තුළ ප්‍රබල නායකත්ව හිඩැසක් ඇතිවේ. දැන් දේශපාලන ප්‍රධාන ධාරාවේ සිටින බොහෝ දෙනෙකුට මේ හිඩැස පිරවීම දුෂ්කරය. රාජපක්ෂ කදවුරට සිටින්නේ නාමල් රාජපක්ෂ වන අතර “යූඇන්පී“ කදවුරට (මා යූඇන්පී යන වචනය මෙහිදී පාවිච්චි කරන්නේ වැරදීමකින් නොවන බව සලකන්න) ඇත්තේ සජිත්ය. “වාමාංශික“ කදවුරට ඇත්තේ අනුර කුමාරය. මේ තිදෙනාටම සීමාවන් ඇත. ඒ තිදෙනාම මගේ අදහසට අනුව පූර්ණ නායකත්වයන් නොවේ.

 

මේ තිදෙනාගේම සීමා ජයගෙන ඇති චරිතය වන්නේ චම්පික රණවකයි. නමුත් චම්පික රණවකට විකල්පයක් අවශ්‍ය වේ. පාර්ශව දෙකකින් එවැනි විකල්ප යෝජනා වෙතැයි සිතිය හැකිය. එක් පාර්ශවයක් වන්නේ ජාතිකවාදී පාර්ශවයයි. දැනට අධිපති ජාතිකවාදී කතිකාව චම්පිකට විරුද්ධ නිසා චම්පිකට විකල්ප ජාතිකවාදී නායකත්වයක් වෙත යොමුවීමට උත්සාහ කරනු ඇත. ඒ සදහා ඈතින් හෝ සිටින්නේ ගෙවිදු කුමාරතුංගයි. නමුත් ඔහු චම්පිකට මුහුණ දීමට ප්‍රමාණවත් නැත.

 

අනෙක් අතින්, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී යැයි මා හැදින්වීමට කැමති පාර්ශවයටද චම්පිකට විකල්පයක් අවශ්‍ය වේ. දැනට අනුර කුමාර ඇතත් අනුර ගේ දේශපාලන ආමන්ත්‍රණ හැකියාව සීමිතය. විශේෂයෙන් ආණ්ඩුකරණය සදහා සලකා බැලීමේදී ඔහුගේ ආමන්ත්‍රණයේ සීමා පවතී. මේ සීමා ජයගත හැකි විභවය විශාල වශයෙන් හරිනි අමරසූරියට ඇත. ඇත්ත වශයෙන්ම චම්පික රණවකට වඩා විශාල විභවයක් හරිනි අමරසූරිය සතුව ඇත.

 

සටහන -  Nirmal dewasiri fb page

නවතම ලිපි